
නැගෙනහිර චීන මුහුදේ මේවනවිට පවතින භූදේශපාලන තත්ත්වයට බලපෑම් කිරීමට ගන්නා ඒකපාර්ශවීය උත්සහායන්වලට විරුද්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය සඳහන් කරයි.
චීනය ඉන්දු-ශාන්තිකර කලාපයට තුළ හිතුවක්කාරි ලෙස හැසිරෙන බවට ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ කලාපීය මිත්‍ර රටවල් චෝදනා කරයි. නැගෙනහිර චීන මුහුදේ භූදේශපාලනික ස්ථාවරත්වය තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ස්ථාවරත්වයට බෙහෙවින් වැදගත් බව ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් අවධාරණය කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඉකුත් බදාදා ජපානයේ සංචාරයක නිරත වෙමින් ජපානයේ උප විදේශ අමාත්‍ය මොරි ටකියෝ මුණ ගැසුණේ ය. ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා එහිදි දකුණු කොරියාවේ පළමු උප විදේශ අමාත්‍ය චෝයි ජොන්ග් කුන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ආර්. ෂර්මන් උප විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ අතර ඔවුන් තිදෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බව ද වාර්තා විය.
දේශගුණික විපර්යාස, වසංගතයට ප්‍රතිචාර දැක්වීම සහ ආර්ථික අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සහ සාර්ථව ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම යනාදී 21 වැනි සියවසේ ගෝලීය අර්බුදවලට විසඳුම් සෙවීමට රටවල් තුන සහයෝගයෙන් කටයුතු කරන බව ඔවුහු තිදෙනා මෙහිදි අවධාරණය කළහ.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්වලින් එල්ල වන තර්ජනය සම්බන්ධයෙන් ද මෙහිදි මොවුන් තිදෙනා සාකච්ඡා කර ඇත.
නිදහස ආරක්ෂා කිරීම, ආර්ථික අවස්ථා, මානව හිමිකම් ආරක්ෂා කිරීම, සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම යනාදි බෙදාහදාගත් වටිනාකම් මත පිහිටා ඉන්දු-ශාන්තිකර කලාපය තුළත් ලෝකය පුරාත් සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සාකච්ඡා පවත්වා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිතුවක්කාරකම් කරන්න චීනයට ඉඩ දෙන්නේ නෑ
gampila Monday, 26 July 2021 04:54 PM
මේ වෙනකන් මානව හිමිකම් පයින් පාගාගෙන මුළු ලෝකයම බිය වද්දමින් හිටපු ධනවාදී රටවල තමයි අද චීනයට විරුද්ධව මානව හිමිකම් ගැන මොරදෙමින් චීනයට විරුද්ධව ආසියාවේ ජනමතය, බලය හිඟාකන්නේ... මේකට ඉරිසියාව, වෛරය කියලත් කියනවා.