
අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත.
කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක්‍රියා කළ, නිල් චිත්‍රපට නිළි, ස්ටෝමි ඩැනියෙල්ස් මුදල් දී නිහඬ කළේ යැයි යන චෝදනාව ට්‍රම්ප්ට එල්ල වී තිබේ.
නඩු පැවැරීම සිදුවනු ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.
ට්‍රම්ප් 2016 දී ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ඇයට ලබා දෙමින් යැයි අනාවරණය වී ඇත.
ඒ අනුව, අපරාධ චෝදනා එල්ල වුණු පළමු හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරයා වනු ඇත්තේ ද ඩෙනල්ඩ් ට්‍රම්ප්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ එහෙම වුණාට, ලංකාවේ ඉන්නවා... ඕනේතරම් අපරාධ, චෝදනා එල්ල වුණු හිටපු සහ වත්මන් ජනාධිපතිලා...
Nobody is above the in the US. Trump has few more indictments pending.