මුදල් ඇතැයි සිතා සොරාගනු ලැබූ ගමන් බෑගයකින් කුඩා පිරිමි දරුවකු සමුවීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ චත්‍රපටි ෂිවාජි දුම්රිය ස්ථානයෙන් පිටත්වූ දුම්රියකට නැගුණු පදික වෙළෙන්දෙකුට මෙම බෑගය දුම්රිය මැදිරියක තිබී හමුව ඇති පොලිසය පවසන ආකාරයට ඔහු එහි තිඛෙන්නේ යැයි සිතා ඇත්තේ මුදල්ය.
ඊළග නැවතුමෙන් බැසගෙන ඇති ඔහු බෑගය විවෘත කර බැලීමේදී එතුළින් කුඩා දරුවෙකුගේ අතක් පිටතට පැමිණෙනු දැක බියවී පලා යෑමට උත්සාහ කර ඇති අතර එවිට එතැනට පැමිණි දුම්රිය පරීක්ෂකයෙකුගේ ග්‍රණයට හසුව තිබේ.
දරුවාත්,‘සොරාත්‘ යන දෙදෙනාම පොලිසිට භාරදීමට දුම්රිය ස්ථානයේ සේවකයින් කටයුතු කර තිඛෙන අතර සොරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මගින් දරුවා හමුවූ ආකාරය හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
සති 2ක් පමණ වයස් වන දරුවා රෝහල් ගත කර සිටී.
බෑගය සොරකම් කළ නිසාවෙන්ම කුඩා දරුවාගේ දිවි ගැලවී තිඛෙන බව වෛද්‍යවරුන් කියයි.ඔවුන් පවසන්නේ තවත් වේලා දරුවා බෑගයේ සිරවී සිටියේ ඔහු මිය යන්නට ඉඩ තිබූ බවයි.
දරුවා දුම්රිය මැදිරියේ තැබූයේ කවුරුන්දැයි සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දරුවට ඉන්දියාවේ ජිවත් වෙන්න වාසනාව/අවාසනාව තිබුණු නිසයි මෙහෙම දෙයක් සිද්ද උනේ (දී)
පිං දරුවා (දී)
පුංචි දරුවෙකු ජිවිතයට හානියක් නොවුන එක වාසනාවක් (දී)
ඒ දරුවට ජිවත් වෙන්න වාසනාව තිබුණු නිසයි මෙහෙම දෙයක් සිද්ද උනේ (අ)
දරුවගේ වාසනාව තමයි.(නදී)
පොඩි එකාගේ වෙලාව.(නදී)
වාසනාවන්ත දරුවෙක්.(නදී)