යුක්රේන රජය සහ විපක්ෂය අතර සති ගණනාවක් තිස්සේ පවතින දරුණු ගැටුම් අවසන් වී, කඩිනමින් සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් වතිකානයේ ශාන්ත පීටර් චතුරස්‍රයේදී, ෆ්‍රැන්සිස් පාප්තුමන් මුදා හළ සාම පරෙවියෝ දෙදෙනෙක් අකරතැබ්බකට මුහුණ දුන්හ.
පාප්තුමන් දේව මෙහෙයෙන් පසු, දරු දැරියන් ද පිරිවරා ගෙන සඳලූ තලයේ සිට එම පරෙවියන් මුදා හළ අවස්ථාවේ, අහසේ සැරිසරමින් සිටි මුහුදු ලිහි‚යෙක් පැමිණ පරෙවියන් දෙදෙනාට පහර දීමට පටන් ගෙන ඇත.
එම අවස්ථාවේදී රැස්ව සිටි දහස් ගණනක් දෙනා 'අනේ අපොයි' කියමින් පරෙවියන් දෙදෙනා මුහුදු ලිහි‚යාගෙන් බේරා ගැනීමට කෑ කෝ ගැසූහ.
කෑ කෝ ගැසීමෙන් පරෙවියන් දෙදෙනා තව තවත් කලබල වී, පණ බේරා ගෙන පියඹා යෑමට උත්සහ කරද්දී, එතැනට පැමි‚ කාක්කෙක් මුහුදු ලිහි‚යා එළවා පරෙවියන් දෙදෙනාට කොටන්න විය. කෙසේ නමුත් අවසානයේදී මුහුදු ලිහි‚යාගෙන් සහ කාක්කාගෙන් බේරී යෑමට පරෙවියෝ දෙදෙනා සමත් වූහ.
(ඩේලිමේල් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදෙයි කොලා ! (නදී)
පාප්තුමනි මේ විදිහට අනිත් රටවල් ගැනත් හිතන්න.(නදී)
ඒකියන්නේ සාමය ඇති වනවාට අකමැති පාර්ශව දෙකක් ඉන්නවා. (අ)
ඒකියන්නේ සාමය අතලගයි (දී)