ස්පාඤ්ඤ වැසියන්ගේ වාර්ෂික සාම්ප‍්‍රදායික රජ තුන් කට්ටුවේ අශ්ව රිය පෙරහැර මෙවරත් උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
රජවරුන් ලෙස ඇඳ පැළඳ සිටින තුන් දෙනෙක් ඔටුවන් පිට නැගී ගමන් ගනිතියි. ඊට පසුපසින් ගිනි බෝල කරුවෝය, විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන් හැඩ ගන්වා ඇති රිය පෙළක් ගමන් ගනි.
ස්පාඤ්ඤයේ සෑම වීදියකම සංචාරය කරන මෙම රිය පෙරහරේ ගමන් ගන්නා අය රසවත් පැණිරස කැවිලි පොකුරු පිටින් අවට නරඹන්නන් දෙසට විසි කරනු ලැබේ.
ජේසු බිළිඳුන්ගේ උපත පිළිබඳ සුභාරංචි පණිවිඩය අසා, තෑගි රැගෙන බිළිඳු බැලීමට පැමිණෙන රජ තුන් කට්ටුවේ පැමිණීම සැමරීමට මේ උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ 6 වැනිදාට එළිවන යාමයේ පැවැත්වේ.
ඊට පෙරදින ස්පාඤ්ඤ දරුවන් පාවහන් පිරිසිදු කර ඉක්මනින් නින්දට යති. එසේ කරනුයේ ඔවුන් ලියුම් මගින් රජතුන් කට්ටුවෙන් ඉල්ලන ලද තෑගි ඊට පසු දින උදෑසනම ඔවුන්ට ලැබෙන නිසා බවත් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි මම මිට කලින් මෙහෙම දෙයක් දැකලා නැහැ (දී)