මිනිස් මොළයේ පසුතැවිලි සිතුවිලි ජනිත කරවීමේ සමත් ප‍්‍රදේශය සොයාගැනීමට බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
මේ දක්වා මිනිස් මොළය ගැන පර්යේෂණය කළ විද්‍යාඥයින්ට සොයාගත හැකිවුයේ මිනිසාගේ තීන්දු හෝ තීරණයන්හි සම්බන්ධයෙන් හොඳ නරකට මොළය බලපාන බවයි.
මුලින් අයහපත් යැයි සිතා අත්හැර දැමුණු අවස්ථාවක් හෝ තීරණයක් පසුව යහපත් බව දැක ඒ නිසා මිනිස් සිතේ උපදින පසුතැවිල්ල ජනනය වන්නේ කෙසේදැයි විද්‍යාඥයින්ට ප‍්‍රහේලිකාවක් වී තිබුණි.නව පර්යේෂණයෙන් එවන් සිතුවිලි ජනනය වන මොළයේ ප‍්‍රදේශයත් දැන් අනාවරණයව තිබේ.
පර්යේෂණය සදහා පුද්ගලයින් 25 දෙනෙක් තෝරාගනු ලැබුහ.පර්යේෂක පිරිස ඔවුන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය ඔවුන් කි‍්‍රයාකාරීව සිටින විටදී හා විවේකීව සිටින විටදී ලෙස අවස්ථා දෙකකදී පරිලෝකන යන්ත‍්‍ර ආධාරයෙන් නිරීක්ෂණය කර ඇති අතර ඒවායින් ලැබුණු දත්තයන්ගෙන් මොළයේ කි‍්‍රයාකාරී ප‍්‍රදේශ 12 ක් හදුනාගැනීමට සමත්ව තිබේ.
පසුව මෙලෙසම වඳුරන්ගේ මොළ කි‍්‍රයාකාරීත්වයත් නිරීක්ෂණය කර ඇති පර්යේෂක පිරිසට හදුනාගත හැකිවී ඇත්තේ කි‍්‍රයාකාරී ප‍්‍රදේශ 11 කි.
මිනිස් මොළයේ පිහිටන අමතර ප‍්‍රදේශය එය මොළයේ අනෙක් කොටස් කරා සම්බන්ධ වී ඇති ආකාරය දෙස බැලීමෙන් පසුතැවිල්ලේ සිතුවිලි ජනිත කරවන බව සිතිය හැකි බව පර්යේෂකයො පවසති.
මෙම නව සොයාගැනීම මානසික රෝගාබාධ වලට සිදුකෙරෙන ප‍්‍රතිකාර වලදී වැදගත් වනු ඇතැයි පර්යේෂකයෝ කියති.මොළයේ කොටස් එකිනෙක හා සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි දැන් සම්පූර්ණයෙන්ම පාහේ අනාවරණයව ඇති බැවින් එහි කි‍්‍රයාකාරීත්වයේ මෙතෙක් හෙළි කර ගැනීමට නොහැකි වූ තවත් රහස් ඉදිරියේදී අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සොයාගැනීමක්.(නදී)
සොයාගැනේ කියන්නේ මේක පරණ සොයා ගනිමක් නේ (දී)
බුදුරජාණන් වහන්සේ දේශනා කර ලද ධර්මයතුල කිසිම කෙනෙකුට නැවත පර්යේසනයක කිරීමට අවශ්‍ය නැත. මන්දයත් සියලුම දෑ සොයාගෙන තිබීමය. මේ නිසා මෙවැනි දේ පිළිබඳව අප තැති නොගත් යුතුය . කොටින්ම කියනවනම් "අල්ල ගන්න එපා" තෙරුවන් සරනයි . (දී)
හොයාගන්න තියෙන සියලුම දේ අවබෝද කල යුතු සියල්ල බුදුන් වහන්සේ විසින් සොයාගත්තා ඒවා බොරු කියන්න කාටවත් බෑ (හේතු සහිතව ) රේරුකානේ හාමුදුරුවෝ සරලවපැහැදිලි කරලා තියෙනවා ඕක ගැන අභිධර්මයේ මුලික කරුණු පොත හා පටිච්ච සමුප්පාද විවරණය පොත කියවන්න (දී)
රේණුක, මිහිර, මම උපාධියටත් විද්‍යාව කළා. විද්‍යාවෙන් අනුමත කරන්නේ විද්‍යාත්මක ක්‍රමය අනුව හොයා ගත දේ විතරය්. බුදු දහමේ බොහෝ දේ සදහන් වෙනවා තාම විද්‍යාවට ලගාවෙන්නවත් බැරි. එහෙම කියල ඒවා බොරු නෙවෙයි (දී).
ජයන්ත බොහෝ ශ්‍රි ලංකිකයන්ගේ සිතිවිලි ජනනය වන්නේ මොලයෙන්ද බොක්කෙන්ද කියල මේ එළබෙන පළාත් සභා ඡන්දෙනුත් බලාගන්න පුළුවන් වේවි. (අ)
ශිරානි මම හිතුවේ
ශ්‍රියානි නරකද තේරුමත් දැම්මා නම්.(නදී)
මම උසස් පෙලට කලේ විද්‍යාව නමුත් එහිදී බුදුන් වහන්සේ මොලයේ කොටස් හෝ මොලයෙන් සිතිවිලි උපදිනවා කියල හොයාගත්තා කියල ඉගැන්නුවේ නැහැනේ. මේ ශරීරය ගොඩක් සංකීර්ණයි. විද්‍යාවට වුනත් මම හිතන්නේ නැහැ තව අවුරුදු ගානක් ගියත් එහි ඇතුලාන්තයේ ක්‍රියාකාරීත්වය හොයාගන්න පුළුවන් කියලා.(නදී)
ශ්‍රියානි, සිරානි, ඔබ දෙපල ඉදිරිපත් කර ඇති පාලි පාඨ වල අරුත් විමසීමේදී ඒවා ප්‍රස්තුත කාරණයට එතරම් ගැලපෙන බවක් නොපෙනේ. (දී)
මේ අනුර කියලා මහත්තයෙක් කියලා තියෙනවා සිතුවීලි ජනිත වන්නේ මොලයේ නොවෙයි කියලා. අනේ මට අනුර මහත්තයෝ කියන්නකෝ අක්මාවෙන්ද සිතුවිලි ජනිත වෙන්නේ. (නදී)
ශ්‍රියානි, මට මේ ගාථාවේ නම කියන්න. ඉගෙන ගන්න කැමතියි.(නදී)
බුදු රජාණන් වහන්සේ මනස ගැන දේශනා කලත් මොලය ගැන දේශනා කළා යැයි මම නම් හිතන්නේ නැහැ. අනිත් එක මට හිතා ගන්න බැහැ ඇයි මේ හැම දේකටම ආගම ගාවගන්නේ කියලා.(නදී)
මට හිතා ගන්න බැහැ ඇයි මේ හැම දේකටම ආගම ගාවගන්නේ ඇයි කියල. (අ)
පභස්‌සරමිදං, භික්‌ඛවෙ, චිත්‌තං. තඤ්‌ච ඛො ආගන්‌තුකෙහි උපක්‌කිලෙසෙහි උපක්‌කිලිට්‌ඨ’’න්‌ති. නවමං.(දී)
නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකධම්‌මම්‌පි සමනුපස්‌සාමි යං එවං අදන්‌තං මහතො අනත්‌ථාය සංවත්‌තති යථයිදං, භික්‌ඛවෙ, චිත්‌තං. චිත්‌තං, භික්‌ඛවෙ, අදන්‌තං මහතො අනත්‌ථාය සංවත්‌තතී’’ති. පඨමං(දී)
මේවගේ ස්යා ගැනීම් වලට අපේ උපහාරය (දී)
තැන හොයාගත්තට ආයතන හයේ සිතුවිලි හැදෙන හැටි තාම බටහිර විද්යාව දන්නේ නැහැ. නමුත් සුත්‍ර වල පැහැදිලිව තියෙනවා. (අ)
බෞද්ධ දර්ශනයේ තිබෙන මෙම යථාර්තය තේරුම් ගැනීමට අද කාලයේ තරුණයන්ට ඕන කමක් නැහැ. ඔවුන් නවීන තාක්ෂනය පසු පස හබා යනවා.(නදී)
වැදගත් සොයා ගැනිමක්. (අ)
රේණුක විද්‍යාව උසස් පෙලට වඩා හදාරපු අය මේවා බලනවා. හොඳට පොතක් අරගන තව කියවන්න. මොලයේ හා සුසුම්නාවේ ක්‍රියා හා ප්‍රතික ක්‍රියා ගැන!! ගුරුතුමා (දී)
බුදු දහම, අචල ශ්‍රද්ධාව නිසා බැබලේ. විද්‍යාව ඉතින් තව කාවහරි අමරුවෙ දාන්ඩ ක්‍රමයක් හොයාල දෙයි. ඍෂි වරුන්ගේ ප්‍රඥා ප්‍රමුක ඥාන දෘෂ්ටියකට කිට්ටු කරන්නවත් පුලුවන්ද මේ විද්‍යාවට? (දී)
විද්යාව දියුණු වනවිට බුදු දහම බැබලේ (දී)
බුදුදහම බබළන්නේ විද්‍යාවේ දියුණුවත් සමගය .. (දී)
ශිරානි පාලි බාසාවෙන් ලියා ඇති දෙය අපිට තේරන බාසාවකින් ලිව්වා නම් හොදය. හාමුදුරුවරු පන්සල්දී කියන එක ගාථාවක් තේරෙන්නේ නැති නිසා තමයි අද බුද්දාගමේ පසු බැසීමක් රට පූරා ඇතිවී තිබෙන්නේ (දී)
මිනිස් සිත පිලිබඳ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල බුද්ධ දේශනාවෙන් මතු මිනිස් සිත ගැන යමෙක් සොයා ගන්නේ නම් ඒ මතු උපදින බුදු කෙනෙක් පමණි. විද්‍යාව යනු හුදෙක් ප්‍රබන්ද හා කල්පිත මත ගොඩ නැගෙන එසේ ගොඩනගන ලද මතයම කාලයකදී යලිත් ප්‍රතික්ෂේප කරමින් තව තවත් මත ගොඩ නැගිමක් පමණි.(නදී)
‘‘චිත්‌තෙන නීයති ලොකො, චිත්‌තෙන පරිකස්‌සති; චිත්‌තස්‌ස එකධම්‌මස්‌ස, සබ්‌බෙව වසමන්‌වගූ’’ති. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරූපං. ඉත්‌ථිරූපං, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. පඨමං. 2. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකසද්‌දම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිසද්‌දො. ඉත්‌ථිසද්‌දො, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. දුතියං. 3. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකගන්‌ධම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිගන්‌ධො. ඉත්‌ථිගන්‌ධො, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. තතියං. 4. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරසම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිරසො. ඉත්‌ථිරසො, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. චතුත්‌ථං. 5. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකඵොට්‌ඨබ්‌බම්‌පි සමනුපස්‌සාමි යං එවං පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, ඉත්‌ථිඵොට්‌ඨබ්‌බො. ඉත්‌ථිඵොට්‌ඨබ්‌බො, භික්‌ඛවෙ, පුරිසස්‌ස චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. පඤ්‌චමං. 6. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරූපම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසරූපං. පුරිසරූපං, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. ඡට්‌ඨං. 7. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකසද්‌දම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසසද්‌දො. පුරිසසද්‌දො, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. සත්‌තමං. 8. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකගන්‌ධම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසගන්‌ධො. පුරිසගන්‌ධො, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. අට්‌ඨමං. 9. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකරසම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසරසො. පුරිසරසො, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. නවමං. 10. ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකඵොට්‌ඨබ්‌බම්‌පි සමනුපස්‌සාමි යං එවං ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨති යථයිදං, භික්‌ඛවෙ, පුරිසඵොට්‌ඨබ්‌බො. පුරිසඵොට්‌ඨබ්‌බො, භික්‌ඛවෙ, ඉත්‌ථියා චිත්‌තං පරියාදාය තිට්‌ඨතී’’ති. දසමං.(දී)
සිත පිහිටලා තියෙන්නේ ඇසෙහි-කනෙහි-නාසයෙහි-දිවේ-ශරීරයෙහි-මනසෙහි. සිතන්න....ඉතිරි ටික....බුදු බණ දන්නා අයට මේවා අලුත් තොරතුරු නොවේ. (අ)
කටේ ඇති බුදු බණ හිතේ නැති බව රටේ ඇති වැඩ වලින් නම් පෙනේ (අ)
සමාජයේ බුදු දහම ගැන නව ප්‍රවනතාවයක් ඇති බව පේනවා (දී)
මිහිර, බුදු දහමින් අවුරුදු 2500කට කලින් විස්තර කරපු දෙවල් තාමත් නුතන විද්‍යාවෙන් ඔප්පුකරලා නෑ..ඔබ බුදු දහම ගෑන නොදෑන කතකරන්න එපා..මුලින්ම බුදු දහම ගෑන ලියවුණු පොත් පත් කියවන්න..ලොකයේ බිහිවීම,සත්වයාගෙ බිහිවීම,සිතුවිලි උපදින හෑටි වගේ විස්මිත නුතන විද්‍යාවෙන් පවා තමත් සොයානොගත් දෙවල් බුදු දහමේ විස්තර කරල තියෙනවා..දැනට සොයගෙන තියෙන දෙවල් බුදු දහමින් උගන්වන දෙවල් සමග සසදල බලන්න .(දිල්)
සිතුවිලි උපදින හැටි වගේම උපන් සිතුවිලි බැහැර කරන හැටිත් සොයා ගැනීමවැදගත්. ඒ .තුලින් සතුට ප්‍රමෝදය ලැබෙන බව බුදුන් වහන්සේ අපට පෙන්වා ඇත. ඒ දේ අපිම තමයි පුරුදු කළ යුත්තේ. (දිල්)
බුදු හාමුදුරුවෝ ඔය දේශනාව කළේ මිට වසර 2500 කට කලින් (දිල්)
අප තිලෝගුරු බුදු පියාණන් මේ දේවල් දේශනා කළ නේද (දිල්)
හොද වැදගත් ලිපියක් (දී)
මේවා නවතම සොයා ගැනීම් නොවෙයි. අවරුදු 2500ක් පරණ දේවල් (දී)
බුදු හිමිගේ දහම (දී)
නවීන විද්‍යාවට වඩා බුදු දහම දහස් වාරයක් ඉදිරියෙන්. විද්‍යාවෙන් මොන දේ කිව්වත් ඒ හැමදේම බුදු දහමේ දේවල් (දී)
මේක නව සොයා ගැන්මක් නොවෙයි. සත්‍ය මතක්කිරීමක් (දී)
අලුතෙන් ඒ දේ ගැන හොයන්න දෙයක්තිබුනද? (දී)
මේක හැමෝටම කලින් කිව්වේ අපේ බුදු හිමි (දී)
මේ පර්යේෂණ කරලා හොයා ගෙන තියෙන්නේ බුදු දහම (දී)
මේක මුලින්ම හොයා ගත්තේ වසර 2500 කට කලින් (දී)
මේක ඇත්තටම හොයා ගත්තේ තිලෝගුරු බුදු රජානන් වහන්සේ (දී)
මෙවන් පර්යේෂණ තව දුරටත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා (දී)
බුදු හිමිට මෙම කරුණු හොයා ගන්න මේ වගේ දරුණු පර්යේෂණ කරන්න ඕන උනේ නැහැ (දී)
හොද සිතුවිලි උපද්දන හැටි හොයා ගන්න බැරිද? (දී)
මේක ඉතා වටිනා ලිපියක්. (දී)
මානසික ලෙඩ්ඩු සුවපත් කරන හැටිත් හොයා ගන්න (දී)
මහමෙව්නාව අස පුවල සදහම්පොත් ම්මදුරේ විස්මිතාවබෝදය පොත බලන්න. (අ)
රොෂාන්, බුදු බණේ කියල තියෙනවද මොළය තුල සිතිවිලි ජනනය වන ආකාරය? මමත් උනන්දුයි ඒගැන ටිකක් කියවල බලන්න. කුමන ධර්ම ග්‍රන්ථයකද එසේ සඳහන් වෙන්නේ ?(නදී)
ඔය ඔක්කොටම කලින් බුදු දහම සොයා ගත්තා මේ දේ (දී)
මට පොඩි පුතෙක් ඉන්නවා..පොඩි කාලේ අම්ම ළඟ ඉන්දලා මහා ගෙදර එක්කන් ආවා.දන්නවනේ අම්මා ඕන කියල අඬන්න ගත්ත..මම ඇහුව කොතෙන්ටද දුක හිතෙන්නේ කියල..එය හදවත තියෙන තැනට ඇත තියල කිව්වා එතෙන්ට ..කියල..බුදු දහමේ කියන්නේ සිත තියෙන්නේ හදවතේ කියලයි..එක තමයි පොතක් පතක් කියවල දැනගන්න ඕන,,විද්‍යාව කියන මායාවට රැවටෙන්නේ නැතුව..තෙරුවන් සරණයි..(දී)
සිත ගැන තමයි බුදුහාමුදුරුවෝ දෙෂනා කලේ (දී)
ධම්ම පදය කියවන්න (දී)
හැම දේකටම ඕව බුදු බණේ තියෙනවා කියා කියා ඉන්නෙපා. ඒකෙන් බුදුරජාණන් වහන්සේටවත් සාශනයටවත් වෙන සෙතක් නැහැනේ. බුදු දහම විද්‍යාවත් එක්ක සම්බන්ධ නිසයි මෙහෙම තොරතුරු අපි අගය කල යුත්තේ. අපේ රටවල මිනිසුන්ගේ තාක්ෂණික පරිහානියටත් බටහිරයන්ගේ විද්‍යාත්මක දියුණුවටත් හේතුව අපේ අය හැමදෙයක්ම ආගම ධර්මයත් එක්ක පටලවාගෙන සිටීමයි. ආගම ධර්මය අදහන ගමන් විද්‍යාවත් එක්ක ඉදිරියට යන්න. (දී)
බුදුහාමුදුරුවෝ කිව්වේ මේවා ගැන හොයන්න එපකියල. මොකද කවදාවත් හොයල ඉවර කරන්න බැ ඒ වගේම ඔප්පු කරගන්න බෑ (දිල්)
හොදින් බුදු දහම පරිශීලනය කරන්න (දී)
හිමි වරුන් රචිත ග්‍රන්ථ වල තිබුනට ධර්ම සූත්‍ර හෝ විනය පිටකවල මේ ගැන සඳහනක් අහල නැහැ. මම සිතන්නේ බුදු දහම භක්තිය පදනම් කරගත් දෙයක් නොවෙයි. එත් මිහිර කියනවා වගේ විද්‍යාව යනු පර්යේෂණ හා නිරීක්ෂණ පදනම් කරගත් දෙයක්. බුදු දහම යනු බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් දෙයක්. විද්‍යාව වෙනස් වෙන්නත් බුදු දහම සදාතනික වෙන්නත් හේතුව එයයි. (දී)
අනේ මන්ද ? (දී)
බුදු බණ දන්නා අපට මේවා අලුත් තොරතුරු නොවේ. (දිල්)
සමස්ත බුදු දහම ගොඩ නැගී ඇත්තේ මේ ප්‍රශ්නය පදනම් කරගෙනය (දී)
සිතුවීලි ජනිත වන්නේ මොලයේ නොවෙයි. මොලය කරන්නේ මනසින් ලබා දෙන අරමුණු අනුව ක්‍රියා කිරීමයි. මොලය ගැන බලලා සිතු වීලී ගැන පර්යේෂණ කරලා වැඩක් නැහැ.(නදී)
රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න සිතිවිලි පමණක් නොව සිතිවිලි ආත්මයෙන් ආත්මයට යනහැටිත් විස්තර කරනවා . (නදී)
විද්යාව සහ ආගම සම්පුර්ණයෙන්ම එකිනෙකට පරස්පර දෙකක්. බුදු දහමේ හෝ වෙනත් කිසිම ආගමක කායච්චේද විද්‍යාව ගැන කියල නැහැ. ආගම යනු භක්තිය පදනම් කරගත් දෙයක්. විද්‍යාව යනු කරුණු කාරනා දත්ත පදනම් කරගත් දෙයක්. විද්‍යාත්මක දේවල් නැවත නැවතත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ආගමික මත දෙවියන් හෝ පුනරුප්පත්තිය වැනි දේ මිනිසුන් අදහනවා විනා කවදාවත් ඔප්පු කරන්න නොහැකිය.(නදී)
ට්ටිනාලිගේ කතාව ඇත්ත. නමුත් අවුරුදු 2500 කට ඉස්සර මෙව්වා වැඩකරන හැටි සොයාගත්තා විතරක් නෙවෙයි පඨවී, අපෝ, තේජෝ, වායෝ වලින් අපව හැදිලා තියෙන බවත් සොයාගත්තා. නමුත් එව්වගෙන් අපිව එහෙම වැඩකරන්න අපිව නිර්මාණය කරපු විශ්වකර්මය එම තාක්ෂනය සොයාගෙන අපවත් ලෝකය අනිකුත් දේවලුත් නිර්මානය කලේ එයිටත් ඉස්සර නේද? (නදී)
මානසික ව්‍යාධිවලින් පෙලෙන අපේ දේශපාලුවන්ට මේක හොඳ ආරංචියක්.(නදී)
රොශාන් ඔබ ඔය හිතා මතා ම බුදු දාහමට අපහාස කරන්න කරන දෙයක් ද? (නදී)