ශාස්ත්‍රීය සංගීතය ඇසීමට සැලැස්වීමෙන් තරුණ ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව හා විනය වර්ධනය වන්නේ යැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. සංගීතය භාවිතය හේතුවෙන් සාමාන්‍ය ශ්‍රවන හැකියාව හා සමාජීය හැකියාවන් ද වර්ධනය වන බව තහවුරු වී තිබේ. පසුකාලීනව ඔවුන්ගේ සංගීත රසාඥතාව ද ඉහළ ගොස් ඇතැයි ද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

සංගීතඥයන්ට තියුණු බුද්ධියක් තිබෙන බවත් මානසිකව කඩා වැටීම් අඩුවන බවත් තහවුරු වූ කරුණකි. පියානෝව, බටනලාව  හෝ වයලීනය වැනි භාණ්ඩ හේතුවෙන් මිනිසුන්ගේ අතපසුවීම් ඉක්මණින් ග්‍රහණය කරගැනීමට හැකි බවත් ඒවා ඉක්මණින් යථාතත්ත්වයට පත්කැර ගත හැකි බවත් සොයාගෙන ඇත.

එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය සුසාන් හැලම් ටවර් හැම්ලට්ටස් ප්‍රාථමික පාසල් 26ක ළමයි 4500ක් යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. මෙහිදි ඇතිවූ වැදගත්ම ප්‍රතිලාභය වී ඇතතේ සවන්දීමේ හැකියාව දියුණු වීමයි. ඊට අමතරව මානසික ඒකාග්‍රතාව, තමන්ගේ අභිලාෂයයන් වර්ධනය වීම, විනය, පුද්ගලික සහ සමාජීය හැකියාවන් ඉහළ යාම සිදුවූ බව පර්යේෂකයෝ කියති.

සංගීත භාණ්ඩ වාදනයට පුරුදු වී‍මෙන් මානසික පිරිහීම නැතිවී ශක්තිමත් මනසක් ගොඩනැගෙන බව ද පර්යේෂකයන් තහවුරු කැර ඇත.