මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී අද (15) නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණීමට නියමිතය.
1991 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනැමුණු අවස්ථාවේදී, ඇය නිවාස අඩස්සියේ සිටි හෙයින් එය ලබා ගැනීමට නොහැකි වූ නිසා ඇයට එය යළි පිරිනැමීමට විශේෂ උත්සවයක් හෙට (16) ඔස්ලෝ නුවරදී පැවැත්වේ.
සූ කීගේ මෙම සංචාරයේ අරමුණ එම උත්සවයට සහභාගී වී එම ත්‍යාගය ලබා ගැනීමය.
නොබෙල් සාම ත්‍යාග වාර්ෂිකව ප‍්‍රදානය කරන ඔස්ලෝ පුරහලේදීම සාම්ප‍්‍රදායානුකූලව එම ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නොබෙල් කමිටුව සූදානමින් සිටී.
1991 වසරේ සාම ත්‍යාගය ලබා ගැනීමට සූ කීට නෝර්වේ බලා යෑමට නොහැකි වූයේ ඇය හමුදා පාලකයන්ගේ අණ පරිදි නිවාස අඩස්සියේ සිටීම නිසාය. එම නිසා ඔස්ලෝ නුවර පැවැති උත්සවයට සහභාගි වූවෝ එවකට එංගලන්තයේ විසූ, ඇගේ සැමියාත්, 18 හැවිරිදි ඇලෙක්සැන්ඩර් හා 14 හැවිරිදි කිම් යන පුත්තු දෙදෙනාත්ය.
ඇයට සාම ත්‍යාගය පිරිනැමුණේ මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සාමකාමී අරගලයක යෙදීම ඇගැයීමට ලක් කරමින්ය.
සූ කී, නෝර්වේ රාජ්‍යයට පැමිණෙන්නේ යුරෝපා සංචාරයක් අතරතුරේදීය. ඇය එම සංචාරය ඇරැුඹුවේ පෙරේදා (13) ය. මියන්මාරයේ යැංගොන් නුවරින් පිටත් වූ
ඇය ඊයේ (14) පළමුවෙන්ම පැමිණියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුව අමතමින් ඇය විශේෂ දේශනයක් ද පැවැත්වූවාය.
අද දිනයේ ඔස්ලෝ නුවරට පැමිණෙන සූ කී නෝර්වේ අගමැති යෙන් ස්ටොන්ලෙන්බර්ග් හමුවීමට නියමිතය.
වසර විසි ගණනක් තිස්සේ නිවාස අඩස්සියේ සිටි සූ කී නිදහස ලබා මියන්මාර නව රජයේ මන්තී‍්‍රවරියක වශයෙන් ද තේරී පත්ව සිටින්නීය. ඇයට මන්තී‍්‍ර ධුරය හිමිවූයේ මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ පැවැත්වුණු අතුරු මැතිවරණයකදීය.
විපක්ෂ නායිකාව ලෙස ඇය වසර 24 කට පසු පළමු විදෙස් සංචාරය අරඹමින් පළමුවෙන්ම ගියේ පසුගිය දිනෙක තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැති ආසියා රටවල ආර්ථික සමුළුවට සහභාගී වීමටය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සූ කී නෝර්වේ ඔස්ලෝ නුවරට
චන්දු Saturday, 16 June 2012 03:27 PM
සුභ පැතුම් !!