පිරිමින්ට දැන් තමන්ගේ අනාගතය සුරක්ෂිත යැයි සැනසුම් සුසුමක් හෙළිය හැකියි.

මිනිස් ජනනේද්‍රීය නීර්ණයේ වැදගත් සාධක දෙකක් වනුයේ එක්ස් හා වයි ක්‍රෝමසෝමයන්ය.ක්‍රෝමසෝම සැකසුම එක්ස් එක්ස් ආකාරයට පිහිටන්නේ නම් ගැහැණු ලිංගික අවයවයන් සහිතවද ක්‍රෝමසෝම සැකසුම එක්ස් වයි ආකාරයට පිහිටන්නේ නම් පිරිමි ලිංගික අවයවයන් සහිතවද මිනිසා උපත ලබයි.

ක්‍රෝමසෝමයන් යනු මිනිස් ජාන සැකසුම් අන්තර්ගතවී ඇති ව්‍යුහයකි.මෙම ජාන සැකසුම් මිනිසාගේ පෙනුමේ සිට බුද්ධි මට්ටම දක්වා සියලූ ගති ලක්ෂණ හා කි‍්‍රයාකාරකම් කෙරේ බලපායි.හදුනාගැනීමේ පහසුව තකා විද්‍යාඥයන් මෙම ක්‍රෝමසෝම එක්ස් හා වයි ලෙස කොටස් දෙකකට බෙදා වර්ග කරති.

මිනිස් පරිණාමය සිදුවී මේ දක්වා ගතව ඇති කාලය මුළුල්ලේ වයි ක්‍රෝමසෝමය ක‍්‍රමයෙන් කුඩා වී ගොස් ඇතැයි විද්‍යාඥයෝ සොයා ගත්හ. මේ නිසා ඔවුන් නිගමනය කළේ තවත් අවුරුදු ලක්ෂ ගණනක් ගතවූ පසු වයි ක්‍රෝමසෝමය නැත්තටම නැතිවී ගොස් පිරිමි යැයි සළකන ජීවීන් විශේෂයක් මිහිමත හදුනාගත නොහැකි තත්ත්වයක් ඇති වනු ඇතැයි කියාය

නමුත් ඇමරිකා විද්‍යාඥ පිරිසක් සිදුකර ඇති නවතම පර්යේෂණයකට අනුව වයි ක්‍රෝමසෝමය කුඩා වී ඇතත් එය සම්පූර්ණයෙන්ම නැතිවී යන තත්ත්වයකට කිසිසේත් නෙවෙතියි සොයාගෙන තිබේ.මෙය මුළු මහත් පිරිමි සංහතියටම සුභ ආරංචියක් ලෙස ඔවුන් හදුන්වාදී තිබේ.

වයි ක්‍රෝමසෝමය ක‍්‍රමයෙන් කුඩා වී ගොස් තිබීම හා මේ තොරතුරු ආදේශ කර ඇති පර්යේෂක පිරිස පවසන්නේ වයි ක්‍රෝමසෝමය එක්ස් ජාන බහුතරය සමග තනිව විසීම මේ තත්ත්වයට හේතුවී ඇති බවයි.ක්‍රෝමසෝමයකට හානි සිදුවුවහොත් එයට යාබද ක්‍රෝමසෝම වලින් ආධාර ලබාගෙන යළිත් කි‍්‍රයාකාරී වීමේ හැකියාව ඇතත් වයි ක්‍රෝමසෝමය එක්ස් ක්‍රෝමසෝමය හා නොපෑහීම නිසා එයට හානි සිදුවුවහොත් යළි සුවපත් වීමට එයට අවස්ථාවක් නොමැති බව ඔවුහු කියයි.

නමුත් එසේ වී යැයි කියා වයි ක්‍රෝමසෝමය සටන අත්හැර ඇති බවක් පෙනෙන්නට නොමැත යැයි පර්යේෂකයෝ කියති.

ප‍්‍රමාණයෙන් කුඩා වූවත් එයට නොනැසී පැවතීමට හැකියාව ඇති බවත් මෙනිසා අනාගතයේදී පිරිමියෙකු සොයාගැනීමට නොහැකිවේයැයි බිය විය යුතු නැති බවත් ඔවුන් කියයි.