පිරිමින්ට දැන් තමන්ගේ අනාගතය සුරක්ෂිත යැයි සැනසුම් සුසුමක් හෙළිය හැකියි.
මිනිස් ජනනේද්‍රීය නීර්ණයේ වැදගත් සාධක දෙකක් වනුයේ එක්ස් හා වයි ක්‍රෝමසෝමයන්ය.ක්‍රෝමසෝම සැකසුම එක්ස් එක්ස් ආකාරයට පිහිටන්නේ නම් ගැහැණු ලිංගික අවයවයන් සහිතවද ක්‍රෝමසෝම සැකසුම එක්ස් වයි ආකාරයට පිහිටන්නේ නම් පිරිමි ලිංගික අවයවයන් සහිතවද මිනිසා උපත ලබයි.
ක්‍රෝමසෝමයන් යනු මිනිස් ජාන සැකසුම් අන්තර්ගතවී ඇති ව්‍යුහයකි.මෙම ජාන සැකසුම් මිනිසාගේ පෙනුමේ සිට බුද්ධි මට්ටම දක්වා සියලූ ගති ලක්ෂණ හා කි‍්‍රයාකාරකම් කෙරේ බලපායි.හදුනාගැනීමේ පහසුව තකා විද්‍යාඥයන් මෙම ක්‍රෝමසෝම එක්ස් හා වයි ලෙස කොටස් දෙකකට බෙදා වර්ග කරති.
මිනිස් පරිණාමය සිදුවී මේ දක්වා ගතව ඇති කාලය මුළුල්ලේ වයි ක්‍රෝමසෝමය ක‍්‍රමයෙන් කුඩා වී ගොස් ඇතැයි විද්‍යාඥයෝ සොයා ගත්හ. මේ නිසා ඔවුන් නිගමනය කළේ තවත් අවුරුදු ලක්ෂ ගණනක් ගතවූ පසු වයි ක්‍රෝමසෝමය නැත්තටම නැතිවී ගොස් පිරිමි යැයි සළකන ජීවීන් විශේෂයක් මිහිමත හදුනාගත නොහැකි තත්ත්වයක් ඇති වනු ඇතැයි කියාය
නමුත් ඇමරිකා විද්‍යාඥ පිරිසක් සිදුකර ඇති නවතම පර්යේෂණයකට අනුව වයි ක්‍රෝමසෝමය කුඩා වී ඇතත් එය සම්පූර්ණයෙන්ම නැතිවී යන තත්ත්වයකට කිසිසේත් නෙවෙතියි සොයාගෙන තිබේ.මෙය මුළු මහත් පිරිමි සංහතියටම සුභ ආරංචියක් ලෙස ඔවුන් හදුන්වාදී තිබේ.
වයි ක්‍රෝමසෝමය ක‍්‍රමයෙන් කුඩා වී ගොස් තිබීම හා මේ තොරතුරු ආදේශ කර ඇති පර්යේෂක පිරිස පවසන්නේ වයි ක්‍රෝමසෝමය එක්ස් ජාන බහුතරය සමග තනිව විසීම මේ තත්ත්වයට හේතුවී ඇති බවයි.ක්‍රෝමසෝමයකට හානි සිදුවුවහොත් එයට යාබද ක්‍රෝමසෝම වලින් ආධාර ලබාගෙන යළිත් කි‍්‍රයාකාරී වීමේ හැකියාව ඇතත් වයි ක්‍රෝමසෝමය එක්ස් ක්‍රෝමසෝමය හා නොපෑහීම නිසා එයට හානි සිදුවුවහොත් යළි සුවපත් වීමට එයට අවස්ථාවක් නොමැති බව ඔවුහු කියයි.
නමුත් එසේ වී යැයි කියා වයි ක්‍රෝමසෝමය සටන අත්හැර ඇති බවක් පෙනෙන්නට නොමැත යැයි පර්යේෂකයෝ කියති.
ප‍්‍රමාණයෙන් කුඩා වූවත් එයට නොනැසී පැවතීමට හැකියාව ඇති බවත් මෙනිසා අනාගතයේදී පිරිමියෙකු සොයාගැනීමට නොහැකිවේයැයි බිය විය යුතු නැති බවත් ඔවුන් කියයි.
2025 නොවැම්බර් මස 04
89
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර ලක්ෂ ගණනකදී පිරිමියා වඳවේද?
ජනිත් Tuesday, 14 January 2014 10:21 AM
ලෝකේ හෙට කුමක් වෙයිද කියා දන්නේ නැති අපිට මෙවාකොහොම කියන්නද (දී)
චමින්ද Tuesday, 14 January 2014 10:26 AM
ඒ කාලේ උපදින පිරිමි, රජ කාලේ වගේ අන්තඃපුර තියා ගෙන ඉදියි. (දී)
සනත් Tuesday, 14 January 2014 10:37 AM
වසර ලක්ෂ ගණනකින් පිරිමියා වඳ උනොතින්, ඉන්පසු උපරිම වසර 100 කින් ගැහැණියත් වඳ වෙනවමනේ. (දී)
ඉන්දික Monday, 13 January 2014 08:50 PM
අපි වදවෙලා ගොඩක් කල්. නැතිනම් ලාංකීය ජාතිය චීන්නුන්ට ඉන්දියන් කාරයින්ට කඹුරන ජාතියක් වෙයිද? (නදී)
කුමාර Tuesday, 14 January 2014 01:52 PM
පිරිමියාගේ ආත්ම ගරුත්වයට විශාල පහරක් (දී)
රොෂාන් ප්‍රනාන්දු Monday, 13 January 2014 09:07 PM
ඉන්දික ගේ කතාව සම්පුර්ණ ඇත්ත.(නදී)
ලලිත් Monday, 13 January 2014 10:20 PM
ඉන්දික ගේ කතාව යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
සිල්වා Monday, 13 January 2014 11:04 PM
මෙහි අදහස් දක්වන බොහෝ දෙනෙකුට සාමාන්‍ය දැනීමවත් නොමැතිවීම ගැන කණගාටුයි. ඉන්දික සහ රොෂාන් අදහස් ඊට හොදම නිදසුනකි.(නදී)
දිලුෂර රුවන් ගමගේ Tuesday, 14 January 2014 08:11 AM
මේ කියන්නේ ලංකාවේ පිරිමි වඳ වීම ගැන නෙවෙයි එක තේරුම් ගන්න මොලයක් නැද්ද. ලලිත් කතාව වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් (දී)
කළුපහන Tuesday, 14 January 2014 08:47 AM
මේක මහා පුදුම කතාවක් නේ. පිරිමි නැතුව ගියොත් ගැහනුත් නිකම්ම වදවෙනවනේ. (දී)
නුවන් Tuesday, 14 January 2014 08:47 AM
ලලිත්,ඔයා වගේ අය රටේ වැඩිපුර ඉන්නකොට සිංහල ජාතිය වදවෙනවා. (දී)
ආරියසේන Tuesday, 14 January 2014 09:45 AM
සමහර රටවල ගැහැණු උපත් වැඩියි.සමහර රටවල පිරිමි උපත් වැඩියි.එහෙම වුනොත් ස්ත්‍රී පක්ෂය ලෝකයේ රජ කරයි. (දී)