IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්

වසර 60 කට පසු ලිබියාවේ  පාර්ලිමේන්තු මැතිවරණය පෙරේදා (7) පැවැත්විණි. මැතිවරණය පැවැත් වූයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ විරෝධතා මධ්‍යයේ වුවත් එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළේ ඡුන්ද පොළවලින් සියයට 98 ක කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වූ බවය. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු පාලන බලය අතට ගත් කැරැලිකාර පාර්ශ්වයේ දේශපාලන හඬ වන ලිබියානු ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන් මැතිවරණ පැවැත්විණි. මැතිවරණ කටයුතුවලට බාධා කළේත් මැතිවරණය වර්ජනය කරන ලෙසට ලිබියා වැසියන්ට බලපෑම්  කළේත් එම පාලක මණ්ඩලයට විරෝධය දක්වන කැරැලිකාර කණ්ඩායම්ය. කෙසේ නමුත් ලිබියා වැසියන් විශාල උනන්දුවකින් උදෑසන සිටම ඡුන්ද පොළවල සිටිනු දකින්න ලැබුණු බව එරට  මාධ්‍ය වාර්තා කළේය. මැතිරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී බෙන්ගාසි නුවර එක් ඡන්ද පොළකට කඩා වැදුණු සන්නන්ධ පිරිසක් එහි පැමිණි සිටි පිරිසට වෙඩි තැබූ බව ද වාර්තා වේ. ලිබියාවේ වසර 60 කට ආසන්න කාලයක් පුරාවට පැවැතියේ කර්නල් මුවම්මාර් ගඩාෆිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොර ඒකාධිපතිවාදී පාලන ක‍්‍රමයකි. බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන ‘අරාබි වසන්තය’ නමැති විරෝධතා රැල්ල ලිබියාවට පැතිර ගියේ ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදීය. එය අවසන් වූයේ කැරැලිකරුවන් අතින් ගඩාෆි අමු අමුවේ ඝාතනය වීමෙන් පසුවය. ඉන්පසු ලිබියානු ජාතික පාලක මණ්ඩලය අන්තර්වාර රජයක් පිහිටුවා නව ජනපතිවරයකු ද තෝරා ගත්තේය. කෙසේ නමුත් රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ලිබියානු ජාතික පාලක මණ්ඩලයේ ප‍්‍රධානී මුස්තාෆා අබ්දෙල් ජලීල්ගේ ප‍්‍රධානත්වයෙනි. පෙරේදා පැවැති මැතිවරණයෙන් මන්තී‍්‍රවරුන් 200 දෙනකුගෙන් යුත් මන්ත‍්‍රණ සභාවක් තෝරාගෙන අගමැතිවරයකු පත් කිරීමට නියමිතය. එමගින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණෙන අතර 2013 වසරේදී පූර්ණ වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටත් ද කටයුතු යොදා තිබේ. ලියා පදිංචි ඡුන්ද දායකයන් විසි අට ලක්ෂයෙන් 16 ලක්ෂයක් ඡන්දය ප‍්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසම නිවේදනය කරයි. විවිධාකාරයේ අදහස් දරන අපේක්ෂකයෝ 3.700 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වූහ. ප‍්‍රථම ඡන්ද ප‍්‍රතිඵලය අද (9) ප‍්‍රකාශයට පත් කිරීමට ද මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ. ඊයේ සවස් වනවිට ලැබුණු නිල නොවන ඡුන්ද ප‍්‍රතිඵල අනුව ප‍්‍රධාන පෙළේ ඉස්ලාමීය පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ ඉදිරියට පැමිණ සිටියහ. ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ නායක මුස්තාෆා අබ්දෙල් ජලීල් (දකුණේ) ඡන්දය ප‍්‍රකාශ කිරීමට අල් බාදියා නගරයේ ඡන්ද පොළකට පැමිණි අවස්ථාවේ එම ඡන්ද පොළේ සිටි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ඔහු පිළිගත් අවස්ථාව...



අදහස් (0)

වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site