අවුරුදු 50 කට ආසන්න කාලයකට පෙර පාසලේ කී‍්‍රඩා පිටියේ පෙම් කළ පෙම්වතුන් දෙදෙනෙක් ෆේස් බුක් මගින් යළි හමුවී විවාහ වූහ.
ජෝන් හෙම්ස්ටෝක් (63) සහ කැතී ඕටන් (62) එකම පන්තියක උගෙන ගත්හ.පාසල් කී‍්‍රඩා පිටියේ එකට සෙල්ලම් කළ ඔවුන් 14 හැවිරිදි වියේදී පෙමින් බැඳුණහ.
නමුත් අවුරුද්දකට වැඩි කාලයක් පෙම්වතුන් ලෙස සිටීමට ඔවුනට නොහැකි වූයේ කැතී වෙනකෙකු හා පෙම් කිරීමට පටන්ගත් නිසාය. නමුත් ඔවුහු හොඳම යහළුවන් බවට පත්වූහ. එපමණක් නොව රූ රැජිනක් වන කැතී 1972 විවාහ වන අවස්ථාවේ ජෝන් ආරාධිත අමුත්තන් අතර සිට ඇයට සුභ පැතීය.
ජෝන් විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියකු වන අතර පසුව බිරිඳගෙන් දික්කසාද විය. මෙසේ තනිකමෙන් සිටින ඔහු ගැන දුක් වූ දියණියගේ බල කිරීමට තනිකම මකා ගැනීමට පරණ යළුවන් හා සම්බන්ධ වීමට සිතා ෆේස් බුක් වෙබ් අඩවියට සම්බන්ධ විය.
දිනක් ඔහුට ලැබී ඇති පණිවිඩයකින් ඔහු පුදුම වූයේ ඒ ඔහුගේ පළමු පෙම්වතිය වන බැවිනි. එසේ ඔවුන් දෙදෙන එකිනෙකා හා සම්බන්ධ වුහ.
පසුව දෙනොම විවාහ වීමට තීරණය කළ අතර මේ සඳහා ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගේද කැමැත්ත ලැබුණි. කැතී පාසලේදී කොළ කැබැල්ලක ලියා පැන්සල් පෙට්ටියේ දමා ගෙන සිටි නම, ජෝන් හා මහලුවියේදී හෝ මෙසේ එකතු වීමට හැකි වීම දෙදෙනාටම පී‍්‍රතිමත් කරුණක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි නිවැරදි භාවිතය කියන්නේ. ෆේස් බුක් නිසා වෙන අකරතැබ්බත් සිදු වෙනවානේ (දිල්)
ආදරේ කියන්නේ මහා පුදුම බලවේගයක් නේද (දිල්)
මගෙන් ඔබ දෙපලට සුබ පැතුම් ! (නදී)
ගැලපෙන ජෝඩුව. මගෙන් සුබ පැතුම්.(නදී)
අපේ රටේ මේ වගේ මගුලක් වුණොත් කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියල . මොකද කියනවනම් ,බලන්නේ වපර ඇසින් නේ.(නදී)
''සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු..''(දිල්)
වියපත් නොවන එකම දෙය සැබෑ ආදරයයි.(දිල්)
දැන් අපේ අයත් උත්සහ කරයි පරණ පෙම්වතුන් පෙම්වතියන් මේ හරහා හොයන්න. (දිල්)
නීල ඔයාගේ අදහසට මමත් එකගයි.අපේ රටේ කාන්තාවක් පිරිමියෙක් මේ වයසේදී තනියෙන් දුක්විඳින්න ඕන නැත්නම් එක සදාචාරයට හොද නෑ. මේ රටවල මිනිස්සු ඔය හිතින් හදාගත්ත හිරගෙවල්වල ජීවත්වෙන්නේ නැහැ (දිල්)
නාකි විසේ ගෙටත් උසේ (දී)
ආදරණිය පුවතක්, සැබෑ ආදරය පරාද වෙන්නේ නැහැ (දී)
චින්තක කියල කියන්නේ නියම හණමිටි අදහස් තියෙන පොරක්වගෙයි... ලංකාවට වෙලා තියෙන්න ඔන්න ඕකයි......(අ)
මටත් මේ වගේ හමු වුණා (අ)
ජෝන් අයියේ වැඩේ එළකිරි අනේ අපේ පෙම්වතියො කොහේ ඉන්නවද දන්නේ නෑ. (නදී)
චින්තක මෙතැනදී බලල තියෙන්නේ කායික සුවය විතරයි . ජීවිතයට අවසාන අදියරයේදී හැමකෙනෙකුටම අවශ්‍ය එකම දේ මානසික සුවය පමණයි . ජීවිතය තේරුම් ගන්න උත්සහ කරන්න (අ)