IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසර 50 කට පසු පෙම්වතිය සමඟ විවාහ වෙයි

අවුරුදු 50 කට ආසන්න කාලයකට පෙර පාසලේ කී‍්‍රඩා පිටියේ පෙම් කළ පෙම්වතුන් දෙදෙනෙක් ෆේස් බුක් මගින් යළි හමුවී විවාහ වූහ.

 ජෝන් හෙම්ස්ටෝක් (63) සහ කැතී  ඕටන් (62) එකම පන්තියක උගෙන ගත්හ.පාසල් කී‍්‍රඩා පිටියේ එකට සෙල්ලම් කළ ඔවුන් 14 හැවිරිදි වියේදී පෙමින් බැඳුණහ.

නමුත් අවුරුද්දකට වැඩි කාලයක් පෙම්වතුන් ලෙස සිටීමට ඔවුනට නොහැකි වූයේ කැතී වෙනකෙකු හා පෙම් කිරීමට පටන්ගත් නිසාය. නමුත් ඔවුහු හොඳම යහළුවන් බවට පත්වූහ. එපමණක් නොව රූ රැජිනක් වන කැතී 1972 විවාහ වන අවස්ථාවේ ජෝන් ආරාධිත අමුත්තන් අතර සිට ඇයට සුභ පැතීය.

ජෝන් විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියකු වන අතර පසුව බිරිඳගෙන් දික්කසාද විය. මෙසේ තනිකමෙන් සිටින ඔහු ගැන දුක් වූ දියණියගේ බල කිරීමට තනිකම මකා ගැනීමට පරණ යළුවන් හා සම්බන්ධ වීමට සිතා ෆේස් බුක් වෙබ් අඩවියට සම්බන්ධ විය.

දිනක් ඔහුට ලැබී ඇති පණිවිඩයකින් ඔහු පුදුම වූයේ ඒ ඔහුගේ පළමු පෙම්වතිය වන බැවිනි. එසේ ඔවුන් දෙදෙන එකිනෙකා හා සම්බන්ධ වුහ.

පසුව දෙනොම විවාහ වීමට තීරණය කළ අතර මේ සඳහා ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගේද කැමැත්ත ලැබුණි. කැතී පාසලේදී කොළ කැබැල්ලක ලියා පැන්සල් පෙට්ටියේ දමා ගෙන සිටි නම, ජෝන් හා මහලුවියේදී හෝ මෙසේ එකතු වීමට හැකි වීම දෙදෙනාටම පී‍්‍රතිමත් කරුණක් විය.

 



අදහස් (0)

වසර 50 කට පසු පෙම්වතිය සමඟ විවාහ වෙයි

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 11:11 PM

''සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු..''(දිල්)

:       0       0

චරිත Wednesday, 15 January 2014 07:03 PM

චින්තක කියල කියන්නේ නියම හණමිටි අදහස් තියෙන පොරක්වගෙයි... ලංකාවට වෙලා තියෙන්න ඔන්න ඕකයි......(අ)

:       0       0

සත්‍යා Wednesday, 15 January 2014 06:44 AM

වියපත් නොවන එකම දෙය සැබෑ ආදරයයි.(දිල්)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 09:27 PM

මටත් මේ වගේ හමු වුණා (අ)

:       0       0

මෙන්ඩිස් Tuesday, 14 January 2014 04:29 PM

ඔන්න ඕක තමයි නිවැරදි භාවිතය කියන්නේ. ෆේස් බුක් නිසා වෙන අකරතැබ්බත් සිදු වෙනවානේ (දිල්)

:       0       0

ෂාන් Wednesday, 15 January 2014 10:58 AM

දැන් අපේ අයත් උත්සහ කරයි පරණ පෙම්වතුන් පෙම්වතියන් මේ හරහා හොයන්න. (දිල්)

:       0       0

විද්‍යා Wednesday, 15 January 2014 09:30 PM

ජෝන් අයියේ වැඩේ එළකිරි අනේ අපේ පෙම්වතියො කොහේ ඉන්නවද දන්නේ නෑ. (නදී)

:       0       0

රෝසා Tuesday, 14 January 2014 04:59 PM

ආදරේ කියන්නේ මහා පුදුම බලවේගයක් නේද (දිල්)

:       0       0

සුභාෂණි Wednesday, 15 January 2014 11:24 AM

නීල ඔයාගේ අදහසට මමත් එකගයි.අපේ රටේ කාන්තාවක් පිරිමියෙක් මේ වයසේදී තනියෙන් දුක්විඳින්න ඕන නැත්නම් එක සදාචාරයට හොද නෑ. මේ රටවල මිනිස්සු ඔය හිතින් හදාගත්ත හිරගෙවල්වල ජීවත්වෙන්නේ නැහැ (දිල්)

:       0       0

නීලා Wednesday, 15 January 2014 11:18 PM

චින්තක මෙතැනදී බලල තියෙන්නේ කායික සුවය විතරයි . ජීවිතයට අවසාන අදියරයේදී හැමකෙනෙකුටම අවශ්‍ය එකම දේ මානසික සුවය පමණයි . ජීවිතය තේරුම් ගන්න උත්සහ කරන්න (අ)

:       0       0

චින්තන Wednesday, 15 January 2014 01:09 PM

නාකි විසේ ගෙටත් උසේ (දී)

:       0       0

ශාන්ති Tuesday, 14 January 2014 08:15 PM

මගෙන් ඔබ දෙපලට සුබ පැතුම් ! (නදී)

:       0       0

නුගේගොඩ Tuesday, 14 January 2014 09:22 PM

ගැලපෙන ජෝඩුව. මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

නීලා Tuesday, 14 January 2014 09:28 PM

අපේ රටේ මේ වගේ මගුලක් වුණොත් කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියල . මොකද කියනවනම් ,බලන්නේ වපර ඇසින් නේ.(නදී)

:       0       0

සාලිය Wednesday, 15 January 2014 03:08 PM

ආදරණිය පුවතක්, සැබෑ ආදරය පරාද වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site