මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට වසර 24 කට පසු පෙරේදා (9) විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි විය. මියන්මාර රජය ඇයට එම ගමන් බලපත‍්‍රය ලබා දීමට කටයුතු කළේ ඇය, ලබන ජූලි මාසයේදී බි‍්‍රතාන්‍යයේත්, නෝර්වේ රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානමින් සිටින නිසාය. මියන්මාරයේ ආඥාදායක පාලනයට එරෙහිව අහිංසාවාදී නිහඬ අරගලයක් කළ ඇය වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසුවූවාය. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ හරය මුළු ලොවටම කියා දුන් සූ කී ඉකුත් අපේ‍්‍රල් පළමු වැනි දා මියන්මාර නව සිවිල් රජය පැවැත්වූ අතුරු මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස කටයුතු කරන්නීය. නිවාස අඩස්සියේ සිටි සූ කීට නිදහස ලැබුණේ මියන්මාර දේශපාලනයේ වෙනසක් ඇති වෙමින් තිබියදීය. හමුදා පාලනය අවසන් කරමින් මියන්මාරයේ පිහිටුවූ සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති අතර සූ කී සහභාගී වූ එම අතුරු මැතිවරණය පැවැත්වූයේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට අනුවය. එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල ප‍්‍රශංසාවට ලක් වී ඇති අතර මියන්මාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ද ඒ රටවල් කැමැත්ත පළ කර තිබේ. බි‍්‍රතාන්‍යයට පැමිණෙන්නැයි සූ කීට ආරාධනා කළේ පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා මියන්මාරයට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ය. බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ රටවල සංචාරය සූ කීට පෞද්ගලික වශයෙන් අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුනුපුරු මිණිපිරියන් බලන්නටය. සූ කී බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවි උපාධිධාරිනියක වන අතර ඇය ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට යෑමට ද අදහස් කර ගෙන සිටින්නීය. සූ කීගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතික ජාතික මයිකල් ඒරීස්ය. සූ කී ඔහු සමඟ විවාහ වූයේ 1972 වසරේදීය. මියන්මාරයට පැමිණ දේශපාලනයට සම්බන්ධ වී පසුව නිවාස අඩස්සියට පත් වූ හෙයින් රෝගාතුර වී මියගිය ඒරීස්ගේ අවමංගල්‍යයට පවා සහභාගී වීම සඳහාවත් මියන්මාරයෙන් පිට වන්නට ඇයට අවසර නොලැබිණි. නෝර්වේ සංචාරය ද ඇයට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත. ඒ සඳහා සහභාගි වූයේ එවකට එංගලන්තයේ විසූ, 18 හැවිරිදි ඇලෙක්සැන්ඩර් හා 14 හැවිරිදි කිම් යන පුතුන් දෙදෙනාය. මෙවර ඇය නෝර්වේ රටේ ඔස්ලෝ අගනුවර බලා යන්නේ ඇය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ විශේෂ උළෙලක් නොබෙල් සාම කමිටුව විසින් සංවිධානය කර ඇති නිසාය. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානය කරන ඔස්ලෝ පුරහලේදී ඇයට සාම්ප‍්‍රදායිකව එම ත්‍යාගය පිරිනැමීමට තමන් සූදානමින් සිටින බව නොබෙල් කමිටුව පවසා ඇත.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ුඅය නියම නායිකාවක්
මා ප්‍රියකරන චරිතයක්. ඔබට ජය වේවා