IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වසර 22 කට පසු මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයෙක්

වසර 22 කට පසු  මියන්මාරයට තානාපතිවරයකු නම් කිරීමටත්, ආයෝජන සම්බන්ධයෙන් එරටට පනවා තිබූ සම්බාධක ලිහිල්  කිරීමටත් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (18) පියවර ගත්තේය. මියන්මාරයේ ඇමෙරිකා තානාපති ලෙස ජනපති ඔබාමා විසින් නම් කරනු ලැබ ඇත්තේ ඩෙරික් මිෂෙල්ය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා මියන්මාරයේ කටයුතු සම්බන්ධයෙන් පත් කළ විශේෂ නියෝජිතයා ලෙස මේ වනවිට කටයුතු කරන්නේ ද ඩෙරික් මිෂෙල්ය. ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු විගස  ඩෙරික් මිෂෙල් මියන්මාර තානාපති ලෙස පත් කර මියන්මාරයට යැවීමට ජනපති ඔබාමා සූදානම් වන බව  ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මියන්මාරය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට ඇමෙරිකා ජනපති ඔබාමා තීරණය කළේ මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමින්ය. ඇමෙරිකා ව්‍යාපාරිකයන්ට මියන්මාරයේ ආයෝජන කටයුතුවල නියැලීමට අවසර ලබා දෙන බව ද ජනපති ඔබාමා නිකුත් කළ ප‍්‍රකාශයක දැක්වෙයි. ඇමෙරිකාව පමණක් නොව බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සමග එක්වී, මියන්මාරයට එරෙහිව සම්බාධක පැනැවූයේ වසර 60 ක් තිස්සේ එරට පැවැති දළදඬු හමුදා පාලනයට විරෝධය පළ කරමින්ය. එවකට බුරුමය ලෙසින් ද හැඳින්වුණු මියන්මාරය ලොවෙන් හුදෙකලා කිරීම එම සම්බාධකවල අරමුණ විය. මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා  සූ කී නිවාස අඩස්සියට පත් කිරීම සම්බන්ධයෙන් ද විදෙස් ප‍්‍රජාවගේ උදහසට මියන්මාරයේ හමුදා ජුන්ටාව හසුවිය. 2010 වසරේදී සූ කීට නිදහස ලබා දීමෙන් පසු හමුදා ජුන්ටාව මහ මැතිවරණයක් පැවැත් විය. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ හමුදාවට හිතවත් දේශපාලන කණ්ඩායම්ය. එහෙත් ඔවුන් එක්වී සිවිල් රජයක් පිහිටුවීය. එම සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී, ඒවා කි‍්‍රයාත්මක කිරිමත් සමඟ ජාත්‍යන්තරයේ අවධානය මියන්මාරය වෙත යොමු විය. සූ කී සහභාගී වී ජයගත් අතුරු මැතිවරණය පැවැත්වූයේත් දේශපාලන සිරකරුවන් සිය ගණනකට නිදහස හිමිවූයේත් එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ නිසාය. ”මියන්මාරයේ තත්ත්වය සුබදායකයි. එරට නව දේශපාලන පෙරැුළියක් සිදුවෙනවා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුවකට යොමුවෙලා තිබීම ප‍්‍රශංසනීයයි. මියන්මාරය සමඟ සබඳතා තර කර ගැනීමටත් ඇමෙරිකාව සූදානම්” යැයි ජනපති ඔබාමා නිකුත් කළ නිවේදනයේ  වැඩි දුරටත් සඳහන් වේ. ඇමෙරිකාව පමණක් නොව මියන්මාරයට එරෙහිව පැනැවූ සම්බාධක ලිහිල් කිරීමට  ඕස්ටේ‍්‍රලියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බි‍්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිටත් කටයුතු කර තිබේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා සහ දකුණු කොරියා ජනපති ලී මියුං බක් මේ වනවිටත් මියන්මාරයට පැමිණ එරට ජනපති ත්වෙන් ස්වෙන් සහ විපක්ෂ නායිකා සූ කී හමුවී සාකච්ඡුා පවත්වා ඇත. මියන්මාරයට පනවා තිබූ ආයෝජන සම්බාධක බල රහිත කරමින් ලිහිල් කළත්, කිසියම් විධියක අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වුවහොත්, ඒවා යළි බලාත්මක කිරීමට ද ජනපති ඔබාමාට හැකියාව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



අදහස් (0)

වසර 22 කට පසු මියන්මාරයට ඇමෙරිකා තානාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site