
කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ.
කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවකි. විරෝධතාකරුවන් කඩා වැදී ගිනි තැබුවේ එක් කොටසකට පමණය. ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.
පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය ජීව උණ්ඩ යොදා ගනිමින් කලහකාරී පිරිසට වෙඩි තැබූ බවත්, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී, කෙන්යා ජනාපධිති විලියම් රූටෝ සහ මැති ඇමැතිවරුන් ආරක්ෂිතව පිටතට රැගෙන ගිය බව ද වාර්තා වේ.
බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් එම නව මූල්‍ය පනත් කෙටුම්පතට පසුගිය කාලය පුරාවට කෙන්යා වැසියන්ගේ විරෝධය පළ විය. විරෝධතා උත්සන්න වී ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සමම්ත වෙද්දීය.
විරෝධතා මෙහෙයවීම කළේ තරුණ සංවිධාන මැදිහත් වෙමිනි. විරෝධතා ආරම්භ වූයේ, ජීවන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති අවස්ථාවක බදු ඉහළ දැමීම කිසිසේත් නොකළ යුතු බවත්, නව පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙසත් බල කරමිනි.
පනත් කෙටුම්පත සමම්ත වෙද්දී නයිරෝබි අගනුවරට රැස්වුණු දස දහස් ගණනක් විරෝධතාකරුවන් අතරේ ඇමෙරිකාවේ හිටපු ජනාපධිති බැරැක් ඔබාමාගේ ඥාති සොහොයුරියක සිටි බවත්, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට ඇය හසුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පස් දෙනකු මියගිය බවත්, 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්ය. විරෝධතා උත්සන්න වෙද්දී, කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ජනතාව අමතමින් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තමන් ප්‍රමුඛත්වය දෙන බවය. කෙන්යා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ කනස්සල්ලෙනි.
තම රජය හඳුන්වා දීමට උත්සාහ ගන්නා නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට සාමකාමීව විරෝධතා පැවැති නමුත් අපරාධකරුවන් ඊට සම්බන්ධ වී, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් ඔවුන් දිගින් දිගටම මර්දනය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාපධිතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට තමන් හැකි සෑම දෙයක්ම කරන බවත්, සාමයට තර්ජනයක් වීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් ජනාපධිති රූටෝ අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විරෝධතාකරුවෝ කෙන්යා පාර්ලිමේන්තුවට කඩා වදිති
Haris Wednesday, 26 June 2024 05:27 AM
කෙන්යාවෙත් ජෙප්පෝ ඉන්නවා
ලුම්බිණි Wednesday, 26 June 2024 06:44 AM
චීන ණය සහ අයි එෆ් එම් එක තමයි වග කියන්න ඕන.
sam Wednesday, 26 June 2024 08:05 AM
ලංකාවේ 225 වගේම කට්ටියම ඉන්න රටක්. ජනතාව පව්.....