IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


වරද පිළිගෙන නිදහස ලැබූ ඇසෙන්ජ් බිරිඳ දරුවන් ළඟට

ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටියේය.

ඇමෙරිකන් බලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව, ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි යන චෝදනාවට තමන් වරදකරු බව අසාන්ජ් අධිකරණය හමුවේ පිළිගත්තේය. 2019 වසරේ සිට මේ දක්වා අසාන්ජ් බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිරගතව සිටියේය.

සිරගතව සිටි එම කාලය සැලකිල්ලට ගනිමින්, වරද පිළිගත් අසාන්ජ්ට ඇමෙරිකන් අධිකරණයෙන් දඬුවම් නියම නොවිණි. ඒ අනුව, අසාන්ජ් නිදහස ලැබූ අතර, ඕස්ට්‍රේලියා රජය ලබා දී තිබූ විශේෂ ගුවන් යානයෙන් අසාන්ජ් ඕස්ට්‍රේලියව බලා ගියේය.

52 හැවිරිදි අසාන්ජ් ඕස්ට්‍රේලියනුවෙකි. නිදහස ලැබූ අසාන්ජ් ගියේ ඕස්ට්‍රේලියාවේ සිටින බිරිඳ ස්ටෙලා සහ දරු දෙදෙනා ළඟටය. අසාන්ජ් ඔහුගේ දිගු කාලීව පෙම්වතිය වූ ස්ටෙලා සමඟ විවාහ වූයේ 2022 වසරේදීය. ඒ, අසාන්ජ් සිරදඬුවම් විදිමින් සිටිද්දී, අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි.

අසාන්ජ් සිට විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකන් හමුදාවේත්, ඇමෙරිකන් රජයේත් රහස් හෙළි කළේ 2010 වසරේදීය. ඕස්ට්‍රේලියානු ජාතිකයකු වුවත් අසාන්ජ් වැඩි කාලයක් ජීවත්ව සිටියේ ස්වීඩනයේය.

විකිලීක්ස් අනාවරණයෙන් පසු, ඇමෙරිකා ආරක්ෂක අංශ, ස්වීඩන අධිකරණයේ ද සහාය ලබා ගනිමින්, අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී, ඔහු සිටියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරය. අත්අඩංගුවෙන් බේරී, ඇමෙරිකාවට පිටුවහල් කිරීම වළකා ගනිමින්, අසාන්ජ් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඒ, 2012 සිට 2019 අප්‍රේල් මාසය දක්වාය. 

2019 අප්‍රේල් මාසයේ තානාපති නිලධාරීන් සමඟ අසාන්ජ් ගැටුමක් ඇති කර ගත්තේය. ඒ සමඟ ඔහුට එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව අහිමි විය. තානාපති කාර්යාලය අසාන්ජ් බ්‍රිතාන්‍යයේ පොලිසියට බාර දුන්නේය. අසාන්ජ් බෙල්මාර්ෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරය යැවීම සිදුවූයේ ඒ අනුවය.

ඇමෙරිකා බලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවයට අනුව, අසාන්ජ් ඕස්ට්‍රේලියානු රජයන් කුලී පදනම මත ලබා දුන් කුඩා විශේෂ ගුවන් යානයකින්, පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාව අසල පිහිටි මරියානා දූපත් බලා ගියේය. ගුවන් යානය ලන්ඩන් සිට කෙළිම පියාසර කළේ තායිලන්තයේ බැංකොක් අගනුවරටය. පසුව, ඉන්ධන පුරවා ගත් යානය මරියානා දූපත් බලා ගියේ ය.

මරියානා දූපත් ඇමෙරිකාවට අයත් එකකි. අසාන්ජ් පෙනී සිටියේ මරියානා දූපතේ අතර් ප්‍රධාන සහ විශාලතම දූපත ලෙස සැලකෙන සයිපෙන් දූපතේ  ඇමෙරිකන් අධිකරණය හමුවේය. 
ඇමෙරිකා බලධාරීන් සහ අසාන්ජ් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ වත්මන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජයෙන්, ඕස්ට්‍රේලියා රජය කළ ඉල්ලීමක් අනුවය. තම පුරවැසියකු වන අසාන්ජ්ට එරෙහි චෝදනා ඉවත දමා, වසර 14 ක් තිස්සේ පැවැති අර්බුදය නිමා කර, අසාන්ජ්ට ඕස්ට්‍රේලියාව බලා එන්න ඉඩ දෙන්නැයි ඕස්ට්‍රේලියා රජය ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුණි.



අදහස් (3)

වරද පිළිගෙන නිදහස ලැබූ ඇසෙන්ජ් බිරිඳ දරුවන් ළඟට

යෝගා Wednesday, 26 June 2024 11:58 AM

ඔන්න බලාගනිල්ලා බටහිර රටවල් නීතිය නවන හැටි. අපේ වගේම තමයි. ඔය ඔක්කෝම යාලුවෝ....

:       5       27

Swene Thursday, 27 June 2024 04:36 AM

නීතිය නැවිමද ? වරද පිළිගැනීම සහ සිරගත වූ කාලය සළකා සහනයක් සැලසීමද ? නඩු කෙළවර නොකොට දිගටම සිරගතව තැබීම නිතිය හරියට ක්‍රියාත්මක කිරීමක්ද ?

:       0       0

Bandara Thursday, 27 June 2024 02:42 AM

තව මේ කරාපු වැඩේ හොඳයි. මම හිතුවෙම පේල්න් කඩා වැටෙයි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site