නඩුව විභාග කිරීම අමතක කර දමා තම වෘත්තීය සගයෙකුට අතින් පයින් සංග‍්‍රහ කළ විනිසුරුවරයෙක් ගැන වාර්තා වන්නේ මෙක්සිකෝවෙනි.
පහරදීමට හේතුව ලෙස හෙළිවී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අපහාසාත්මක කියමනකි.
පහර කෑ පුද්ගලයාද විනිසුරුවරයෙකි.
ඒ අසා කෝප වු මුලසුනෙහි සිටි විනිසුරුවරයා මුලසුනෙන බිමට පැන
ශාලාව ඔස්සේ දිව ගොස් ඔහුට ‘‘වැටෙන්නට‘‘ පහර දුන්නේය.නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ බැවින් මේ සියල්ල රටටම දැක ගත හැකි විණි.
විනිසුරුවරයා තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයැද ඇත.එසේ වුවත් ඔහුගේ වෘත්තීය සගයන් ඔහුට සමාව දීමට සූදානම් සෙයක් පෙනෙන්නට නැත.
අධිකරණකට උත්තම පුද්ගලයා ලෙස සැළැකෙන විනිසුරුවරයා කවර අවස්ථාවකදී වුවද සියල්ලන්ට ආදර්ශයක් වන සේ හැසිරිය යුතුයැයි ඔවුන්ගේ අදහසයි.සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමට විනිසුරුවරයා තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි ඔවුන් කියයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විනිසුරු උසාවියේදී සගයාට ගහයි
මොහාන් Wednesday, 04 September 2013 01:24 PM
දුම්මලසුරිය කරුණාකරලා ස්වභාවික යුක්ති ධර්ම මුලධර්ම දෙක කියන්නකෝ. ස්තුතියි (ස)
ටිරෝන් Monday, 02 September 2013 09:55 PM
අපේ රටේ අය නම් ඔය විදියට මෝඩ තාලෙන් හැසිරෙන්නෙ නැහැ (නි)
දයා අලහකෝන් Monday, 02 September 2013 03:50 PM
මෙහෙත් පටන් ගනිද? (ස)
ලලිත් Tuesday, 03 September 2013 12:32 AM
මෙම ආචාර්ය උපාධිය ගැන සොයා බැලිය යුතුයි (නි)
දුම්මලසූරිය Tuesday, 03 September 2013 01:00 AM
එතකොට මේ ගහපු නඩුව අහන්නේ කුමන උසාවියේද? මොකද ප්‍රධාන විනිසුරුනේ මෙතන වැරදිකරු... (නි)
කුමාර් Monday, 02 September 2013 04:43 PM
මේයා ෂුවර් එකටම අර අපේ අහවල් එක්කෙනාගේ හොඳ හිතවතෙක් වෙන්න ඇති. (නි)
උපාලි Tuesday, 03 September 2013 05:40 AM
දයා,හේරත්, ඇයි මතක නැද්ද මේකට ටිකක් සමාන දෙයක් චෙන්නායි නගරේදී සිද්ධ වුණා. ඒකෙදි නම් අපේ නඩුකාර හාමුදුරුවන්ගේ නම එහෙම වැඩිය ප්‍රසිද්ධ වුනේ නැහැ. මොක වුනත් අපි හොඳ ආරම්භයක් දීලා තියෙනවා. දැන් අවශ්‍ය මේක උසාවියෙදිම තව දුරටත් ව්‍යාප්ත කරන්නයි. (නි)
උපාලි Tuesday, 03 September 2013 07:21 AM
දුම්මලසුරිය, ඔබ එහෙම ඇහුවේ උපහාසයට නම් මේ කියනදේට මට සමාවන්න. නමුත් ඔබ ඇහුවේ ඇත්තටම නම් ඒක ඉතාම වටිනා ප්‍රශ්නයක්. සියලුම ශිෂ්ඨ ජාතීන් පිළිගන්න ස්වභාවික යුක්තිය පිළිබඳ මුලධර්ම දෙකෙන් එකක් තමයි "තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුය" කියලා. ඒ අනුව, මේ විනිසුරුටවත් මෙතන හිටපු අනික් විනිසුරෙකුටවත් මේ නඩුව අහන්න බැහැ. වෙනත් විනිසුරෙක් නඩුව ඇසිය යුතුයි. මෙතන පහරදීම සිදුකළ විනිසුරු විත්තිකරු වෙනවා. අනික් විනිසුරන් සාක්කිකාරයෝ වෙනවා. (නි)
හේරත් Monday, 02 September 2013 05:31 PM
අපේ රටේ අයත් මේක ආදර්ශයට ගත්තොත්? (නි)
කේ.යූ. Monday, 02 September 2013 06:00 PM
අපේ රටෙත් නඩු වීඩියෝ කරන්න අවස්ථාව ලබාදුන්නොත් හොදයි (නි)
දුම්මලසූරිය. Tuesday, 03 September 2013 09:52 AM
ඇත්තටම උපාලි මේ සිද්ධිය කියවද්දී මගේ හිතට නැගුන ප්‍රශ්නය තමා මම ඇහුවේ? එහෙම නැතිව අපහාසයකවත්....උපහාසයක්වත් ....කරන අදහසක් ඒ වෙලාවේ මට හිතට අවේ නැහැ... ඔබේ පිළිතුරට ගොඩක් ස්තුතියි. (ස)