
බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක, විභාග පැවැත්වෙන අතරතුරේ සිදු කළ වෙඩි තැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලැබුවේය.
වෙඩි තැබීම කළේ වෛද්‍ය විද්‍යාලයේ රයිහාන් ෂරීෆ් නමැති ආචාර්යවරයෙකි. ආචාර්යවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පැවැසෙයි.
වෙඩි තැබීම කළ ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්ෂණිකව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සිසුහු විරෝධතාවක් ද පැවැත්වූහ.
විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (6) රයිහාන් ෂරීෆ් අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ 23 හැවිරිදි සිසුවෙකි. එම සිසුවා සහ ආචාර්යවරයා අතරේ ආරවුලක් පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා අශීලාචාර මිනිස්සු ඉන්න රටක්, ආචාර්යවරු මෙහෙම නම් අනෙක් මිනිස්සු ගැන කුමන කතාද? දැක්කනේ ක්‍රිකට් විනිසුරු කරපු වැඩේ?