නව තාක්ෂණය හමුවේ සියවස් ගණනක් පැරණි වෙද නළාවටත් කෞතුගාරය උරුම වන සෙයක් පෙනේ.
වෛද්‍යවරු දැන් දැන් වෙද නළාවේ කාර්යයට අධි තාක්ෂණික උපකරණ භාවිතයට හුරුවී තිබීම මිට හේතුවයි.ඒවායිනුත් ඉදිරියෙන් සිටින්නේ අතේ ගෙනයාහැකි තරමේ වන අතිධ්වනි උපකරණයන්ය.
අතීතයේදී අති ධ්වනිය ගර්භණී සමයේ මවකගේ කුසෙහි සිටිනා දරුවා නිරීක්ෂණය කිරීම සදහා පමණක් සීමා වී තිබුණද දැන් එය අතෙහි ගෙනයා හැකි උපකරණ වලටත් පැමිණ ඇත.මෙම උපකරණ භාවිතයෙන් රෝගියා ඇදෙහි සිටියදීම පරිලෝකනය කර බැලීමට වෛද්‍යවරයාට හැකියාව ලැබෙන අතර වඩාත් හොදින් අවයවයන් කි‍්‍රයාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමටද හැකිය.
දැනට බි‍්‍රතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල වෛද්‍යවරුන් වෙද නලාව අතහැර විවිධාකාරයේ උපකරණ වෙත මාරු වෙමින් සිටින බව සදහන්ය.
වෙද නළාව 1816 දී ප‍්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ රෙනේ ලෙනෙක් අතින් නිපැදවුනකි.එදා සිට මේ දක්වා වැඩි වෙනසකට භාජනය නොවී එකම ආකාරයට එය පැවතගෙන පැමිණ තිබේ.
වෙද නළාව අභාවයට යන දිනය ළග යැයි කියන පිරිස් අතර එය එසේ නොවන්නේයැයි කියන පිරිසක්ද සිටී.
‘‘වෙද නළාව අභාවයට යන්නට තවත් බොහෝ කාලයක් ගතවේවි.අති ධ්වනි තරංග උපකරණය මෙන්ම වෙද නළාවත් වෛද්‍යවරුන්ට ප‍්‍රතිකාර සදහා වුවමනා වේවි.මොකද වෛද්‍යවරු කරන්න ඕන උපකරණ ගැන වාද විවාද කරමින් සිටීම නොවේ.තියෙන උපකරණයෙන් කෙහොමද රෝගියාට උපකාරී වන්නේ කියන එකයි ඔවුන් සැළකිය යුත්තේ.මෙනිසා වෙද නළාව දැන්ම අභාවයට යන එකක් නැහැ.නමුත් අනාගතයේදී එය සිදුවන්නට ඉඩ තිබෙන බවක් තමයි පෙනෙන්නේ.‘‘
යැයි පවසන්නේ එංගලන්තයේ එඩින්ග්බර්ග් බටහිර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන වෛද්‍ය ඇන්ඩෘ එල්ඩර්ය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙද නළාවත් කටුගෙට
ඇන් Friday, 31 January 2014 07:17 AM
අනේ ලංකාවේ නම් ඕක අභාවයට යන්නේ නැහැ. මොකද දොස්තරලා ඒක පාවිච්චි කරන්නේ ලෙඩ අඳුරගන්න නෙවෙයිනේ. (නදී);