IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වෙඩික්කරුගේ අරමුණ තවමත් පැහැදිලි නැහැ

තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන  එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයෝ පවසති.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙසය. පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ එළිමහන් පිට්ටනියක වේදිකාවක මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දී, අසල ගොඩනැගිල්ලක වහලේ සිටි තෝමස් මැතිව් කෲක්ස් ට්‍රම්ප්ට වෙඩි තැබුවේය.

එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ කන පසාරු කළ නමුත්, එයින් ට්‍රම්ප්ට බරපතළ තුවාලයක් සිදුවූයේ නැත. තෝමස් මැතිව් කෲක්ස් ට්‍රම්ප්ට වෙඩි තබා තත්ත්පර කීපයක් යද්දී, ඔහු සිටි තැන දැනගත්, සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශයයේ ස්පයිපර් තුවක්කුකරුවෙක්, තෝමස් මැතිව් කෲක්ස්ට වෙඩි තබා මරා දැමුවේය.

තෝමස් මැතිව් කෲක්ස් සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇති නමුත්, ඔහු ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළේ කුමන් අරමුණකින්ද යන්න මෙතෙක් හෙළි වී නැතැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ තොරතුරු පාදක කර ගනිමින් ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබේ. බයිඩන් මෙසේ පැවැසුවේ, ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතිය අමතමිනි.

වෙඩි තැබීම කළ තෝමස් මැතිව් කෲස්ගේ නිවස ඇත්තේ, ට්‍රම්ප්ගේ රැලිය පැවැත්වුණු ස්ථානයේ සිට පැයක පමණ දුරකිනි. 20 හැවිරිදි කෲක්ස්, උසස් අධ්‍යාපනය ලබා උපාධිය හිමිකර ගත්තේ, බෙතල් පාර්ක් උසස් පාසලෙනි. ඔහු ගණිත දක්ෂයෙකි. ගණිත තරඟවලින් සහ විද්‍යා තරඟවලින් කැපී පෙනෙන දස්කම් පෑ තරුණයෙකි. ජාතික ගණිත තරඟාවලිය ජයග්‍රහණය කරමින් කෲක්ස් ඇමෙරිකන් ඩොලර් 500 ක මුදල් ත්‍යාගයක් ද දිනාගත් බව පැවැසෙයි.

කෲක්ස් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී පූර්ණ සහාය ලබා දෙන බව බෙතල් පාර්ක් උසස් පාසල පවසා ඇත. පාසලේ ගුරුවරුන්ට අනුව, කෲක්ස් දීප්තිමත් සිසුවෙකි. කෲක්ස් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස ලියාපදිංචි වූ තැනැත්තෙකි. නිසි වයස සම්පූර්ණ කිරීමෙන් පසු, කෲක්ස් ඡන්දය දැමීමට සූදානම් වූ පළමු ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට ජනාධිපතිවරණයයි.

රිපබ්ලිකන් පාක්ෂිකයකු ලෙස ලියාපදිංචි වීමට පෙර, කෲක්ස් වයස අවුරුදු 17 දී, දේශපාලන කමිටු කීපයකට මුදල් ආධර පරිත්‍යාග කළ බව පැවැසෙයි. එම දේශපාලන කමිටු සියල්ල ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේය. ඔහු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම කළේ, ට්‍රම්ප් රැලිය අමතමින් සිටි ස්ථානයට අඩි 400 ක් පමණ දුරින් උස් ගොඩනැගිල්ලක වහලයේ දිගා වෙමිනි.

වෙඩි තැබීමට භාවිතා කළේ ‘ඒ.ආර්.15’ වර්ගයේ රයිෆලයකි. මෙය ඇමෙරිකාවේ බහුලව මිලදී ගැනීමට හැකි ගිනි අවි වර්ගයකි. එසේ වුවත්, කැලිෆෝනියා, කනෙනිකට්, ඩෙලවෙයාර්, ඉලිනෝයි, මේරිලන්ඩ්, මැසචුසෙට්ස්, නිව් ජර්සි, නිව්යෝක් සහ වොෂින්ටන් යන ඇමෙරිකන් ජනපදවල මෙම තුවක්කුව තහනම්ය. වියට්නාම් යුද්ධයේ දී ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් බහුලව භාවිතා කළේ ‘ඒ.ආර්.15’ තුවක්කුය. ආරක්ෂක අංශ සාමාජිකයන් කෲක්ස් භාවිතා කළ මෝටර් රථය සොයා ගත් අතර, එය තුළ තිබී පුපුරන ද්‍රව්‍ය හමුවුණු බව ද පැවැසෙයි.



අදහස් (1)

වෙඩික්කරුගේ අරමුණ තවමත් පැහැදිලි නැහැ

Ruwan De Silva Monday, 15 July 2024 06:55 PM

කාගේ හරි කොන්ත්‍රාත්තුවකට අකාලයේ නැති වෙච්ච එක් ජීවිතයක්. අම්මා තාත්තාට, නෑයොන්ට කොච්චර නම් අපකිර්තියක් ඇද්ද සමාජයේ. පව් ඒ මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1588 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site