වකුගඩු රෝගයට හේතුවන්නේ අධි ප්‍රෝටීන් සහිත ආහාර බව පර්යේෂකයන් පිරිසක් විසින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂණය සිදුකළ ස්පාඤ්ඤ විද්‍යාඥයින් පවසන්නේ අධි ප්‍රෝටීන් සහිත ආහාර වලින් වකුගඩුවල ගල් හටගැනීමේ රෝගය ද ඉහළ යාමේ අවධානමක් තිබෙන බවයි.

ශරීරයේ පතිවන මුත්‍රාවල සිට්රේට් ලවණය අඩංගු වීම මිට හේතුවී ඇත. මේ ලවණ කැල්සියම් ලුණු ස්පටික වීම එනම් ගල් බවට පත්වීම වළක්වයි. කැල්සියම් වකුකඩුවල ගල් සෑදීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි.