IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලොව සතුටුම රට ෆින්ලන්තය

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය.

ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.

ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙවර, රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ පවත්වා, සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කෙරුණි.

දළ දේශීය නිෂ්පාදනය, වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් ලොව සතුටින්ම සිටිය හැකි රට තේරීම සිදුවෙයි.

ෆින්ලන්තය සැලකෙන්නේ නෝර්ඩික් කලාපීය රටවල් අතරටය. ෆින්ලන්තයට පසු පිළිවෙළින් ලොව සතුටින්ම සිටිය හැකි රටවල් අතරට වෙනත් නෝඩික් රටවල් වන ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සිටී.

ලොව සතුටින්ම සිටිය හැකි රටවල් ලැස්තුවේ අවසන් ස්ථානයේ එනම් 143 වැනි ස්ථානයේ පසුවන්නේ, 2021 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු යළි තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතු වුණු ඇෆ්ගනිස්තානයයි. මෙම ලැයිස්තුවට අනුව, මහා බ්‍රිතාන්‍යය 20 වැනි ස්ථානයේත් ඇමෙරිතාව 23 වැනි ස්ථානයේත් පසුවෙයි.

ශ්‍රී ලංකාව ඇත්තේ 126 වැනි ස්ථානයේය. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (14)

ලොව සතුටුම රට ෆින්ලන්තය

රංබොඩ Wednesday, 20 March 2024 02:59 PM

මේක දැකලා ලංකාවේ අය ෆින්ලන්තයට යන්න දඟලාවිද දන්නේ නෑ...

:       1       21

NILANTHA Wednesday, 20 March 2024 03:11 PM

අපිට සතුටු නැති වුණත් ආතල් නම් දෙනවා අපේ අය.

:       0       38

Muthu Wednesday, 20 March 2024 03:30 PM

මේ කතාව විශ්වාස කරන්න බෑ. අපි (ලංකාව) තමයි සතුටින්ම ඉන්න රට. ආණ්ඩුව අපිව 65% බඩගින්නේ ඉන්න බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලම කියනවා. නමුත් අපි හිනාවෙලා ඉන්නවා. ඡන්ද තියන්න ඕනෑ කාලේ අවු 3 - 4 පහුවෙලා ඒත් අපිට ගානක් වත් නෑ. පුදුම සතුටකින් ඉන්නේ අපි. අපිට රුපියල් 100වත් පඩි වැඩිවීමක් ගන්න බෑ.. නමුත් මහ බැංකුව 75% පඩි වැඩි කරගෙන, අපි ඉන්නේ නිකන් අපිට වැඩි වුණා වගේ. අම්මලා වහල්කම් කරලා එවන ඩොලර් ටිකවත් ගන්න විදියක් නෑ. රේට් එක බස්සාගෙන යනවා. අන්තිමේ අතට සොච්චමයි. අපිට හාන්කවිසියක් නෑ. එච්චර සතුටින් ඉන්න මින්ස්සු කොහේද ඉන්නේ..? සල්ලි නැතිම වුනොත් අපිට වකුගඩු දෙකක් තියෙනවානේ කියලා සතුටින් ඉන්නවා. ඉස්පිරිතාලේ බෙහෙත් නෑ. තිබුණත් බොන්න බයයි... හොර පාරෙන් ආපු බාල ඩයි දාපු වතුර. ඒත් අපි හෙන ජොලියේ ඉන්නේ. විගණකාධිපති කියනවා කෙලින්ම ට්‍රිලියන 14 වැඩිය හොරා කාලා කියලා ගත්තු ණය වලින්, අපිට ඒක අහලත් මාර ජොලියක් තියෙන්නේ. බාල බෙහෙත් බීලා/ ගහලා මිනිස්සු මැරෙනවා/ අන්ධ වෙනවා. ඒත් බලන්නකෝ අපේ ජොලිය, ෆින්ලන්තේට වඩා අපි කොච්චර ජෝලියේද ඉන්නේ...?

:       0       73

චන්දනWednesday, 20 March 2024 04:28 PM

මේ කතාව හරියටම හරි....ඔය කියන ඇස්තමේන්තුව වැරදි..ලංකාවත්එක්කඇරියස් තියෙන කෙනෙක් ඕක හදල තියෙන්නේ...අපේජනාධිපතිප්‍රමුඛ ආණ්ඩුවෙන් අහල නෙවි ඕක හදල තියෙන්නේ.. සතුටින්ම ඉන්න රට සිරි ලංකාව.

:       0       27

පිටරටවැසියා Wednesday, 20 March 2024 05:55 PM

රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු සිරි ලංකාවේ ඕසේට. දේශීය නිෂ්පාදනය කෙසේ වෙතත් ආනයන බිත්තර. ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස සමගින් ඇතිතරම් සියදිවි හානිකරගනීම්. ත්‍යාගශීලී බව වෙනුවෙන් හොරකම. තව, දිනපතා ගිණි අවි සහ ගිණි කෙළි සංදර්ශන, දියවන්නාවේ ගොං පාට්.... ඉතිං සිරි ලංකාව තමයි ලොව සතුටුම රට වෙන්න ඕනෙ ...

:       0       0

chandima Wednesday, 20 March 2024 10:22 PM

අලි බබයි හොරු දෙසිය හතළිහයි ගියාම ලංකාවත් ඔය වගේ වෙනවා

:       0       4

Nihal Wednesday, 20 March 2024 10:43 PM

ඔය කියන රට සියදිවි හානිකරගැනිමෙනුත් පලමු තැන

:       4       1

Rohana Wednesday, 20 March 2024 10:48 PM

ලොකයේම සිටින දේශපාලකයින් අතර වැඩියෙන්ම සතුටින් ඉන්න දේශපාලකයින් ඉන්නේ ලංකාවේ.ඒ අතින් ලංකාවට ගහන්න රටක් ලෝකයේ කොතැනකවත් නැත.

:       0       7

m saman perera Thursday, 21 March 2024 01:55 AM

ෆින්ලන්තයට වඩා අපි කොච්චර සතුටින් ද ජොලියෙන්ද ඉන්නේ. අසිරිමත් අපේ රටේ මිනිස්සු ජොලියෙන් ඉන්නේ

:       0       2

bandula Thursday, 21 March 2024 06:09 AM

2023 Finland සංචාරයේ මා අසනීප වී දරුණු කැස්සකින් පීඩා වී ,HELSINKI නුවර වෛද්‍ය සේවය ගැනිමට ගියා . ඕස්ට්රලියානු පුර වැසියන්ට නොමිලේ දෙන ගිවිසුමක් තිබුනද එහි ගියවිට පැය 2ක් රස්තියාදු කර ,කාලය ඉව‍ර උනා කියලා දොස්තර නැගිටලා ගියා .මුළු දවසම ගත කල මුත් අවසානයේ පුද්ගලික සායනයක euro 260 ගෙවා විනාඩි 10 appointment පැය 4 ක waiting වෙන්න සිදු උනා .එඅ අය සතුටු උනාට පිට අය සතුටු නැ

:       2       7

රනේ Thursday, 21 March 2024 07:08 AM

අතිශයෙන්ම තද දුක් දරාගෙන සතුටින්ම ඉන්නෙ ලංකාවෙ අපි!

:       1       2

Bunny Preena Thursday, 21 March 2024 09:19 AM

කවුරුවත් ලංකාව දාලා යන්න හදන්න එපා.2048 වෙනකොට ෆින්ලන්තයේ අයත් ලංකාවට එන්න පොරකන තත්වයක් උදා කරන්න පුළුවන් කෙනෙක් මෙහෙ පහල වෙලා ඉන්නේ

:       1       10

සුපුන් Thursday, 21 March 2024 12:13 PM

ෆින්ලන්තය ලංකාවට වඩා සියදිවි නසා ගැනීම් අගය වැඩි, සියදිවි නසා ගැනීම් වාර්තාවේ ඉහළින් සිටින රටක්. ඉන්ටනෙට් එකේ විස්තර තියෙනවා. අනික ඔය රටවල් වල මිනිස්සු ආසියානු රටවල අය තරම් දන් දෙන අයත් නෙමෙයි. මිත්‍යා දර්ශන තියෙන මිනිස්සු.

:       1       3

පිටිගල මිලානෝ Thursday, 21 March 2024 12:43 PM

සතුටින් හිටපු පරාදීසයක් වුණ ලංකාව මයිනෙක් කොටලා කොටලා විනාශ කලා….

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site