
ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය.
ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.
ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙවර, රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ පවත්වා, සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කෙරුණි.
දළ දේශීය නිෂ්පාදනය, වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් ලොව සතුටින්ම සිටිය හැකි රට තේරීම සිදුවෙයි.
ෆින්ලන්තය සැලකෙන්නේ නෝර්ඩික් කලාපීය රටවල් අතරටය. ෆින්ලන්තයට පසු පිළිවෙළින් ලොව සතුටින්ම සිටිය හැකි රටවල් අතරට වෙනත් නෝඩික් රටවල් වන ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සිටී.
ලොව සතුටින්ම සිටිය හැකි රටවල් ලැස්තුවේ අවසන් ස්ථානයේ එනම් 143 වැනි ස්ථානයේ පසුවන්නේ, 2021 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු යළි තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතු වුණු ඇෆ්ගනිස්තානයයි. මෙම ලැයිස්තුවට අනුව, මහා බ්‍රිතාන්‍යය 20 වැනි ස්ථානයේත් ඇමෙරිතාව 23 වැනි ස්ථානයේත් පසුවෙයි.
ශ්‍රී ලංකාව ඇත්තේ 126 වැනි ස්ථානයේය. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැකලා ලංකාවේ අය ෆින්ලන්තයට යන්න දඟලාවිද දන්නේ නෑ...
අපිට සතුටු නැති වුණත් ආතල් නම් දෙනවා අපේ අය.
මේ කතාව විශ්වාස කරන්න බෑ. අපි (ලංකාව) තමයි සතුටින්ම ඉන්න රට. ආණ්ඩුව අපිව 65% බඩගින්නේ ඉන්න බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලම කියනවා. නමුත් අපි හිනාවෙලා ඉන්නවා. ඡන්ද තියන්න ඕනෑ කාලේ අවු 3 - 4 පහුවෙලා ඒත් අපිට ගානක් වත් නෑ. පුදුම සතුටකින් ඉන්නේ අපි. අපිට රුපියල් 100වත් පඩි වැඩිවීමක් ගන්න බෑ.. නමුත් මහ බැංකුව 75% පඩි වැඩි කරගෙන, අපි ඉන්නේ නිකන් අපිට වැඩි වුණා වගේ. අම්මලා වහල්කම් කරලා එවන ඩොලර් ටිකවත් ගන්න විදියක් නෑ. රේට් එක බස්සාගෙන යනවා. අන්තිමේ අතට සොච්චමයි. අපිට හාන්කවිසියක් නෑ. එච්චර සතුටින් ඉන්න මින්ස්සු කොහේද ඉන්නේ..? සල්ලි නැතිම වුනොත් අපිට වකුගඩු දෙකක් තියෙනවානේ කියලා සතුටින් ඉන්නවා. ඉස්පිරිතාලේ බෙහෙත් නෑ. තිබුණත් බොන්න බයයි... හොර පාරෙන් ආපු බාල ඩයි දාපු වතුර. ඒත් අපි හෙන ජොලියේ ඉන්නේ. විගණකාධිපති කියනවා කෙලින්ම ට්‍රිලියන 14 වැඩිය හොරා කාලා කියලා ගත්තු ණය වලින්, අපිට ඒක අහලත් මාර ජොලියක් තියෙන්නේ. බාල බෙහෙත් බීලා/ ගහලා මිනිස්සු මැරෙනවා/ අන්ධ වෙනවා. ඒත් බලන්නකෝ අපේ ජොලිය, ෆින්ලන්තේට වඩා අපි කොච්චර ජෝලියේද ඉන්නේ...?
රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු සිරි ලංකාවේ ඕසේට. දේශීය නිෂ්පාදනය කෙසේ වෙතත් ආනයන බිත්තර. ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස සමගින් ඇතිතරම් සියදිවි හානිකරගනීම්. ත්‍යාගශීලී බව වෙනුවෙන් හොරකම. තව, දිනපතා ගිණි අවි සහ ගිණි කෙළි සංදර්ශන, දියවන්නාවේ ගොං පාට්.... ඉතිං සිරි ලංකාව තමයි ලොව සතුටුම රට වෙන්න ඕනෙ ...
අලි බබයි හොරු දෙසිය හතළිහයි ගියාම ලංකාවත් ඔය වගේ වෙනවා
ඔය කියන රට සියදිවි හානිකරගැනිමෙනුත් පලමු තැන
ලොකයේම සිටින දේශපාලකයින් අතර වැඩියෙන්ම සතුටින් ඉන්න දේශපාලකයින් ඉන්නේ ලංකාවේ.ඒ අතින් ලංකාවට ගහන්න රටක් ලෝකයේ කොතැනකවත් නැත.
ෆින්ලන්තයට වඩා අපි කොච්චර සතුටින් ද ජොලියෙන්ද ඉන්නේ. අසිරිමත් අපේ රටේ මිනිස්සු ජොලියෙන් ඉන්නේ
2023 Finland සංචාරයේ මා අසනීප වී දරුණු කැස්සකින් පීඩා වී ,HELSINKI නුවර වෛද්‍ය සේවය ගැනිමට ගියා . ඕස්ට්රලියානු පුර වැසියන්ට නොමිලේ දෙන ගිවිසුමක් තිබුනද එහි ගියවිට පැය 2ක් රස්තියාදු කර ,කාලය ඉවර උනා කියලා දොස්තර නැගිටලා ගියා .මුළු දවසම ගත කල මුත් අවසානයේ පුද්ගලික සායනයක euro 260 ගෙවා විනාඩි 10 appointment පැය 4 ක waiting වෙන්න සිදු උනා .එඅ අය සතුටු උනාට පිට අය සතුටු නැ
අතිශයෙන්ම තද දුක් දරාගෙන සතුටින්ම ඉන්නෙ ලංකාවෙ අපි!
කවුරුවත් ලංකාව දාලා යන්න හදන්න එපා.2048 වෙනකොට ෆින්ලන්තයේ අයත් ලංකාවට එන්න පොරකන තත්වයක් උදා කරන්න පුළුවන් කෙනෙක් මෙහෙ පහල වෙලා ඉන්නේ
ෆින්ලන්තය ලංකාවට වඩා සියදිවි නසා ගැනීම් අගය වැඩි, සියදිවි නසා ගැනීම් වාර්තාවේ ඉහළින් සිටින රටක්. ඉන්ටනෙට් එකේ විස්තර තියෙනවා. අනික ඔය රටවල් වල මිනිස්සු ආසියානු රටවල අය තරම් දන් දෙන අයත් නෙමෙයි. මිත්‍යා දර්ශන තියෙන මිනිස්සු.
සතුටින් හිටපු පරාදීසයක් වුණ ලංකාව මයිනෙක් කොටලා කොටලා විනාශ කලා….