IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලොව පැරණිම පෙම්පත සොයාගැනේ

ඊ මේල්, එස්.එම්.එස්, එම්.එම්.එස් පැමිණීමේ ප්‍රතිඵලය වූයේ එදා තිබූ පෙම් පත ටිකෙන් ටික අභාවයට යාමයි. එසේ වුව ද පෙම්පතේ ඉතිහාසය වසර 450ට වඩා ඈතට දිවයන බව දකුණු කොරියාවෙන් ලැබුණු සාධක අනුව තහවුරු වී ඇත.

කොරියාවේ අන්ඩොන්ග් නගරයේ කළ කැණීමක දී හමුවූ මමියක් සමග තිබී මේ පෙම්පත හමුවී ඇත. 1568 දී එය ලියා ඇත්තේ පැරණි ලතින් බසිනි. මමිය නිවැරදිව හදුනා ගැනීමට ද මේ ලිපිය ඉවහල්වී ඇත. කොරියාවේ ගොසෙයොන්ග් යී ගෝත්‍රයේ ඉයුන් ‍ටෝ නමැති පුද්ගලයා මමියක් බවට පත්ව නූතන පුරාවිද්‍යාඥයන්ට හමුවී ඇති බවට පෙම්පත මනා සාක්ෂියකි.

මේ ලිපිය ලියා ඇත්තේ ඔහුගේ බිරිඳ විසිනි. ඇය ඔහු අමතන්නේ 'වෝන්ගේ පියා' යනුවෙනි. මමිය අසළ තිබී තවත් ලිපි 12 ක් සොයාගෙන ඇත.

ඒ ලිපි අතරින් වඩාත් සංවේදී වන්නේ පෙම් හසුනයි. ඇයට ඔහු නොමැතිව ජීවත්විය නොහැකි බවත් ඔහු යන තැනකට තමා ද රැගෙන යන ලෙසත් එම ලිපියේ ලියා ඇත. මේ ලිපි අතර තිබී කාන්තාවකගේ හිසකෙස් කිහිපයක්, තවත් කඩදාසි විශේෂයකින් ඔතන ලද මල්ලක් ද හමුවී ඇත. මල්ල විවිර කළ විට දක්නට ලැබුණේ කාන්තා හිසකෙස් වලින් ගොතා නිම කරන ලද පාවහන් යුගලකි. පර්යේෂකයන් පවසන්නේ ලිපිය ලියූ බිරිද තම හිසකෙස් වලින් පාවහන් ගොතා තම සැමියාට එවා ඇති බවයි.

ඒ කෙසේ වුව ද විසදුම් නැති ගැටළුවක් ඉතිරිව තිබේ. මේ මිනිසා තම බිරිද එවූ ලිපි හා පාවහන් යුවළ සහිත මල්ල පපුවට තුරුළුකැරගෙන මියගියේ කෙසේ ද ? මියගිය ඔහු මමියක් බවට පත්කළා ද නැතිනම් ස්වභාවික සාධක හේතුවෙන් මමියක් බවට පත්වූවා ද ? ඒ ගැටළු වලට පර්යේෂකයන්ට විසදුම් නැත.

 



අදහස් (0)

ලොව පැරණිම පෙම්පත සොයාගැනේ

රුවන් Thursday, 05 December 2013 07:28 PM

මෙම ලිපිය ලියා ඇත්තේ කොරියන් භාෂාවෙන්. කරුණාකර එය නිවැරදි කරන්න. .(නදී)

:       3       2

සමදරා Thursday, 05 December 2013 07:38 PM

මා ලග තියෙනවා පෙම්පත් 4500ක් විතර පෙම්වතුන් 450 කගේ. කොහොමද ටිකිරි මොලේ.(නදී)

:       0       0

රන්ජි Friday, 06 December 2013 07:44 AM

මම කියන්නෙත් උඩ ඇති ලිපියේ කොරියන් අකුරු තියෙන්නේ (නි)

:       0       0

ප්‍රේමවතී Thursday, 05 December 2013 08:29 PM

පෙම් රජ දහනේ....(නදී)

:       0       0

පාලි Thursday, 05 December 2013 09:46 PM

මම එවපු ලියුමත් ඔයා ළඟ තාමත් තියෙනවාද සමදරා? (නි)

:       0       0

සිරිබිරිස් Friday, 06 December 2013 06:51 PM

දෙයියෝ සාක්කි! මේක පෙම් හසුනක්. අපේ අයියලා -අක්කලා ඒකටත් භාෂාව දානවා. වාර්තාවට දොස් කියනවා. ප්‍රේමය මාගේ ආහාරයයි. ලියමුද සෙනෙහ කොළයක්...? (නි)

:       0       0

හසී Friday, 06 December 2013 11:05 AM

මේක ලියලා තියෙන්නේ කොරියන් වලින් තමයි. ඒත් නිවුස් එකේ තියෙන්නේ ලතින් භාෂාවෙන් කියලා. ලතින් අකුරු වලින් කියලා නෑ. ලතින් භාෂාවත් පාලි භාෂාව වගේ. නිශ්චිත අකුරු නෑ. ඕනෑම අකුරු වර්ගයකින් ලියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් උනත්. (ස)

:       0       0

මධු Friday, 06 December 2013 12:56 AM

මට මගේ පළවෙනි පෙම්වතා මතක් වුණා! (නි)

:       0       0

මංගල Friday, 06 December 2013 01:39 AM

සමදරා, බැරිද මාව 451 වැනියා කරගන්න. (නි)

:       0       0

සංජු Thursday, 05 December 2013 06:08 PM

සමහර විට අපිට පමණක් නෙමේ ඔහුගේ පෙම්වතියටත් ගැටළුවක් වෙලා තියන්නේ ඇති ඔහුට කුමක් ඌවාද කියා ? .(නදී)

:       0       0

ඉෂාර Saturday, 07 December 2013 10:49 AM

සමදරා මහත්මිය, ඔබතුමිය ගුරුතුමියක්ද? මට නිකං එහෙම හිතුනා. (නදී)

:       0       0

සදුනි Thursday, 05 December 2013 06:44 PM

පළමු ලිපිය නම් කොරියන් අකුරෙන් ලියූ බවයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

අරුණ Saturday, 07 December 2013 11:02 AM

ම දන්නා සිය කෙනෙක් ae දවසවල් අච්චිගේ ගෙදරින් තුබුන අරෝවට ලියුම් දීල තියෙන්නේ තැඹිලි ගෙඩියේ ඇල්පෙනෙත්තෙන් ලියලා. කොහොමද සිය්යගේ ටිකිරි මොලේ නමසිය බර ගණන් වල (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site