අධික වැසි නිසා හෝ ගංවතුර නිසා හෝ මහා මාර්ග ජලයෙන් යටවීම නැවැත්විය හැකි ක්‍රමවේදයක් ලෙස "වතුර ගිලින" මාර්ග ඉදිකිරීමේ හැකියාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ සමාගමක් සිදු කළ අත්හදා බැලීම් සාර්ථකවූ බව වාර්තා කර ඇත.මෙහිදී ඔවුන් ජලය ක්ෂණයකින් උරාගන්නා කොන්ක්‍රීට් වර්ගයක් නිර්මාණය කර ඇත. ජලය ක්‍රමවත්ව මෙන්ම ඉක්මණින් ගලායන කොන්ක්‍රීට් තට්ටුව සිදුරු සහිත වුවත් ඉතාමත් සවිමත්ව නිර්මාණය කර ඇත. කොන්ක්‍රීට් තට්ටුවට යටින් කුඩා ප්‍රමාණයේ ගල් කැට තට්ටුවක් ද එයට යටින් රළුගල් තට්ටුවක්ද අතුරනු ලබයි. මේ මඟින් කොන්ක්‍රීට් තට්ටුව සෝදා පාළුවට පත්වීම වැළකෙයි.
උරාගන්නා ජලය දැවැන්ත ජලාප්‍රවාහන කාණු මඟින් අවශ්‍ය අන්දමට ගලායාමට සලස්වයි. මෙනිසා ගංවතුරකදී හෝ ධරානිපාත වර්ෂාවකදී උතුරා එන ජලය මහාමාර්ග පද්ධතිය යොදාගනිමින් සැනෙකින් ගලායාමට සැලැස්විය හැකිවන බවද දේපල හා පරිසරයට ගංවතුරකින් සිදුවිය හැකි අතිවිශාල හානිය ද මේ නිසා අවම කරගැනීමට හැකිවන බවද මෙම අත්හදා බැලීමට සම්බන්ධ ඉංජිනේරුවන් පෙන්වාදී ඇත.
මෙම කොන්ක්‍රීට් පාර පිළිබඳව කර ඇති මුලික පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ මෙවැනි පාරකට වක්කරන ලද වතුර මිනිත්තුවකට ලීටර් 4,000 ක් බැගින් උරාගන්නා බවයි.
වැසි පවතින වේලාවට මහා මාර්ග වල වතුර එකතුවීම සම්පුර්ණයෙන්ම නවතිනු ඇත.
මෙවන් කොන්ක්‍රීට් පාරක් තුළින් අධික ප්‍රශ්නය පවතින අවස්ථා වලදී තාර පාරවල් "උනුවිමත්" වැළක්විය හැකිවන බවද පෙන්වාදී ඇත. මේ නිසා දැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශවලට මෙම මාර්ග ක්‍රමවේදය දෙආකාරයකින් ප්‍රයෝජනවත් වනු ඇත.
පොළොව මතුපිටින් ගලායන ජලය තමන්ට අවශ්‍ය අන්දමට පරිපාලනය කරගනිමින් පොළවට උරාගැනීම සැලැස්වීම සඳහා වැලිකැට, කුඩාගල් සහ රලුගල් තට්ටු යොදාගැනීම පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ. පසුගිය අඩ සියවසක කාලයක් තුළ මෙම අදහසට සමීප ක්‍රියාමාර්ගයන් අධික පරාසයක අතුරන ලද ගල් පාදම් වැනි තැන්වල ජලය ගලායාම සඳහා උපයෝගී කරගෙන ඇත. ඈත අතීතයේ දකුණු ඇමෙරිකාවේ සිටි ඉන්කා සහ ඇස්ටෙක් වැනි ශිෂ්ටාචාරවල මිනිසුන් ද කඳු බෑවුම්වල සෝදාපාළුව වළක්වා ගොවිතැන් සඳහා අවශ්‍ය බිම් සකස් කිරීමේදී මෙවන් ක්‍රමවේදයක් ප්‍රයෝජනයට ගෙන ඇත.
නව තාක්ෂණ යොදාගනිමින් වඩාත් ක්‍රමවත්ව සහ එලදායී ලෙසින් ප්‍රයෝජනයට ගැනීම මෙම නව නිර්මාණයේ අදහස බව එම නිර්මාණකරුවෝ පවසති.
මෙම අදහසම අනුගමනය කරමින් විවිධ වර්ගයේ අත්හදා බැලීම් වෙන රටවලද සිදුකරන බව වාර්තාවී තිබිණි.
![ROAD[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ROAD1.jpg)
![ROAD_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ROAD_21.jpg)
![ROAD3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/ROAD31.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්.(හේ)
ලන්ඩනයට කොහොම වෙතත් මේක මෙහාට නම් මරු ( විශේෂයෙන් කොළඹට ! ) (අ)
ඇත්තටම ලංකාවට තමයි හරියන්නෙ (අ)
අපිට නම් ඕනෑ වැස්සක් ආවත් නියඟයක් ආවත් ආධාර ලැබෙන ක්‍රමයක්.හරියට රේඩියෝ අහනවා නම් සල්ලි තමයි වගේ ක්‍රමයක්. (නි)
මේක කිසිසේත්ම අලුත් දෙයක් නොවෙයි.1989 සමනල වැව ව්‍යාපෘතියේ පරික්ෂණාගාරයේ මේ මිශ්‍රණය අත් හදා බැලුව . එතකොටත් එය වෙන රටවල භාවිත කරන දෙයක්. සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රනයක ගල් වැලි සහ සිමෙන්ති වෙනුවට මෙහි ඇත්තේ ගල් සහ සිමෙන්ති පමණයි.වැලි නැත. මෙයට අමතරව මිශ්‍රණය උකු ගතියෙන් අනාගැනීම සදහා විවිධ රසායන ද්‍රව්‍ය භාවිත කරයි.මෙම මිශ්‍රණයේ ගල් එකම විෂලත්වයක්කින් විය යුතුය. (බ)
ලංකාවේ නම් ගලාගෙන එන ජරාව මේ ගල් අස්සේ හිරවෙලා කාණුත් නැතුව හරි ජංජාලයක් තමයි වෙන්නේ. (නි)
වාහන වල ටයර් ගෙවීමට බලපාන්නේ කෙසේද? එයයි ලංකාවට තදින් බලපානේ. මෙක දුන්නොත් ප්‍රයිවට් බස් වර්ජනයක් එකක් එනවා ෂුවර්. (අ)
1988 වසරේ ලංකාවේ සමනළ වැව ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පරික්ෂණාගාරය තුළද මේ මිශ්‍රණය අත්හදා බැලූ බව දනිමි. සාමාන්‍ය කොන්ක්‍රීට් මිශ්‍රනයක ලොකු සහ කුඩා ගල්, වැලි සහ සිමෙන්ති වෙනුවට මේ මිශ්‍රණයේ ඇත්තේ එකම ප්‍රමාණයේ ගල් සහ සිමෙන්ති පමණකි. වැලි නොමැති බැවින් ගලට ගලක් සිමෙන්ති වලින් ඇළවී තිබුනද විශාල ලෙස කුහර තුළින් වතුර පොළවට බැසයයි. මෙමඟින් වර්ෂාව පවතිනවිට වතුර පොළොව මතුපිටින් ක්ෂණිකව ඇළ දොළ වලට එකතුවී ගංවතුර ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වේ. එසේම ජලය පොළවට උරාගැනීම මගින් තෙතමනය පවත්වා ගැනීමටත් සෝදාපාළුව මඟින් පස නිසරුවිම වළකින අතර ඇළ දොළ වැලි වලින් පිරීමද වළක්වයි. කුහර ගතිය නිසා මතුපිට ඉක්මනින් ගැළවී යන බැවින් පයින් යෑම සඳහා ඉදිකරන පාරවල් සහ වාහන ගාල්කරන තැන්වල මෙම මිශ්‍රණය යෙදුවද වාහන ගමන්කරන මාර්ග ඉදිකිරිම සඳහා භාවිත නොකරයි.ගල් වටා බැදෙන සිමෙන්ති බදාමය උකුවෙන් පවත්වා ගන්නට විවිධ රසායන මිශ්‍රකළද මේවා නොමැතිව වුවද පැය 7-8 වතුරේ පොඟවා තැබූ එකම ප්‍රමාණයේ තෙත ගල් වලට සිමෙන්ති මිශ්‍රකර වතුර ඉතාම අඩු ප්‍රමාණයක් දමා මෙය ඔබටද ගෙදරදීම හදාගත හැකිය. (නි)