පැය 60 ක් රළ හා පොර බැඳ දිවි බේරාගත් තායිවාන ජාතිකයෙක් පිළිබඳ විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ ටෙන්ග් ලියෙන් ෆා (42) හූලින් මුහුදේ ආඳා මාළු බාමින් සිටියදී සැඩ රළ පහරකට හසු විය.
පිහිනීමට නොදත් ඔහු ලී කොටයක ආධාරයෙන් දින 3කට ආසන්න කාලයක් රළ සමග කළ සටනෙන් අවසන හිටි තැනට කිලෝ මීටර 75 ක පමණ ඈතින් ඇති මුහුදු වෙරළකට සේන්දු විය.
ලූණු වතුර නිසා ඔහුගේ අත් තුවාල වී තිබීම මිස ඔහුට වෙනත් අනතුරක් සිදු වී නැත. ආහාර හෝ ජලය නැතිව ඔහු මෙසේ ජීවත්ව සිටීම ආශ්චර්යක් බව ඔහුගේ වෛද්‍යවරයා පැවසීය.
මාළු බාමින් සිටියදී පැමිණි පළමු සැඩ පහරෙන් බේරුණු අතර දෙවන රළ පහරට හසු වූ බවත්, ජලයේ පාවී ඇවිත් ඈත ලයිට් එළි දුටු බවත් පසුව වෙරලට සේන්දු වූ බවත් ටෙන්ග් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්. (නදී)