
රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන ඇත.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මහ සමුළුවේ විශේෂ සැසියක් පසුගිය 28 සහ 1 වැනිදා පැවති අතර ඡන්දය විමසීම බදාදා දින සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහ සභාව සාමාජික රටවල් 193 කින් සමන්විත වන අතර, මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ඡන්දය ලබා දුන්නේය.
සිරියාව,බෙලරුසය, උතුරු කොරියාව, එරිත්‍රියාව සහ රුසියාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.
සාමාජික රටවල් 35 ක් මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ, චීනය ද සිටී.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති අබ්දුල්ලා ෂහීඞ් මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී සමුළුවට එක් වී සිටි සියලුම තානාපතිවරු සතුටට පත්ව අසුන්වලින් නැගිට අත්පොළසන් දුන්හ. කෙසේ නමුත් සභාපති අබ්දුල්ලා ෂහීඞ් යෝජනාව ඉදිරිපත් කිරීමට එම අත්පොලසන් හඬ බාධාවක් වී තිබේ.
රුසියාව වහාම, කොන්දේසි විරහිතව තම හමුදා සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත් කරගත යුතු බව එම යෝජනාවේ සඳහන් වෙයි. මෙම යෝජනාවට රටවල් 90 ක් අනුග්‍රහය දැක්වූ අතර මෙම යෝජනාව සම්මත කිරීමට මහ සමුළුවේ 2/3 බහුතර කැමැත්ත අවශ්‍ය විය.
“මෙම යෝජනාව සම්මත කිරීම තුළින් අපි දෙන පණිවුඩය පැහැදිලි වාහාම යුක්රේනයට කරන පහරදීම් නවත්වන්න, රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න” යැයි සභාපති අබ්දුල්ලා ෂහීඞ් අවධාරණය කළේය.
(එක්සත් ජාතීන්ගේ සංවිධානය)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය එපා... එය මාගේ ප්‍රාර්ථනයයි. නමුත් ඇමරිකාව ඉරාකයට, ලිබියාවට ගහන කොට ඒ රටවල් වල නායකයින් බල්ලන් වගේ මරලා දාපු එක හොඳද? ඒක සාධාරණයිද? එතකොට ඔය අත්පොළසන් දීපු අය කොහේද හිටියේ?... ලෝකය ඇමරිකාවට ඕන ඕනෑ විදිහට නටවන්න දෙන්න බෑ.