1965 දී තිරුමරායි කලා මන්ත‍්‍රම් (තිරුමායි කලා සභාව) යනුවෙන් කලායතනයක් යාපනයේදී ආරම්භ කළේය. යාපනය හා ඒ අවට ප‍්‍රදේශවල ජීවත්වූ තරුණ තරුණියන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමත්, විවිධ ජන කොටස් කලාවට සම්බන්ධ කර ගැනීමත් ජාතීන් අතර සාමය, සමගිය , සංහිඳියාව ප‍්‍රධාන අරමුණු කොට ඉහත කලායතනය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සෝමලතා සුබසිංහ, මිරැන්ඩා හේමලතා, ජෙරොම් ද සිල්වා යන ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ උපදෙස් අනුශාසනා මත ඉතිහාසය හා දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්්‍ය නිකොලා පිල්ලේ සවරිමුත්තු රෝමානු කතෝලික පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි. මෙවර එම කලායතනයේ 51 වැනි ජන්ම සංවත්සරය යාපනයේදි පැවැත්විණි.
පසු කාලීනව උතුරේ හට ගත් යුදමය වාතාවරණය හේතු කොට එම කලායතනයේ කටයුතු තරමක් අඩපණ වුයේය. එබැවින් එහි පුරෝගාමීහු ශ්‍රී ලංකාවේ වෙනත් ප‍්‍රදේශ වල එහි ශාඛා පිහිටුවා ගත්හ.
එහි ප‍්‍රතිඵලයක් ලෙස දිස්ත‍්‍රික්ක 18ක් ආවරණය කරමින් කොළඹ, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොනරාගල, මාතර, ගාල්ල, රත්නපුරය, මහනුවර, පානදුර, පොළොන්නරුව, හපුතලේ, පුත්තලම, අනුරාධපුරය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, කිළිනොච්චිය යන නගර වල රංඟ කලා කේන්ද්‍රය නමින් ස්ථාපිත කොට මේ දක්වා එම කලා කටයුතු සිදු විය.
එකල මෙම කලායතනයට සම්බන්ධව කටයුතු කළ පිරිස් විසින් ප‍්‍රංශය, කැනඩාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය, නෝර්වේ ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය ආදි රටවලද මෙම කලායතනයේ ශාඛා පවත්වා ගෙන යමින් විදේශ ගත ශ්‍රීලාංකික දමිළ දරුවන්ගේ කලා කුසලතා වර්ධනයට පෙරමුණ ගෙන සිටී.
පැරිස් නුවර එම කලායතනයට අනුබද්ධ ශාඛාවේ 25 වැනි වසර සැමරීමේ කලා හා සංස්කෘතික ප‍්‍රසංඟයක් පසුගියදාා පැරීසියට නුදුරින් ලාකුරනෙව් නගරයේදි පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයුම් සමග නාට්‍යයද එම ප‍්‍රසංඟය ආලෝකවත් කළේය. එහිදී ක‍්‍රිස්තුස් වහන්සේගේ චරිතය ප‍්‍රධාන කොට”කුරුති කළුවියා කෝලයම්” හා පාරම්පරික දමිළ නාට්‍යයක් වන ”නාට්‍යකෘතු ” දමිළ නාට්‍යයන් වේදිකා ගත කළේය.
පැරීසියේ එම කලායතනය මගින් වසරකට වරක් මුත‍්‍රම් නමින් සඟරාවක්ද පළවිය. එහි 15 වන කලාපය එදින ප‍්‍රසංඟයේදි එළිදැක්විණි. පැරීසියේ වෙසෙන යාපනයේ වැසියෝ විශාල පිරිසක් ප‍්‍රසංඟයට සහභාගි වුහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බාධා මැද්දේ වුවද මේ අය එකමුතුවී නැගිටි උත්සාහය අපි අගය කළයුතු අතර පැරිසියේ හැමදා බෙදෙමින් සහ වෙන්වෙමින් මේ දක්වා කිසිම වැදගත් යැයි කිවහැකි දෙයක් කර නැති සිංහල සමිති ඉහත ලිපිය කියවාවත් හරි මාර්ගයකට ප්‍රවේශ වියයුතුය. (නි)
ඉතා හොද සංස්‌කෘතික නිර්මාණයක්, මෙවන් නිර්මාණ ලාංකිකයන් විදියට අපි සැවොම අගය කළ යුතුයි, ලාකිකයන් ලෙස අපි ඉදිරියේදී එකමුතුව ඉදිරියට යමු .එයයි සමගි යහපාලනය ....!!! (බ)