ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
කෙසේ නමුත්, ලෝක සාමයට ත්‍රස්තවාදය බාධාවක් බවත්, ත්‍රස්තවාදයට සැවොම එරෙහි විය යුතු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති ‘එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට’ සහභාගී වී එම සමුළුව අමතමිනි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පෙළේ ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන්, ‘එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුව’ පැවැත්වෙන්නේ අනාගත ලෝකය යහපත් තැනක් කිරීමේ අරමුණින්ය.
මෙම අනාගත සමුළුව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ සංකල්පයකට අනුව ආරම්භ වූවකි. මෙම නව සමුළුව පැවැත්වෙන්නේ එලැඹෙන 2025 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 80 ක් පිරීමට සමගාමීවය.
සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව, ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කින, රුසියාව වෙනුවෙන් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගේ වර්ෂිනින් පවා සහභාගී වූහ.
යුද ගැටුම්, දේශගුණ විපර්යාස, දරිද්‍රතාව, අසමානතාව සහ අනාගත ලෝකයට බලපෑම් ඇති කරන ‘ඒ.අයි.’ හෙවත් කෘත්‍රිම ඥානය ගැන එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවේ දී ලෝක නායකයන්ගේ අවධානය යොමු විය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
Raman Tuesday, 24 September 2024 06:46 AM
ඉස්සර ඇදේට ගිය කකුළුවෙක් දැන් අලුත් කකුළුවන්ට කෙලින් යන්න කියනවා වගෙයි. අන්තර්ජාතික යුද්ධ නොකරට මෙයා ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති කාලේ මුස්ලිම් විරෝධී අරගල වලට මුල් වුණු අන්තවාදී පාලකයෙක් හැටියට පෙනී හිටියේ.