IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මිහිකතට නරක දසාවක්

පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය දුර්වල වෙමින් පවතින්නේයැයිද එනිසා පෘථීවියේ උතුරු හා දකුණු චුම්භක ධ්‍රැව මාරු වීමේ ප්‍රවණතාවක් ඇතැයිද එම මාරු වීම පෘථීවියේ සියලූ ජීවී කොටස් මත අහිතකර ලෙස බලපානු ඇතැයිද විද්‍යාඥයෝ අනතරු අගවති.

පෘථීවියේ චුම්භක ධ්‍රැව පිහිටීමට බලපානුයේ පෘථීවි අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලින් බලපෑමක් කරයි.

මෙය කෙසේ සිදුවන්නේදැයි සොයාගැනීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිවී නොමැත.නමුත් මෙම කි්‍රයාවලියේ ප්‍රතිඵලයක් ලෙස පෘථීවියේ උතුරු හා දකුණ ලෙස ධ්‍රැව පිහිටන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මානය වී ඇති බවත් එම චුම්භක ක්ෂේත්‍රය පෘථීවියේ ඕසෝන් ස්ථරයද පසුකරමින් ඉහළ අභ්‍යාවකාශය දක්වාම විහිදෙන බවත් ඔවුන් සොයාගෙන ඇත.

මෙම චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව ගතවුණු වසර 200 ක කාලය පුරාවට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම පෘථිවයේ ධ්‍රැව වෙනසක් සිදුවීමේ පෙරනිමිත්තක් ලෙස විද්‍යාඥයින් හදුන්වාදී ඇත.

පෘථීවිය වටා පිහිට චුම්භක ක්ෂේත්‍රය සූර්යයාගේ සිට පැමිණෙන විවිධාකාරයේ අංශ+න් හා විකිරණ  පෘථීවි වායුගෝලයට ඇතුළුවීමට ඉඩ නොදී හරවා යවයි. එය දුබල වනවා යනු එම විකිරණයන් හා අංශු පෘථීවියට ඇතුල් වීමට දොර විවර කර දීමකියි ඔවුහු කියති.

zzචුම්භක ක්ෂේත්‍රය දුබල වීම නිසා අනතුරුදායක අවස්ථා 2 ක් ඇතිවෙනවා. එකක් තමයි පෘථීවියේ ධ්‍රැව මාරු වීම. අනෙක තමයි සූර්යායගේ සිට පැමිණෙන හානිකර විකිරණ හා අංශූ  වලට පෘථීවිය නිරාවරණය වීම. මේ දෙකම එකට සිදුවන පෘථීවියට විශාල බලපෑමක් එල්ල වන්න පිළිවන්zz යැයි පවසන්නේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රිචඩ් හොල්මිය.

පෘථීවියේ ධ්‍රැව මාරු වීමේදී කාලගුණ විපර්යාස, සන්නිවේදන ගැටලූ, සතුන්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය අඩපණ වීමෙන් ඇතිවන ගැටලූ ඇති වීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ කියති.මේ චුම්භක ස්ථරය දුර්වල වීමෙන් හානිදායක සූර්ය විකිරණ පෘථීවිය මත පතිත වී විකිරණශීලීතාව ඉහළ ගොස් නොයෙකුත් ආකාරයේ පිළිකා තත්ත්වයන් ඇතිවනු ඇතැයි විද්‍යාඥයන් කරන අනතුරු ඇගවීමට අමතරවය.

අතීතයේදීත් මෙවන් ධ්‍රැව හුවමාරුවක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ.

‘සාක්කි තිබෙනවා. සාක්කි තිඛෙනවා කියන්නේ මිනිසුන් ධ්‍රැව හුවමාරුවට සාර්ථකව මුහුණ දීලා කියන එක.අප සිතන විදියට මහා මිනිස් හා සත්ත්ව ජීවිත අහිමිවීමක් සිදුවෙලා නැති බවක් තමයි පෙනෙන්නේ.නමුත් මෙය කිසි ලෙසකින්වත් සුළුකොට තැකිය හැක්කක් නොවේ.අපට කියන්න බැහැ ඇත්තටම ධ්‍රැව හුවමාරුවක් සිදුවෙයිද කියලා.නමුත් චුම්භක ක්ෂේත්‍රය නම් දුබල වෙමින් පවතින බව ස්ථීරවම කිව හැකියි.ආරක්ෂා වීමට දැන් සිටම සූදානම් වන්න වේවි‘ යැයි මහාචාර්ය රිචඩ් හොල්මි වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

මිහිකතට නරක දසාවක්

සුභාෂිනී ගංගා Thursday, 30 January 2014 12:07 PM

සෑම වසර 23000 කටම වරක් මේ චුම්බක ක්ෂේත්‍ර මාරු වීම සිද්ධ වෙනවා (දිල්)

:       0       0

චින්තක Wednesday, 29 January 2014 05:34 PM

නැහැ. මාලිමාවේ උතුරු කටුව දකුණට හැරෙනවා . අපේ සාත්තර කාරයන්ට මරු සිටින දිසාවත් වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ. (අ)

:       0       0

සංජු Sunday, 02 February 2014 01:44 PM

අපේ පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය පමණක් නොවේ ඕනෑම ග්‍රහලෝකයක අභ්‍යන්තරව සිදුවන වෙනස් කම් රාශියක් ඇත. ජීවයක් පවතින ග්‍රහලෝකයක යනු අභ්‍යන්තරයේ දහනයක් සිදුවන ග්‍රහලෝකයකයි හොදම උදාහරණය තම ගිනිකදු පැවතීම. මෙම ක්‍රියාව අනුව තමා සුර්‍යග්‍රහ මණ්ඩලයේ පිහිටීම සිද්ද වෙන්නේ. අපිට නොපෙන චුම්බක ක්ෂේත්‍රය තිබෙන නිසා තමයි සද පෘථීවියේ වටේ ගමන් කරන්නේ. පෘථීවියේ චුම්බක ක්ෂේත්‍රය යම්කිසි දිනයක හීන වීමක් සිදු උවහොත් සද පෘථීවියට ඉතාමත් ලං වෙනු ඇත. එයද එක්තරා අහිතකර බලපෑමක් වේවි. තවද පෘථීවියේ අභ්‍යත්තර දහනයට සිදුවන බලපෑම පෘථීවියේ අභ්‍යන්තර පවතින බොරතෙල් ලබාගැනීම ස්වබාවික ගැස් ලබා ගැනීම මෙවැනි ක්‍රියාවන් මගින් පෘථීවියේ පැවත්මට තිබෙන සාදක මිනිසා විසින් විනාස කිරීම සහ ලෝකය පවතින තත්වය වෙනස් වීමට ඉඩ පවතී.(නදී)

:       0       0

හේමන්ත Saturday, 01 February 2014 10:59 AM

අනුර, එතකොට මීට වසර දහස් ගණනකට පෙර ධ්‍රැව මාරුව සිද්ද උනෙත් ඔබ කියන හේතුව නිසාද ? (දී)

:       0       0

බංඩාර Wednesday, 29 January 2014 07:08 PM

චින්තක මේ දවස් වල නම් මරු සිටින දිශාව නිලි දිශාව.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 04 February 2014 05:32 AM

ඔහොම දෙයක් වෙනවා නම් හොඳයි. මොකද දැනටමත් උතුර දකුණ මාරුවෙලා ඉන්න අපිට ඔය මාරුවෙන් පස්සේ පැති හරියට හිටීවි.(නදී)

:       0       0

නිශාන් Saturday, 01 February 2014 01:56 PM

මින්ස් චර්යා නිසා තමයි (දී)

:       0       0

බණ්ඩා Saturday, 01 February 2014 01:56 PM

මේ ලෝකේ ගිහින් සුර්යාගේ හැපිලා විනාස වෙලා යන්න ඕනේ ........ (දී)

:       0       0

ගුණවර්ධන Sunday, 02 February 2014 06:05 PM

චුම්බක මාරු උනාට කමක් නැහැ බයකුත් නැහැ නමුත් මේ දේශ පාලුවන්ගේ පැති මාරුකිරීම තමයි භයානක. (නදී)

:       0       0

ගමගේ Wednesday, 29 January 2014 11:38 AM

දැන්වත් මේ බලවත් කියා ගන්නා රටවල් පරිසරය ගැන ඇස් ඇරගත්තොත් නරකද? මහ පොළව රැකිලා ඔන අපි රැකෙන්න.....මිනිසුනේ ටිකක් හිතන්න (අ)

:       0       0

අනුර Friday, 31 January 2014 09:47 PM

අනීවාර්යෙන් එහෙම වෙන්න ඕනේ මොකද යත් මිනිසුන් දුර දිග නොබලා පෘථිවි අභ්‍යන්තරයේ තිබෙන චුම්බක සෙස්ට්‍රය ආවරණය කරන සලක් එක වන හිද්රෝ කාබන් (පෙත්ත්රොලිඔන්) නිදි ඔවු නොවුන්ගේ සුක විහරණයට යොදාගන්න බැවින් නොදුරු අනාගතයේදී චුම්බක ශේෂ්ට්‍රය විතරක් නොව පෘථිවිය තම කක්ෂයෙන් මිදී ඔහේ ඉබාගාතේ පා වෙලා ගොස් ගිනිගෙන විනාස විය හැකිය. (අ)

:       0       0

චමත් Sunday, 02 February 2014 08:01 PM

2012 චිත්‍රපටියෙත් ලෝක විනාසය සිද්ධවෙන්නේ ඔය හේතුව නිසාම තමයි.(දිල්)

:       0       0

රංජිත් Wednesday, 29 January 2014 12:29 PM

එක එක්කෙනා මරාගන්නේ නැතිව මේ ගැන සැලකිලිමත් උනොත් නරකද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 29 January 2014 12:50 PM

චුම්බක මාරු වෙනවා කියන්නේ ලෝකය උඩුපැත්ත යටිපැත්ත මාරු වෙන එකද? (නදී)

:       0       0

චරිත සමීර ගුණසිංහ Thursday, 30 January 2014 08:46 AM

මහ පොලොව අභ්‍යන්තරයේ බොරතෙල් මිලියන ගනන් එළියට ගන්නකොට ඇතුලේ ඇතිවන අඩුව පිරවීමට නොහැකි නිසා පෘථිවිය හැකිලීම පටන් ගන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 370 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 95 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 487 1

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 356 2

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2215 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 114 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1286 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site