IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහ බැංකු නූල් බෝලයේ පැටලූණු ලෝක ආර්ථිකය

ආර්ථික ලිහිල්කරණය හා වෙළෙඳපොළ හැසිරීමට නීති රීති නොපැමිණවීම ආර්ථික සමෘද්ධියට හේතු වන බව බටහිර මුල්‍ය ආයතන හා ආර්ථික උපදේශකයන් දේශනා කළත් යථාර්ථය එසේ නොවන බව දැනට දිග හැරෙමින් පවතින ලිබොර්(Libor) වංචාවෙන් පෙනේ. කෙටි කාලීන ණය පිළිබඳ පොලී අනුපාතය තීරණය කරන ලන්ඩනයේ බාර්ක්ලේ බැංකුව ඊට පදනම් කර ගන්නේ ලොව විශාලතම බැංකු 20 කින් සපයන දත්තය. මෙම දත්ත සැබැවින්ම ණය සඳහා ඇති ඉල්ලූම අනුව තීරණය වන්නේය යන පදනම් අනුව බාර්ක්ලේ බැංකුව ප‍්‍රකාශයට පත් කරන පොලී අනුපාතය එක්සත් ජනපදය ඇතුළු ප‍්‍රධාන ආර්තික සිය දෛනික පොලී අනුපාතය නියම කිරීමට යොදා ගනී. එහෙත් දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ප‍්‍රධාන බැංකු 20 කින් සපයන දත්ත ඇත්ත වශයෙන්ම පවතින පොලී අනුපාත නොවේ. ඒ වෙනුවට එම බැංකුවලට අභිමත පොලී අනුපාත ලිබොර් (London lnter Bank Offered Rate)අනුපාතය ලෙස ඉදිරිපත් කිරීමෙන් ලොව විවිධ ගනුදෙනු සඳහා යොදාගෙන ඇත්තේ සාවද්‍ය අනුපාතයකි. සමහර නිරීක්‍ෂකයන් සඳහන් කරන ආකාරයට 2008 වෝල් ස්ටී‍්‍රට් මුල්‍ය වෙළෙඳ පොළ කඩා වැටීමට හේතුවන්නේ මෙසේ ක‍්‍රියාත්මක කළ හිතුවක්කාර පොලි අනුපාතය. වසර 2007 සිටම ක‍්‍රියාත්මක වූයේ යැයි සැලකෙන මෙම මුල්‍ය වංචාව නිසා විවිධ ගනුදෙනුකරුවන්ගෙන් වංචා සහගතව අත්කර ගෙන ඇති මුදල් ප‍්‍රමාණය ටි‍්‍රලියන 300 කටත් වඩා අධික යැයි සමහර වාර්තාවල සඳහන් වේ. ඇත්තෙන්ම මෙම ගනුදෙනු ප‍්‍රසිද්ධ සාකච්ඡාවට ලක් වූයේ බි‍්‍රතාන්‍ය මුල්‍ය සේවය(British Finance Service)විසින් වෙළඳ පොළ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් බාර්ක්ලේ බැංකුවට ඩොලර් දශලක්‍ෂ 453 ක දඩයක් නියම කිරීමත් සමඟය. ඉන්පසුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විමර්ශන කොමිටියක් මගින් සාක්‍ෂි කැඳවා ඇති අතර මෙම දුෂණයට බි‍්‍රතාන්‍යයේ මධ්‍යම බැංකුව වශයෙන් හැඳින්වෙන එංගලන්ත බැංකුවේ ඉහළම නිලධාරින් මෙන්ම දේශපාලකයන්ද හවුල් වී ඇති බවට තොරතුරු හෙළි වී ඇත. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ලෝක ආර්ථික තත්ත්වයම අස්ථාවර කරන (අලූත්ම වාර්තා අනුව ලෝක තෙල් වෙළඳපොළ මිල තීරණය කිරීමට ද මෙම සාවද්‍ය පොලී අනුපාත බලපා ඇත) මෙම වැරදි ක‍්‍රියාව සාපරාධී අපරාධයක් නොවීමය. ඒ වෙනුවට සිදුව ඇත්තේ පොලී අනුපාත තමන්ට අවශ්‍ය සේ සකස් කිරීමේ තීරණය ගත් නිලධාරීන්ට ඉහළම වැටුප් හා දීමනා ලබා දීමය. බාර්ක්ලේ බැංකුවේ  ප‍්‍රධාන විධායක නිලධාරි රොබට් ඩයමන්ඞ් 2005 සිට මේ දක්වා ගෙවා ඇති දීමනා ප‍්‍රමාණය ඩොලර් දශලක්‍ෂ 311.7 කි. මෙම සිද්ධිය හෙළිවීමෙන් පසු සිය තනතුරෙන් ඉල්ලා අස් වූ ඔහුට ඩොලර් දශලක්‍ෂ 39 ක විශේෂ දීමනාවක් ලබා දී ඇත. ලෝකයේ මුල්‍ය වෙළෙඳපොළ සිදු වෙමින් පවතින දුෂණ කටයුතුවලට තවත් නිදර්ශනයක් වන්නේ වත්කම් අනුව එක්සත් ජනපදයේ විශාලතම බැංකුව වශයෙන් හැඳින්වෙන ජේ.පී මෝර්ගන් බැංකුව සිය මුදල් තත්ත්වය ගැන සාවද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව පිළිගැනීමෙනි. පසුගිය සති අන්තයේ නිකුත් කළ වාර්තාවක් අනුව ජේ.පී. මෝර්ගන් බැංකුව ඩිරයිවේටිව්ස් (Derivatives) නමින් හැඳින්වෙන ආයෝජනවලින් ලත් පාඩුව ඩොලර් දශලක්‍ෂ 5.8 කින් අඩුකොට දක්වා ඇත. සැබෑ පාඩුව මෝර්ගන් බැංකුව පසුගිය මැයි මාසයේදී ප‍්‍රකාශයට පත් කළ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකින් වැඩිය. මෙම වැරදි හෙළි වීමෙන් පසු ප‍්‍රධාන විධායක නිලධාරි ජේමී සිමොන් සිය තනතුරෙන් ඉවත් වූයේ ඩොලර් දශලක්‍ෂ 23 ක දීමනාවක් ලබා ගනිමිනි. එය ඊට පෙර වසර හා සසඳන විට සියයට 11 ක වැඩි වීමකි. මින් පැහැදිලිවන වැදගත්ම කාරණය වන්නේ ලොව විශාලතම බැංකු හා මූල්‍ය ආයතන හිතුවක්කාර ලෙස නියම කරන පොලී අනුපාත නිසා ලොව කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වී යෑමය. එය එක්සත් ජනපදයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට උගස්කර මත ලබාගත් නිවාස අහිමි වීමෙන්ද ඉන්පසු ආර්ථිකය බිඳ වැටීමෙන් රැුකියා අහිමි වීමෙන්ද ප‍්‍රකාශයට පත්විය. යුරෝපා සංගමයේ මෙම අර්බුදය ප‍්‍රකාශයට පත් වූයේ රාජ්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවීමෙනි. අයර්ලන්තයෙන් හටගත් මෙම අර්බුදකාරී තත්ත්වය ගී‍්‍රසිය පෘතුගාලය ඉතාලිය හා ස්පාක්‍ඳ්ක්‍ඳය වැනි රටවලට ද පැතිරිණි ඊට විසඳුම් වශයෙන් යෝජනා වූයේ රාජ්‍ය වියදම කපා හැරීමටය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වැටුප් ලබන සේවකයන්ට සිය ජිවිතය පවත්වාගෙන යා නොහැකි තත්ත්වය උදාවිය. එහෙත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළ මහා බැංකුවලට කිසිම දඬුවමක් නියම වන්නේ නැත. ඒ වෙනුවට ණය අර්බුදය නිසා බංකොලොත් වීමට ආසන්න බැංකු මහජන මුදල් වැයකොට ඉන් ගලවා ගනී එහිදී වෙළඳපොළ න්‍යාය ක‍්‍රියාත්මක වන්නේ නැත.

සටහන - මහින්ද හත්තක
ඉතාලියේ රැකියා විරහිත අයගේ පෙළපාලියක් එංගලන්ත මහ බැංකු මූලස්ථානය රොබට් ඩයමන්ඞ් ලන්ඩනයේ බාර්ක්ලේ බැංකු මූලස්ථානය පෘතුගාලයේ රැකියා විරහිතයන්ගේ විරෝධතාව



අදහස් (0)

මහ බැංකු නූල් බෝලයේ පැටලූණු ලෝක ආර්ථිකය

වසන්ත අම්පාර - චම්පික උහන Sunday, 22 July 2012 12:40 PM

ගුරුන්ටත් අකුරු වරදිනව කියන්නේ ඒකෙනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 722 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17966 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site