
තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකු යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා නගයි.
ඉම්රාන් ඛාන් චෝදනා කරන පරිදි, ඔහු ඝාතනය කිරීමට කුමන්ත`ණය කරන ප්‍රධාන පුද්ගලයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය. සෙසු පුද්ගලයන් දෙදෙනා වන්නේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු තරන හමුදා ජනරාල් ෆයිසාල් නසාල්ය.
ඉම්රාන් ඛාන් ඊයේ (13) ජන රැලියකට සහභාගී වී සිටිද්දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවේය. වෙඩි උණ්ඩය ඉම්රාන්ගේ පාදයක් තුවාල කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායකයා වන්නේ ඉම්රාන් ඛාන්ය.
ඉම්රාන් ඛාන්, ඔහුගේ එක් පක්ෂ ආධාරකරුවකු සහ සෙනෙට් සාමාජික ෆයිසාල් ජාවෙද් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ (13) සවස ගුජ්රන්වාලා හි පැවැති ජන රැලියක් අතරතුරේය.
වෙඩි උණ්ඩයෙන් ෆයිසාල් ජාවෙද්ගේ මුහුණ තුවාල විය. අනෙක් පක්ෂ ආධාරකරුවා වෙඩි ප්‍රහාරයෙන් මියගිය බව වාර්තා විය. වෙඩි වැදුණු ඉම්රාන් කඩිනමින් ලාහෝර් නුවර රෝහලකට රැගෙන යෑම සිදුවිය.ෆයිසාල් ජාවෙද්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.
වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටි බවත්, ඔවුන්ගෙන් එක් අයකු අල්ලා ගැනීමට පොලිසිය සමත් වූ බවත් පසුව අනාවරණය විය. පොලිසිය මෙම සැකකරු අල්ලා ගෙන ඇත්තේ ඔහු වෙඩි තබා පලා යද්දී ‘තරීක් ඊ ඉන්සාෆ්’ ආධාරකරුවන්ට කොටුවුණු බැවිනි.
ඉම්රාන් ඛාන්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය හෙලා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කනගාටුව පළ කර ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ද සිය කනස්සල්ල පළ කර ඇත.
ඉම්රාන් ඛාන්, අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ, සන්ධානගත වුණු විපක්ෂය, පාර්ලිමේන්තුවට ගෙන විශ්වාසභංගයකිනි. විපක්ෂ නායක ලෙස කටයුතු කළේ ෂෙහ්බාස් ෂරීෆ්ය. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් එම ධුරයට පත් වුණු අතර, ඔහු විසින් රජයක් පිහිටුවීම සිදු විය. ෂෙහ්බාස් ෂරීෆ් යනු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාව මරන්න හදන්නේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ්