මැලේසියාවේ විපක්ෂය දුබල කරන තැතක් ලබන වසරේ මැද භාගයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ආසන්න වෙත්ම මැලේසියාවේ පාලක ජාතික පෙරමුණ විපක්ෂ කණ්ඩායම් දුර්වල කිරීමේ උත්සාහයක යෙදී සිටී. එහි පියවරක් ලෙස ප‍්‍රධාන විපක්ෂනායකයා වශයෙන් හැඳින්වෙන අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව අධිකරණයේ නැවතත් චෝදනා ගොනුකර ඇති අතර එය ඔප්පු වුවහොත් ඔහුට වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් නියම වනු ඇත. මැලේසියාවේ පවතින නීතිය අනුව මාස හයක සිර දඬුවමක් හෝ රින්ගිට් 2000ක දඩයක් නියම වූවෙකුට පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ඒ අනුව විපක්ෂනායක අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට වැරදිකරු වුවහොත් ඔහුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබේ. අගමැති මහතිර් මොහොමඞ් පාලන සමයේ උප අගමැතිවරයකු වූ අන්වර් ඉබ‍්‍රාහිම් ඉන් ඉවත්ව විපක්ෂ දේශපාලනයට එක්වීමත් සමග ඔහුට ලිංගික අපචාර ඇතුළු චෝදනා රැසකට ලක්වීම නිසා සිරගතවීමටත්, ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීමටත් සිදුවිය. ඔහුට මෙවර චෝදනා ඉදිරිපත්ව ඇත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණ ඉල්ලා ක්වාලාලම්පූර් නගරයේ උද්ඝෝෂණය කළ කණ්ඩායම්වලට සහාය දීම සම්බන්ධයෙනි. පවතින මැතිවරණ නීති රීති පාලක පක්ෂයට වාසිදායක නිසා වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා නීතිරීති සංශෝධනය කළ යුතු යැයි ව්‍යාපාරයක් රට තුළ ගොඩනැගෙමින් පවතින අතර ඊට අන්වර් ඉබ‍්‍රාහිම් ඇතුළු විපක්ෂ නායකයෝ සහාය දක්වති. පසුගිය වසරේ මැයි මාසයේදීද එවැනිම විරෝධතාවක් ක්වාලාලම්පූර් නගරයේ පැවැත්විණ. ඊට ප‍්‍රතිචාර වශයෙන් මැතිවරණ නීති රීති සංශෝධනයකට අගමැති නජීබ් රසාක්ගේ රජය එකඟ වුවද එය ක‍්‍රියාත්මක නොවීම නිසා පසුගිය අපේ‍්‍රල් මාසයේදී උද්ඝෝෂකයෝ නැවත වරක් විරෝධතා දැක්වූහ. මැලේසියාවේ පවතින දැඩි නීතිරීති යටතේ පෙළපාලි දැක්වීම හා උද්ඝෝෂණ කිරීම සීමාකොට තිබුණද මෙම විරෝධතා ව්‍යාපාරයට දහස් ගණන් ජනතාව එක්වීම පාලක පක්ෂය නැවත වරක් බලයට පත්වීමට ඇති අභියෝගයක් සේ සැලකීම පුදුමයක් නොවේ. බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබාගත් දින සිට දශක හයකටත් අධික කාලයක් නොකඩවා බලයේ සිටින එක්සත් ජාතික මැලේ සංවිධානයට ප‍්‍රබල දේශපාලන අභියෝගයක් වූයේ උප අගමැතිවරයකු වූ අන්වර් ඉබ‍්‍රාහිම් පාලක පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතු වීමත් සමගය. අපක්ෂපාත යැයි සැලකිය නොහැකි අධිකරණයක් ඉදිරියේ පැවැත්වූ නඩු විභාගයකින් ඉබ‍්‍රාහිම් සිරගතවීම නිසා මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවද ඔහුගේ නායකත්වයෙන් යුත් විපක්ෂයට පාර්ලිමේන්තුවේ හා ප‍්‍රාන්ත රාජ්‍යවල සැලකිය යුතු නියෝජනයක් දිනාගත හැකි විය. 2008 දී පැවැත්වූ මහා මැතිවරණයේදී විපක්ෂ එකතුවට පාර්ලිමේන්තු ආසන 82ක් දිනාගැනීමට හැකි වූ නිසා පාලක ජාතික පෙරමුණට ප‍්‍රථමවරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අහිමි විය. ඊට අමතරව ප‍්‍රාන්ත රාජ්‍ය පහක බලයද විපක්ෂයට දිනාගත හැකිවිය. පසුගිය වසර කීපය තුළ මැලේසියාවේ ආර්ථිකය පසුබෑමට ලක්ව ඇති නිසා දුෂ්කරතා රැසක් මතුවීමද අගමැති නජීබ් රසාක්ට ඉදිරි මැතිවරණයකදී අවාසි සහගතය. මෙවැනි පසුබිමක් යටතේ බලය යළි දිනාගැනීමේ පහසුම ක‍්‍රියාමාර්ගය වන්නේ විපක්ෂය දුර්වල කිරීමය. අන්වර් ඉබ‍්‍රාහිම්ට එරෙහිව නඩුවක් ගොනු කිරීම එවැනි උත්සාහයක් ලෙස බොහෝ නිරීක්ෂකයෝ දකිති. දශක හයකට අධික කාලයක් එක දිගට බලයේ සිටින ජාතික පෙරමුණට එරෙහිව විපක්ෂයෙන් නැගෙන ප‍්‍රධාන චෝදනාව වන්නේ වංචා හා දුෂණයි. මැලේ ජාතිකයින්ට ආර්ථිකයේ ප‍්‍රමුඛස්ථානයක් අත්කර ගැනීමට පහසුකම් සලසන භූමිපුත‍්‍ර ප‍්‍රතිපත්තිය යටතේ දුෂණ හා වංචා පිළිබඳ චෝදනා නිතර මතු වුවත් රජය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම සාමාන්‍ය දෙයකි. විපක්ෂය සඳහන් කරන ආකාරයට දැනට මැලේසියාව මුහුණ දෙන ආර්ථික ගැටලූවලට මූලික හේතුව වන්නේද මෙම වංචා හා දුෂණයි. මෑතක ඉදිරිපත් වූ චෝදනාවක් වන්නේ මැලේසියානු නාවික හමුදාවට සබ්මැරීන මිලදී ගැනීමේදී සිදුව ඇති අක‍්‍රමිකතාය. අගමැති නජීබ් රසාක් පවා සම්බන්ධ යැයි චෝදනා කෙරෙන මෙම ගනුදෙනුවේදී ඩොලර් කෝටි සියයකට අධික මුදලක් වංචාකර ඇතැයි සඳහන් වෙන අතර මේ පිළිබඳව මාධ්‍යයට තොරතුරු හෙළිකිරීම ගැන සැකකරන දකුණු කොරියානු කාන්තාවක් මරා දමා ඇතැයිද පැවසේ. මේ පිළිබඳ අධිකරණ විභාගයක් පැවතියද අදාළ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනුකොට නැතැයි විපක්ෂය චෝදනා කරයි. මෙම අර්බුදකාරී තත්ත්වය ගැන පැතිරෙන තවත් මතයක් වන්නේ මැලේසියාවේද පාලනය වෙනස් කිරීම සඳහා අරාබිකරයේ මෙන් වසන්තයක් උදාවෙමින් පවතින්නේය යන්නයි. මැතිවරණ නීතිරීති ප‍්‍රතිශෝධනය සඳහා පෙරමුණ ගෙන ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයට විදෙස් රටවලින් ලැබෙන ආධාර ගැනද සමහරු සැකපහළ කරති. කෙසේ වුවත් නිදහස ලබා ගැනීමෙන් පසු නොකඩවා එක දිගට බලයේ රැඳී සිටින පාලක ජාතික පෙරමුණට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිරීති හඳුන්වා නොදීමට එය හේතුවක් විය නොහැකිය. දුෂණ හා වංචාවලින් තොර පාලනයක් හා ජනතා කැමැත්ත සැබැවින්ම පිළිබිඹු වන මැතිවරණයක් සඳහා ජනතාවට ඇති අයිතිය විදෙස් බලපෑම් චෝදනා යටතේ යටපත් කිරීම කිසිසේත් යුක්ති සහගත නොවේ. ජනතාවගේ පරමාධිපත්‍යය යටපත් කරවන ආකාරයට රජය ක‍්‍රියාත්මක වීමද විදේශ බලපෑම් මෙන්ම අහිතකරය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැලේසියාවේ විපක්ෂය දුබල කරන තැතක්
දර්ශන Thursday, 12 July 2012 06:32 PM
මලයාසියාවේ වැඩ අපි මලයාසියාවේ ඉන්න නිසා දන්නවා .ඕක ගනන්ගන්න දයක් නෙවයි .
දර්ශන් Friday, 06 July 2012 03:47 PM
භූමි පුත්‍ර ප්‍රතිපත්ති මැලේසියාව වැනි රටකට උචිත නොවේ
aaa Sunday, 08 July 2012 01:20 PM
මැලේසියාවට ෂරියා ගේන්න ඕනි