IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුම්බායි ප‍්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි

ඉන්දියාවේ මුම්බායි නගරයට 2008 වසරේ දී ඉල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන්ගෙන් කෙනකු අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිසිය සමත් විය. අබු හාමාසා නමැති එම සැකකරු අත්අඩංගුවට ගැනුණේ ඔහු මැදපෙරදිග සිට ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 30 හැවිරිදි අබු හාමාසා පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ සාමාජිකයකි. ඔහු සයීඞ් සබුඞීන් යන නමින් ද පෙනී සිටින බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. අබු හාමාසා මැදපෙරදිග රටවල හින්දි භාෂා ගුරුවරයකු ලෙස රැකියාව කර ඇතැයි ද ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. අබු හාමාසා අල්ලා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශවලට හැකියාව ලැබී ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ ලබා දුන් ඔත්තුවකට අනුවය. අබු හාමාසා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21 වැනිදාය. එහෙත් ඒ ගැන විස්තර මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඊයේ (25) ය. 2008 වසරේ මුබ්බායි නුවරට පහර දුන්නේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන් යැයි ඉන්දීය බුද්ධි අංශ පවසයි. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 10 දෙනෙකු මුම්බායි නුවරට පැමිණි අතර ඔවුන්ගෙන් එක් අයකු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට ද ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය. 2008 වසරේ නොබැම්බර් මාසයේදී මුම්බායි නුවරට එල්ල වූ එම ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 300 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය දින දෙකක් පුරාවට පැවැතිණි. ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමී සංවිධානය පාකිස්තානයේ ද තහනමට ලක් කර තිබේ. එහෙත් ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ හමුදාව හොර රහසේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීන්ට මුදල් ආධාර සහ අවි ආයුධ පුහුණුව ලබා දෙන බවටය. ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයේ නිර්මාතෘ වන හෆීස් සයේඞ් අත් අංඩගුවට ගැනීමට උදව් කරන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ඇමෙරිකාව පසුගිය අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රකාශ කළේය. එම අවස්ථාවේදී පාකිස්තාන රජය ඇමෙරිකාවට කීවේ හෆීස් සයේඞ් සම්බන්ධයෙන් ඇමෙරිකාව පිළිගත හැකි ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවය. අල් කයිඩා සහ තලේබාන් සංවිධානවල නායකයන් මෙන් නොව හෆීස් සයේඞ් නිදැල්ලේ ජීවත් වේ. ඔහු කිසිදු බාධාවකින් තොරව මහජන රැුස්වීම්වලට පවා සහභාගී වෙයි.



අදහස් (0)

මුම්බායි ප‍්‍රහාරයේ සැකකරුවෙක් නවදිල්ලි පොලිසියට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site