IMG-LOGO

මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක්

චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි.

දකුණු චීන මුහුදට වැටුණේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, අති නවීන තාක්ෂනයෙන් නිපදවා ඇති ‘එෆ්.35සී’ වර්ගයේ ප්‍රහාරක යානයකි. මෙවැනි යානයක වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කි.

චීනය මෙම සිදුවීම ගැන දැනගත් සැණින්, ‘එෆ්.35සී’ යානය සොයා ගැනීමටත්, එහි රහස් අනාවරණය කර ගැනීමටත් උත්සාහ දරමින් සිටින බව ඇමෙරිකානු නාවික හමුදාව පවසයි. යානය සොයා චීනයට කලින් ඇමෙරිකාව මෛහයුම් ආරම්භ කර ඇත්තේ මේ නිසාය.

‘එෆ්.35සී’ යානය යානය, ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ප්‍රහාරක යානා රැගෙන යාත්‍රා කරන යූ.එස්.එස්. කර්නල් වින්සන් නෞකාවට අයත් එකකි. යානය නෞකාවේ සිට පියාසර කිරීමට සූදානම් වෙද්දී එය අනතුරට පත්වුණු බවත්, මුහුදට වැටුණු බවත් පැවැසෙයි.

යානයේ නියමුවා අනතුරින් දිවි ගලවා ගත් නමුත් යානය මුහුදේ ගිලුණි. යානය එසේ අනතුරට ලක් වී මුහුදට වැටෙද්දී, නෞකාවේ සිටි නාවික හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයෝ 7 දෙනෙක් තුවාල ලැබූහ.

දකුණු චීන මුහුද යනු චීන සිය ආධිපත්‍ය පතුරුවා ගත් මුහුදු කලාපයකි.

(රොයිටර්)



අදහස් (2)

මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක්

ravin Friday, 28 January 2022 04:48 PM

හා චණ්ඩිපාට් දාන්න ගිහිල්ලා නේද? වැඩි පාඩුවකුත් නැහැ... මිලියන 100යි නේද?

:       0       0

sampath Saturday, 29 January 2022 11:07 PM

මේ තරම් ලෝකයේ මිනිස්සු බඩගින්නේ ඉන්නවා... මූලික අවශ්‍යතා ඉටුකර ගන්න බැරිව ඉන්නවා. යුද යානා හදනවා මිලියන 100... මෙහෙම ලෝකයට ඉරහඳ පායනවා කියන එකත් පුදුමයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site