ගෙදර දොර වියදම් පියවා ගැනීමට කාන්තාවන් තනිව වෙසෙන නිවෙස් වල වැඩකටයුතු සදහා උදවු දීමට තම සැමියා  කුලියට දෙන කාන්තාවක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

නමින් රෙනේට් කොග්ලර් නම් වන ඇය පවසන්නේ තම සැමියා  කුලියට දෙන්නේ ගෙදර දොර වැඩකටයුතු කරවා ගැනීමට පමණක් බවයි.

තමන් තනිකඩව සිටි අවදියේදී ගෘහභාණ්ඩ ඇදීමට, ගෙවත්ත පිරිසිදු කිරීමට, බඩු එසවීමට දැඩි ලෙස වෙහෙස වීමට සිදුවූයේ යැයිද තම සැමියා වන ඇන්ඩ්‍රයාස් හා විවාහ වූ පසු බර වැඩ සියල්ලක්ම පාහේ ඔහු භාර ගැනීමෙන් තමන්ගේ වැඩකටයුතුත් පහසු වූ බවද රෙනේට් කියන්නීය.

රෙනේට් තම සැමියා වන ඇන්ඩ්‍රියාස්  කුලියට දෙන්නේ පැයකට පවුම් 20 කට බව සදහන් වේ. ඔහු වෙනුවෙන් ඉහළ ඉල්ලූමක් ඇති බවත් ඇය පවසන්නීය.