හොරා - පොලිස් සෙල්ලම කිරීමට ගොස් කරදරයකට මුහුණ දුන් තරුණයෙක් බේරා ගැනීමට  ඕස්ටේ‍්‍රලියා ගිනි නිවන භටයෝ සමත් වූහ.

20 හැවිරිදි ලොරන්ස් තම සහකාරිය මවිත කිරීමට සිතා ඇය නිවසට පැමිණෙන වෙලාව ආසන්න වූ විට ඇඳුම් උණා දමා නිවසේ තිබෙන විශාල රෙදි සොදන යන්ත‍්‍රයට වී බලා සිටියේ ඇය ආ විගස නිර්වස්ත‍්‍රව එළියට පැමිණ ඇය සිනහ ගැන්වීමටය.

එහෙත් සිදුවූයේ අනෙකකි. ටික වේලාවක් එහි රැදී සිටි ඔහු එහි හිර වී ඇති බව වැටහුණි. එසැනින් ඔහු එළියට පැමිණීමට දගලද්දී තව තවත් හිර විය. පසුව උදව් ඉල්ලා කෑ ගැසීය. නිවසට පැමිණි සහකාරිය ලොරන්ස්ගේ කෑ ගැසිල්ල ඇසී භය වී වහා ගිනි නිවන භටයින් හා පොලිසිය ගෙන්වා ගත්තාය.

කොපමණ උත්සහ කළත් ඔවුන්ටත් ඔහු එළියට ගැනීමට නොහැකි තැන එක් වයසක නිලධාරියෙක් නිවසෙහි තිබූ ඔලිව් තෙල් බෝතලයක් ගෙන ඒවා ඔහුගේ ඇගේ ගැල්වීමට පටන් ගත්තේය.

ඉන්පසු ඔහුට ටිකෙන් ටික එළියට ඒමට හැකි විය. ඔහු නිර්වස්ත‍්‍රව සිටින බව ඔවුන් දුටුවේ ඒ අවස්ථාවේදීයි. එක් අතකට ඔහු නිර්වස්ත‍්‍රව සිටීමෙන් ඔහු බේරා ගැනීමට හැකි වූ බව නිලධාරීන් පවසති.