IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බයිඩන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට

බ්‍රිතාන්‍යයේ පැවැති 'ජී7' සමුළුව අවසන් වීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (13) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පැමිණියේය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, බයිඩන්, බ්‍රසල්ස් නුවරට පැමිණි පළමු අවස්ථාව මෙයයි. කොරෝනා වසංගත හේතුවෙන්, බෙල්ජියමේ සෞඛ්‍ය බලධාරීන් තහංචි පනවා ඇති බැවින්, ජනාධිපති බයිඩන් ට මුහුණු ආවරණ පැලඳ සිටීමට සිදුවිය.

ජනපති බයිඩන් රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ගොඩබෑවේ මෙල්ස්බෘක් ගුවන් කඳවුරටය. ජනාධිපතිවරයා පිළිගැනීමට බෙල්ජියම් අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් දෙ ක්රෝ ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බ්‍රසල්ස් නුවරට පැමිණියේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හමුදා එකමුතුව සහ යුරෝපා සංගමයේ සාමාජිකයන් සහභාගී වන විශේෂ සමුළුවට සහභාගී වීම සඳහාය. සමුළුව අද (14) සහ හෙට (15) පැවැත් වෙනු ඇත.

යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයන් වන ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් පමණක් නොව යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ද ලින් ද 'ජී7' සමුළුවේ දී ද බයිඩන්ට හමුවිය.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල එකමුතුවෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඇමෙරිකාව සහ නේටෝව අතර සබඳතා පළුදු විය. කෙසේ නමුත් ජෝ බයිඩන් එම සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට කටයුතු පියවර ගත්තේය.

එපමණක් නොව, යුරෝපා රටවල නායකයන් හමුවී ඔවුන් සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීමට බයිඩන් සාකච්ඡා කළේය. ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් ද පැවැත්වීමට නියමිතය.

(රොයිටර්)



අදහස් (0)

බයිඩන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1480 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 231 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 86 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site