
ඊශ්‍රායල හමාස් අර්බුදය ඔඩුදුවද්දී මැදපෙරදිග බලා පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් ජෝර්දානයේ දී පැවැත්වීමට නියමිත වුවත්, ජෝර්දානයේ අබ්දුල්ලා රජු එම සමුළුව අවලංගු කර ඇත.
ඒ, ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 500 ක් ජීවිතක්ෂයට පත්වුණු බැවින් ඊට අප්‍රසාදය පළ කරමිනි. ජෝර්දානය යනු ඊශ්‍රායලයට හිතවත්, අසල්වැසි රාජ්‍යයකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අබ්දුල්ලා රජුගේ ද සහාය ලබා ගනිමින් ජෝර්දානයේ දී පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ඊජිප්තු ජනාධිපති අල් සීසී හමුවී ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සමුළුව සංවිධානය කර තිබුණි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd