13 වැනි සියවස වන විට දකුණු දිග ප්‍රංශයේ පිහිටි ඇවිනියොන්ග් නගරය පාප් වහන්සේගේ මුල් පදිංචිය සිදුවීම හේතු කොට එම නගරය පාප්ගේ නගරය විය. ඒ හේතු කොට ඒ වටා පිහිටි බොහා්මයක් නගර ද ඉතිහාසයට එක්වූ සුවිශේෂි නගර බවට පත්වීම නොවැළැක්විය හැකි වුයේය. පාප් නගරයට කිලෝ මීටර 21ක් උතුරු දිශාවෙන් පිහිටි ඔරේන්ජ් නගරය එවැනි නගරයකි.
පොරොවෙන්ස් ඇල්ෆ්ස් කෝට් ද ඇෂූර් පළාතට අයත් මුහුදු මට්ටමෙන් මීටර් 127 ක් උසින් වර්ග කීලෝමීටර 70 ක භූමි භාගයකට අයත් ඔරේන්ජ් නගරයේ පවුල් 30,000 ක් පමණ ජීවත්වෙති. ඊට අමතරව කාර්ෆෙන්ටාර්, ගාර් ආදි නගරයන්ද ඉහත ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් ඇති අසල්වැසි නගරයන්ය. පළමු සියවසට අයත් රෝමානු අධිරාජ්‍ය යුගයේ වටිනා නිර්මාණ වලින් අලංකාරවූ ඵෙතිහාසික පෞරාණික ස්ථාන මෙම නගර වෙලා ගෙන ඇත.
ඔරේන්ජ් නගර මධ්‍යයේ පිහිටා ඇති පුරාණ රෝමානු රඟ මඬල ලෙස හදුන්වන එළිමහන් රඟ මඬල එවැනි ස්ථානයකි. රෝමානු අධිරාජ්‍ය සමයේ ඉදිකළ මෙවැනි එළිමහන් රඟ මඬල අතර දැනට ලෝකයේ ඉතිරිවී ඇති ස්වල්පයෙන් ප්‍රංශයේ ඔරේන්ජ් නගරයේ ඇති පුරාණ රෝම රඟ මඬල ඉතාමත් ප්‍රසිද්ධය. එයද ජාත්‍යයන්තර යුනේස්කෝ අනුමත සංරක්ෂිත ජීවමාන පුරාණ වස්තුවකි. මෙවැනි පුරාණ රෝම රඟ මඬලයන් ඇල්බේනියාව, ඇල්ජීරියාව, ජර්මනිය, බල්ගේරියාව, ස්පාඤඤය, ඊශ්‍රායලය,ජෝර්දානය, ලිබියාව, සිරියාව, ටියුනීසියාව, පෘතුගාලය, තුර්කිය යන රටවලද ඇත.
ප්‍රථම ශත වර්ෂයට අයත් ඔගොස්ටේ රෝමානු අධිරාජ්‍යයාගේ පාලන සමයේ ජනරාල් තනතුරක් දැරූ ජුලියස් සීසර් යටතේ පැවැති හමුදා භට පිරිස් ඔරේන්ජ් හී පිහිටි මෙම රඟ මඬල ඉදිකිරීම ප්‍රථමයෙන් ආරම්භ කොට ඇත. අර්ධ වෘත්තාකාර ලෙස නිමැවූ එළිමහන් ප්‍රේක්ෂකාගාරයේ 9000 කට අසුන් ගැනීමට පහසුකම් තිබේ. එය පඩි පෙළක් මෙන් තනා ඇත. ඊට මුහුණලා වේදිකාව ගොඩ නගා තිබේ. එය පොළොව මට්ටමෙන් මීටරයක් පමණ උසය. වේදිකාව පසුපස හරි හතැරැස් දැවැන්ත බිත්තියකි. එය කොටස් තුනකින් සමන්විතය. උස මීටර් 37කි. මීටර් 103ක් විශාලය. බිත්තියේ බටහිර දිශාවේ ආරුක්කු හැඩය ගත් විශාල දොරටුවකි.
වේදිකාවට සමාන්තර බිම් මහලේ හරි හතැරැස් දොරටු තුනක් ඇත්තේය. එක් දොරටුවක් රාජකීය දොරටුව ලෙස හඳුන්වන අතර එකල අධිරාජ්‍යයා හෝ රජවරුන් උත්සවයට පැමිණෙන්නේ එම දොරටුවෙන්ය. අනෙක් දොරටු දෙක නාට්‍යාංගනාවන්ට හා අනෙක් ශිල්පීන්ගේ භාවිතයට වෙන් කර ඇත. හරි හතරැස් දැවැන්ත බිත්ති අතර ශාලාවල් මෙන් විශාල කාමර නිම කොට ඇත. නාට්‍ය හා සංගීත ශිල්පීන් සූදානම් වන්නේ එම කාමර ඇතුළේය. ඉහත සියලූම ඉදිකිරීම් සඳහා හරි හතරැස් විශාල ගල් භාවිතා කොට ඇති අතර එහි සුමට පැති විවිධ කැටයම් සහිත නිර්මාණ වලින් හැඩ වැඩවී තිබේ. වේදිකාවට මුහුණලා පසුබිමේ ඉදිකර ඇති බිත්තියේ ඉහළම කොටස රෝමානු යුගයේ මූර්ති ශිල්පීන්ගේ කැටයම් වලින් තීරූ පටියක් ලෙස හැඩ ගන්වා එම බිත්තියේ මැද කොටසේ ගලින් නිමැවූ ඔගොස්ටේ අධිරාජ්‍යයාගේ පිළිරුවක් ස්ථානගත කොට ඇත.
වර්ෂ 1562 සිට 1598 දක්වා යුරෝපයේ පැවැති ආගමික යුධමය වාතාවරණය හේතු කොට මෙම දැවැන්ත නිර්මාණයට සුළු සුළු අලාභ හානි සිදු වුවද එම සමය අවසන් වී ප්‍රංශයේ රජකම හිමි කර ගත් තුන් වැනි හා සිව් වැනි හෙන්රි රජ වරුන් විසින් මෙය පිළිසකර කොට තිබේ. අද වන විට මනා ආරක්ෂිත ලෙස සංරක්ෂිත කොට තුන් මුලස් බිත්තියට ඉහළින් පෞරාණිකත්වයට හානි නොවන අයුරින් වේදිකාව වැසෙන ලෙස වහලක් ඉදිකොට ඇත.
ඒ දවස පුරාණ රෝම රඟ මඬල රෝම ඔපෙරාවන්ගෙන් වර්ණවත් වී ඇති අතර වර්තමානයේ මෙම වේදිකාව ප්‍රංශ ඔපෙරාවන්ගෙන් වර්ණවත් වේ. 17 වැනි සියවසේ දි ඉතාලියේ ෆොලොරොන්ස් ප්‍රදේශයෙන් ප්‍රථම බටහිර ඔපෙරාවන් බිහි වීමෙන් පසු 1645 දී ඉතාලියෙන් ප්‍රංශයට ඔපෙරාව ආගමනය වී 1671 දී ප්‍රථම ප්‍රංශ ඔපෙරාව ඉහත රඟ මඬලේදී එළිදක්වා ඇත්තේය. ඉන්පසු 17 වන සියවසේ ප්‍රංශය පාලනය කළ 14 වන ලූවී රජ සමයේ ඔහුගේ සංගීතඥයාවූ ජෝන් බැටිස්ට් ලූලී විසින් ඔපෙරාවන් සඳහා ප්‍රථම ප්‍රංශ පාසැල ආරම්භ කොට එයින් බිහිවූ අති දක්ෂ ඔපෙරා ශිල්පීන්ගෙන් ඉහත රඟ මඬල වර්ණවත් වෙයි..
එය හේතු කොට 1860 සිට සෑම වසරකම සරත් ඍතුවේදි ඔරේන්ජ්හීදි සුප්‍රසිද්ධ ඔපෙරා සැණකෙළියක් පැවැත්වීම ආරම්භ විය. එදා සිට අද දක්වාම රෝමානු ඔපෙරා සැණකෙළිය නමින් හැදින්වෙන ලෝක ප්‍රසිද්ධ සංගීතඥයන්ගේ සංගීතයෙන් ඔපවත් වෙමින් ලෝක ප්‍රසිද්ධ ඔපෙරා නළු නිළියන්ගේ දර්ශනය රැඟුම් ඇතුළත් ඔපෙරා සැණකෙළි පැවැත්වේ.
ඔපෙරාවන් සඳහා සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික එතියෙන් මෙහුල් ප්‍රංශ විප්ලව සමයේ ඉහත රඟ මඬලේදී ඔපෙරා සැණකෙළිය වර්ණවත් කල සංගීතඥයෙකි. ඒ වගේම ප්‍රංශයේ ප්‍රසිද්ධ සිනමා හා වේදිකා නිළියක් වූ සාරා බ්‍රේන්හාර්ඩට් 1903 දී මෙම සැණකෙළියට සහභාගිවු අතර වර්තමානය වන විට ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගිවූ සංගීත ප්‍රසංඟ මෙම වේදිකාවේදී එළිදක්වා ඇත්තේය.
ඒ අතරින් ෆින්ක් ෆොලොයිඩ් සංගීත කන්ඩායමේ ඩේවිඩ් ගිල්මොර්, එල්ටන් ජෝන්ස්, පිල් කොලින්ස්, මාර්ක් නොෆ්ලර්, හෙලන් සෙගාරා එඩී මිචෙල්, එම් පොකාරා, සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික ටෙනිස් ශූරයෙක්වූ යැනික් නොහා හා වෙනත් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් මෙහි සංගීත ප්‍රසංඟ වලට සහභාගිවී ඇත්තේය. මෙම ප්‍රසංඟ බොහෝමයක් නොමිලේය. එබැවින් විශාල ජනතාවක් ප්‍රසංඟය නැරඹීමට පැමිණේ.
ප්‍රංශ යුධ හමුදාවට අනුයුක්ත විදේශ හමුදා බල ඇණිය විසින් පවත්වන ප්‍රසංඟයකින් පසු සෑම වසරකම ඉහත ඔපෙරා සැණකෙළිය ආරම්භවේ. මෙවර එය නැරඹීමට ලැබීම පෙර කල පිනක් ලෙස සලකමි. මන්ද? එය එතරම්ම අලංකාරය, ගාම්භීරය. ‘මගේ රාජ්‍ය සමයේ මා දුටු වටිනාම නිර්මාණශීලී නිපැයුම ඉහත රඟ මඬල බව එදවස එහි සංචාරය කල නිර්මාණශීලි ප්‍රංශ රජතුමෙකු වූ 14 වන ලූවී රජු පවසා ඇත්තේය.
ඊට අමතරව ජයග්‍රාහී දොරටුව ලෙස 1981 දී අනුමත කල යුනේස්කෝ රක්ෂිත ආරුක්කු හැඩය ගත් මීටර් 19ක් උස මීටර් 20ක් පමණ දිග මීටර් 8 ක් විශාල පුරාණ දොරටුවක්ද ඇත්තේය. පළමු සියවසේ දී ඔරේන්ජ් නගරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව ලෙස එය භාවිතා කොට ඇත. 1938 දී මෙම ජයග්‍රාහී දොරටුව පසුබිමේ අලංකාර කල මුද්දරයක් ප්‍රංශ රජය විසින් නිකුත් කර ඇත්තේය .අධි ශීතකරණ යකඩ තැටියක් මතට පිරිසිදු කිරි හා කුඩාවට කපා ගත් පිරිසිදු සුවිශේෂී පලතුරු මිශ්‍ර කොට සදා ගත් ඉතාමත්ම මිහිරි අයිස් ක්‍රීම් සෑදීම මෙම ප්‍රදේශයේ ආදි කාලයේ සිට පැවැත එන ප්‍රසිද්ධ සිරිතකි. සියලූ දෙනා ඉදිරිපිට නිම වෙන අයිස් ක්‍රීම් වර්ග විඩාවට පත් සංචාරකයෝ ඒවාහී රස විඳීමට අයිස් ක්‍රීම් කඩ ඉදිරියේ දිග පෝලිම් පසුපස පෙළ ගැසී සිටිති. අලිගැට පේර කොමඩු, කිවි, අඹ, කෙසෙළ්, ඇපල්, ස්ට්රෝඛෙරි ආදි පලතුරු ඉහත අයිස් ක්‍රීම් සඳහා යොදා ගනී. ඔරේන්ජ් යනු එවැනි අයිස් ක්‍රීම් වර්ග රස විඳිය හැකි ප්‍රංශයේ ඇති එකම නගරයද වන්නේය.
ඉහත පෞරා‚ක නටබුන් වලින් සපිරි ඔරේන්ජ් නගරය දැක බලා ගැනීම යනු පලමු සියවසේ රෝමාණු නගරයක සිරි නැරඹුවා හා සමානය.ඉහත සියලූදේ දැක බලා ගැනීමෙන් සුනිල්වන් නෙත් සඟල සිහිවටන වලින් පුරවා පාසැල් නිවාඩුවේ ඉතිරි දින කිහිපය දකුණු දිග ප්‍රංශයේ මධ්‍යධරණී මුහුදු තීරය බලා දරුවන් සමග පිටත් වුනෙමු.
![Roman_Arch_orange[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/Roman_Arch_orange1.png)
![Roman_Arch_top_pannel[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/Roman_Arch_top_pannel1.png)
![Roman_Theatre_de_orange_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/Roman_Theatre_de_orange_011.png)
![Roman_Theatre_de_orange_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/Roman_Theatre_de_orange_031.png)
![Roman_Theatre_de_orange_french_reign_legion[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/Roman_Theatre_de_orange_french_reign_legion1.png)
![stamp_1938[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/stamp_19381.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියවන්න කියවනවානම් මෙන්න ලිපි ..(බ)
දියුණු රටවල් තමන්ගේ පුරාණ දේවල් මනා ලෙස ආරක්ෂා කරගෙන රටට අාදායමක් ලබාගන්න හැකි ලෙසට සකසාගෙන තිබෙනවා. අපේ අය තියෙන එකත් නැතිකර ගන්න විදියටයි කටයුතු කරන්නේ. ඇයි දැක්කේ නැද්ද, දඹුල්ලේ විහාරයේ අනවශ්‍ය ඉදිකිරීමක් නිසා යුනෙස්කෝ නාමය ඉවත් කරන බවට ඇතිවුණ සිද්ධිය? (නි)
අපේ රටේත් මීටවඩා හොඳ රඟමඬලවල් රජ කාලේ තිබුනා කියලා අසා තිබෙනවා (නි)
මෙවන් අර්ථවත් යිතිහාසයක් කුඩා මහලු සැමට කියවීමට දැනගැනීමට ලංකාදීප එසැන පුවත් සැරසු ඔබට තුති (රේ)...
සුනිල් මහතා ලියන සියල්ල අපි ඉතා ආසාවෙන් කියවනවා මෙතරම් විස්තර ලියන්න ඔබතුමා ගවේශකයෙක්ද .ලිපිනම් හරි ඉහලයි.. (රේ)
කියවනවා නම් මෙන්න ලිපි ....(රේ)
සමරතුංග එක්ක මම එකඟ වෙනවා. ලංකාවේ අදුරදර්ශී පාලකයෝ සහ ඔවුන් ඒ තැන් වලට ගෙනෙන මිනිස්සු ඉන්න තාක්කල් ඇත්තටම මේ රට අවාසනාවන්තයි. (නි)
පළමු සියවස රෝමය ....2005 හේ සිට 2015 වේ ජනවාරි 10 දක්වා ශ්‍රී ලංකා දීපයේ රගමඩල පිලිබදව විස්තර ඇතිව හොද ලිපියක් ලියන්න විසාල පිරිසක් සිටිනවා කියවන්න . ලිපියට , අඩු ලුහුඩු ,පස් පංගු ,තුන පහ ,පත 60 ට එකට හිදා අපටත් දායක වියහැක .....(රේ)
හොඳ ලිපියක් ස්තුතියි ..(රේ)
මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)
ෂා ලස්සන කතාවක් .ඔබට බොහොම ස්තුතියි !!! (බ)
නියම ලිපියක්! (නි)
මෙවන් ලිපියක් අපිට කියවීමට සැළැස්වූවාට ඔබට පිං! (නි)
සාර්ථක ලිපියක් ස්තුතියි ...(බ)
ලිපියනම් එළකිරි ..(බ)