
උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ.
ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
පැය 4 ක් පහර නොදීමට එතඟ වුවත්, තමන් කිසිදු අවස්ථාවක, හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරයේ’ දරුණු ගැටුම් පවතී. ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ රෝහල් දෙකකට පහර දෙමින් සිටින බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මෙම රෝහල්වල සැඟවී සිටින බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු අන්ත අසරණයි. හැබැයි ඊශ්‍රායල් වරුන්ගේ තරහත් සාධාරණයි. අපේ රටටත් කුඩා රටක් වූ ඊශ්‍ර්යාලය යුද්ද කරන්න කාගෙන්වත් ආධාර ඉල්ලුවේ නැත. ඒකට යුකරේනය.