ගෙදර වැඩ කිරීමට දෙමාපියන්ගෙන් තුනෙන් දෙකක් නිතිපතා සිය දරුවන්ට උදව් කරන බවත් හය ‍දෙනකුගෙන් එක් ‍අයෙක් ළමයින්ගේ ගෙදර පාඩම් වැඩ සියල්ල ඉටුකරන බවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ දෙමාපියන් පවසන්නේ දරුවන්ගේ වැඩවලට උදව් දීම මගින් හදිසි කෝපය සහ සවස ඇති නරක වට පිටාව වැළකෙන බවයි. මේ අධ්‍යයනය වයස අවුරුදු 5ත් 15ත් අතර ළමයි සිටින දෙමාපියන් 2000ක් යොදා ගනිමින් සිදුකැර ඇත.

ඔවුන්ගෙන් සියයට 70ක් පවසා ඇත්තේ තමුන් ගෙදර පාඩම් වැඩ කරදෙන තෙක් ළමුන් ද පසෙකින් වාඩිවී සතුටින් කල් ගෙවන බවයි. ඒ අතරේ සියයට 38  ක් පවසා ඇත්තේ තම ළමුන්ගේ  පොත් වල ඇති ගැටළු ගැන ඔවුන්  අරමුණකින් තොරව කටයුතු කරන බව පෙනිගොස් ඇති බවයි. මෙම අධ්‍යනය මගින් සොයාගෙන ඇත්තේ දෙමාපියන්ගෙන් සියයට 20 ක් පමණ ගෙදර පාඩම් වැඩ සම්බන්ධයෙන් තර්ක කරගන්නා බවයි. පොදුවේ එකඟතාවයට එලඹිමට නොහැකි කරුණ වන්නේ මෙම පාඩම් වැඩ නිරාකරණය කරගන්නා හොඳම ක්‍රමය ගැනයි. එනම් මොන කරැණු වලට උදව් කළ යුතුද මොන කොටස් වළට උදව් නොකල යුතුද සහ ඇගිලි නොගැසිය යුත්තේ මොනවාටද යන්න ගැනයි. පර්යේෂකයන් පවසන්නේ බෙහෝ දෙමාපියන් තම ළමයින්ගේ පාඩම් සම්බන්ධයෙන් නිවසේදී කළයුතු වැඩවලට අධ්‍යාපනය ලබන කාලය තුල යම්තාක් දුරට සහායවන බවයි. මෙම උදව් මගින් ළමයා එම පාඩම් තේරුම් ගැනීම සහ සම්පූර්ණයෙන් ග්‍රහණය කරගැනීම හො
දින් කරන බව ද තහවුරු වී ඇත. මව හෝ පියා ගෙදර වැඩ කරන විට ළමයා පසෙකට වී විවේකීව කාලය ගෙවයි නම් ප්‍රතිපලය එතරම් සාර්ථක නැත. සුදුසු හොඳම දෙය නම් ළමයා යම් දෙයක් විසඳාගැනීමට නොහැකිව සිටින විට එයට උදව් වීමයි. එයින් හොඳ ප්‍රතිපල ලඟා කරගත හැකිවේ. නමුත් ගෙදර කළ යුතු පාඩම් වැඩ ළමයා සහ දෙමාපියන් එක්ව කිරිමට උත්සාහ ගන්නේනම්  ආතතියක් ගෙන දෙන කටයුත්තක් නොවන බව මෙම අධ්‍යනය මගින් සොයාගෙන ඇත.