
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ 'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නැත. රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.
'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින් පීඩා විදී. මොස්කව් අගනුවර නිල නිවසේ තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි .පුටින් දැනගෙන තියෙන්නෙත් ඇමරිකාවෙන්ද ?
ඔය යුද්ධය තනිකරම බයිඩන්ගේ උවමනාවට ඇතිකරවූවකි. බයිඩන්ගේ පුතාත්, සෙලෙන්ස්කිත් අතර කූඨ ගනුදෙනු පිලිබඳව යුද්ධයට සෑහෙන කාලෙකට කලින් ට්‍රම්ප් සෘජුවම චෝදනා කලේය. යුරෝපයට ගෑස් සහ තෙල් සැපයීමේ රුසියානු බලය බිඳීමට ඇමරිකාවේ ඇතැම් නිලධරයන් අතර තිබූ උවමනාව උපයෝගී කර ගනිමින් බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 100කට අධික යුධ හා යුධ නොවන ආධාර යැව්වත් ඒ සියල්ල යුක්‍රේනයටම ලැබේදැයි යුරෝපා සංගමය පවා සැක පල කරයි. අන්තිමේ දුක් විඳින්නේ යුක්‍රේනයේත් රුසියාවේත් අහිංසක ගොවි දරුවන් බව උන්ට තේරෙන්නේම නැත. ඔය පූටින්ට අරක වුනා මේක උනා කියන්නේ නම් හිත හදා ගන්නටය.
දිට්ඨදම්ම වේදනීය කර්ම පලදෙන්න පටන්ගත්තා පමණයි…!
පුටින් පඩිපෙළෙන් ලිස්සා වැටුණු පළමු වතාව..! ඒත් ඇමෙරිකාවේ බයිඩන් කෙළින් ඉන්න පණ ඇතුව කීසැරයක් ගිය ගිය තැන වැටිලා තියෙනවද?
මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඉක්මන් සුවය ලැබේවා!