
ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබී ඇති නමුත්, රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉන්දුනීසියාවේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ප්‍රධානත්වයෙනි.
රුසියන් ජනාපධිති පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ගෙන්වා, මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට ඉඩ සලස්වා රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට උත්සාහගන්නා බව ජනාධිපති විඩෝඩෝ පවසා තිබේ.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාරනේ..! තෝරු, මෝරු අස්සේ හාල්මැස්සෙක් රිංගවන්න හදන එක...
මෙයා ඇමෙරිකානු රජගෙදර කවටයා කියලා තාම තේරුම් අරන් නෑ.
තාමත් හිතාගෙන ඉන්නේ ‘‘කොමඩි ෂෝ‘‘ එකක් කියලා...!