මිනිස් සිතුවිලි වල ස්වභාවය බාහිර පරිසරය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේදැයි සෙවීමට ජපන් ජාතික පර්යේෂකයෙක් අපූරු පර්යේෂණයක් සිදුකර තිබේ.
සහල් පිරවූ බදුන් 2ක් ගෙන ඇති ඔහු ‘‘ස්තූතියි,මම ඔබට ආදරෙයි‘‘ යැයි සදහන් කොළයක් එක් බදුනක පිටතින්ද,‘‘මම ඔබට වෛර කරනවා,මෝඩයෝ‘‘ යැයි සදහන් කොළයක් අනෙක් බදුනේ පිටතින්ද අලවා එම බදුන් 2 පාසැලක කොරිඩෝවක තබා ඇත.
අනතුරුව ඔහු පාසලේ සිසුන්ගෙන් ඉල්ලා ඇත්තේ බදුන් 2 පසුකර යන සෑම වතාවකම එම බදුන් වල අලවා ඇති කොළයන්ගේ සදහන් වන වැකි බදුන් දෙස බලාගෙන හඩ නගා පවසන ලෙසයි.
දින 30 කට බදුන් විවෘත කර පරීක්ෂා කර බැලූ විට යහපත් සිතුවිලි සදහන් වූ බදුනේ සහල් කිසිදු වෙනසක් නොවී පවතිනුත් වෛරී සිතුවිලි සදහන් වූ බදුනේ සහල් නරක් වී තිබෙනු හදුනාගැනීමට හැකිවී ඇතැයි සදහන්ය.
පර්යේෂක ආචාර්ය මසාරු එමොටෝ මිනිස් සිතුවිලි භෞතික ලෝකය කෙරේ බලපෑම් එල්ල කරන්නේයැයි විශ්වාස කරන්නෙකි.ඔහු සිදුකරන මේ පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ එවැන්නක් සැබෑවටම සිදුවන බවකි.
මිට පෙර වතාවකදී ඔහු ජලය යොදාගෙන මෙවැනිම පර්යේෂණයක් සිදුකළේය.එහිදී ඔහු කළේ ජල බදුනක් කුටීරයක තබා එදෙස බලාගෙන යහපත් සිතුවිලි වඩන්න යැයි පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයින්ට උපදෙස් දීමය.මේ සදහා පුද්ගලයින් 2000 ක් පමණ සහභාගී කරවාගෙන තිබුණි.
අනතුරුව ජලයේ අණු සැකැස්ම අනුදක්නයක් ආධාරයෙන් පරීක්ෂා කළ විට හදුනාගත හැකිව තිබෙනුයේ සාමාන්‍යයෙන් පිහිටනවාට වඩා වෙනස් ලෙස විචිත‍්‍ර රටා මවමින් ජල අණු පිහිටා තිබෙනුය.
‘‘මම මේ සම්බන්ධයෙන් ලොවට හෙළි කරපුවහම බොහෝ දෙනා සිතුවේ මා බොරුකාරයෙක් කියලා.ජල අණු සැකැස්මවල් පෙන්වන ඡායාරූපයන් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි කියලා ඔවුන් චෝදනා කළා.ඇත්ත මේ සංසිද්ධීන් පැහැදිලි කරන්න විදිහක් නැහැ.දැකලම තමයි බලාගන්න ඕන.‘‘ යැයි ආචාර්ය එමොටෝ පවසන්නේය.
විද්‍යාත්මක පදනමක් නැතත් ආචාර්ය මසාරු එමොටෝගේ පර්යේෂණයන් නොසළකා හැරිය නොහැක්කේ ඒවායින් ලැබී ඇති ප‍්‍රතිඵල දකින විටදීය.ඇතැම් විට සැබෑවටම අපගේ සිතුවිලි බාහිර ලෝකයේ පැවැත්ම හා කටයුතු කෙරෙහි බලපෑම් එල්ල කරනවා විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතුවිලි පරිසුදු නම් පරිසරය පමණක් නොව ලෙඩ රෝග පවා නැතිවේ.(චේතනා පරිශුඳදවේනම්) (අ)
මේක සිංහල අපට අළුත් දෙයක් නෙමේ. බුදු දහම හොදින් මේ බව උගන්වනවා. අපේ සිතිවිලි සොබාදහමට සෘජුවම බලපානවා. මේක අපි හැමෝටම හොදින් වැටහෙන සත්‍යයක්. අපි මේක වැටහිලත් අවිශ්වාස එකයි ගැටළුව..(දිල්)
බුදු දහමේ පිරිත් කියනවා කියන්නේ මේ හා සමාන දෙයක්.(නදී)
වචන කිය වෙන්නේ හිතලා, හිතන දේ තමයි මුල් වෙන්නේ. හිතට අනුව රුප කලාප හැදිලා ඇඟ පුරාම දුවන බව දහමේ විස්තර කරනවා. මෛත්‍රී භාවනාව හුඟක් බලවත් මේ අතින් වුනත්. අපි ඔක්කොම එකතුවෙලා රටට මෙත් වැඩුවොත් රට ආරක්ෂා කරන්න පුළුවන් (අ)
මේක සිංහල අපට අළුත් දෙයක් නෙමේ. බුදු දහම හොදින් මේ බව උගන්වනවා. අපේ සිතිවිලි සොබාදහමට සෘජුවම බලපානවා. මේක අපි හැමෝටම හොදින් වැටහෙන සත්‍යයක්. අපි මේක වටහිලත් අවිශ්වාස එකයි ගැටළුව... (දී)
ලෝකේ හැමදේම දන්නවා කියල අපේ අය හිතුවට කිසිම දෙයක් දන්නේ නෑ බැලුවම (දිල්)
සේරමලා එකතුවෙලා විස පාවිච්චියෙන් පළවෙනි තැනට ඇවිත් ඉන්න අපේ රටට ඒ විස නැති කරන්න මොනවහරි කරන්න බැරිද?(අ)
මෙය සත්‍යකි .ඔබ යහපත් සිතිවිලි වැඩීමෙන් සිත ගත දෙකම නිරෝගී වේ .අත්හදා බලන්න (දිල්)
සෙත් කවි සහ වස් කවි මීට පෙර මම විශ්වාස නොකළත් දැන් නම් ඒවායේ ඇත්තක් තිබෙන බව පිළිගන්න වෙනවා. (නි)
විද්‍යාගාරයක ඔය පර්යේෂණය කරනවට වැඩිය බුදු දහම උපයෝගී කරගෙන හිත දියුනු කරොත් ඔයිට වැඩිය සාර්ථක ප්‍රතිපල හොයාගන්න පුළුවන්.(නදී)
මෙවැනි දෙයක් විද්‍යාත්මකව තහවුරු කිරීමට නම් මෙම පරීක්ෂණය ලෝකයේ කොතැනක විවිධ පුද්ගලයන් කලත් එක සමාන ප්‍රතිපල ලැබිය යුතුයි. එමනිසා තම තමන්ම කරලා සත්‍යය තහවුරු කරගන්න. (අ)
මෙන්ඩිස් කියන දේ හරි. ඕක පිළිගන්න අකමැති අය ඉන්නවා කොහොමත්. සමහරවිට ලංකාවේ අපි කියන දේවල් පිලිනොගත්තට ජපන්නු කියන නිසා ඕක පිලි ගනීවි. (නදී)
අපේ පැරැන්නෝ කටවහ ගැන කියල තිබුනේ මීට සියවස් ගාණකට කලින් නේද? ඒ වගේම පිරිත් කීමෙන් පිරිත් පැන්වල ජල අනු මේ දාල තියන ෆොටෝ එකේ විදිහටම වෙනස් වෙන බව ලංකාවේ තරුණයෙක් මීට ටික කාලෙකට කලින් පර්යේෂණයකින් හොයා ගත්ත නේද? (දිල්)
අනිවාර්යෙන්ම මේ දේවල් ඇත්ත ඕව අපිට ලංකාවේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ(අ)
බුදු දහම සත්‍යයි... (අ)
යහපත් වචන යහපත් දැකීම ඇතුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය හැකි පමණින් අවබෝද කරගන්නවා නම් මෙලෙස නිදසුන් වලින් කියන දේවල් සත්‍ය නම් මීට අව්රුදු දෙදහස් ගණනකට කලින් ලොව අග්‍ර බුදු හිමිගේ සද්ධර්මය චිරාත් කාලයක් බබලනවා .(අ)
මේවා ජපන්නු අපෙන් ඉගෙන ගත් ඒවා. අබ වපුරලා වී ලබාගන්න බෑ ඒ වගේම හොද සිතුවිලි වලින් ලැබෙන්නේ හොද ප්‍රතිපලයක් මය. නරක සිතුවිලි වලින් ලැබෙන්නේ නරක ප්‍රතිපලයක් මය.(අ)
එක නිසා නේන්නම් බුදු හාමුදුරුවෝ ගහට කොළට සතා සීපාවට පවා මෛත්‍රී කලේ (අ)
මේ වාගේ දේවල් අපේ අය දන්නේ මීට ගොඩක් ඉස්සර. පිරිත් කීම , පිරිත් පැන්, අපලවලට කොඩි එල්ලීම වගේ දේවල් කරන්නේ එනිසානේ .(අ)
මේ දේවල් ඇත්ත. ඒත් වචනයකට පමණක් මෙහෙම වෙනව කියන්න අමාරුයි (දිල්)
සම්පත්, මේවා ජපනුන්ගෙන් ඉගෙනගන්න දෙයක් නැහැ. බුදු දහමේ මෙය හොඳින් පැහැදිලි කරලා තියෙනවා. (දිල්)
හැකියාවක් තියනවා නෙමෙයි අනිවාර්යෙන් මේ දේ ඇත්ත. (දිල්)
මේවා ජපන්නුන්ගෙන් ඉගෙනගන්න ඕනේ (දිල්)