IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නරක සිතුවිලි පරිසරයත් කයි

මිනිස් සිතුවිලි වල ස්වභාවය බාහිර පරිසරය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේදැයි සෙවීමට ජපන් ජාතික පර්යේෂකයෙක් අපූරු පර්යේෂණයක් සිදුකර තිබේ.

සහල් පිරවූ බදුන් 2ක් ගෙන ඇති ඔහු ‘‘ස්තූතියි,මම ඔබට ආදරෙයි‘‘ යැයි සදහන් කොළයක් එක් බදුනක පිටතින්ද,‘‘මම ඔබට වෛර කරනවා,මෝඩයෝ‘‘ යැයි සදහන් කොළයක් අනෙක් බදුනේ පිටතින්ද අලවා එම බදුන් 2 පාසැලක කොරිඩෝවක තබා ඇත.

අනතුරුව ඔහු පාසලේ සිසුන්ගෙන් ඉල්ලා ඇත්තේ බදුන් 2 පසුකර යන සෑම වතාවකම එම බදුන් වල අලවා ඇති කොළයන්ගේ සදහන් වන වැකි බදුන් දෙස බලාගෙන හඩ නගා පවසන ලෙසයි.

දින 30 කට බදුන් විවෘත කර පරීක්ෂා කර බැලූ විට යහපත් සිතුවිලි සදහන් වූ බදුනේ සහල් කිසිදු වෙනසක් නොවී පවතිනුත් වෛරී සිතුවිලි සදහන් වූ බදුනේ සහල් නරක් වී තිබෙනු හදුනාගැනීමට හැකිවී ඇතැයි සදහන්ය.

පර්යේෂක ආචාර්ය මසාරු එමොටෝ මිනිස් සිතුවිලි භෞතික ලෝකය කෙරේ බලපෑම් එල්ල කරන්නේයැයි විශ්වාස කරන්නෙකි.ඔහු සිදුකරන මේ පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ එවැන්නක් සැබෑවටම සිදුවන බවකි.

මිට පෙර වතාවකදී ඔහු ජලය යොදාගෙන මෙවැනිම පර්යේෂණයක් සිදුකළේය.එහිදී ඔහු කළේ ජල බදුනක් කුටීරයක තබා එදෙස බලාගෙන යහපත් සිතුවිලි වඩන්න යැයි පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයින්ට උපදෙස් දීමය.මේ සදහා පුද්ගලයින් 2000 ක් පමණ සහභාගී කරවාගෙන තිබුණි.

අනතුරුව ජලයේ අණු සැකැස්ම අනුදක්නයක් ආධාරයෙන් පරීක්ෂා කළ විට හදුනාගත හැකිව තිබෙනුයේ සාමාන්‍යයෙන් පිහිටනවාට වඩා වෙනස් ලෙස විචිත‍්‍ර රටා මවමින් ජල අණු පිහිටා තිබෙනුය.

‘‘මම මේ සම්බන්ධයෙන් ලොවට හෙළි කරපුවහම බොහෝ දෙනා සිතුවේ මා බොරුකාරයෙක් කියලා.ජල අණු සැකැස්මවල් පෙන්වන ඡායාරූපයන් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි කියලා ඔවුන් චෝදනා කළා.ඇත්ත මේ සංසිද්ධීන් පැහැදිලි කරන්න විදිහක් නැහැ.දැකලම තමයි බලාගන්න  ඕන.‘‘ යැයි ආචාර්ය එමොටෝ පවසන්නේය.

විද්‍යාත්මක පදනමක් නැතත් ආචාර්ය මසාරු එමොටෝගේ පර්යේෂණයන් නොසළකා හැරිය නොහැක්කේ ඒවායින් ලැබී ඇති ප‍්‍රතිඵල දකින විටදීය.ඇතැම් විට සැබෑවටම අපගේ සිතුවිලි බාහිර ලෝකයේ පැවැත්ම හා කටයුතු කෙරෙහි බලපෑම් එල්ල කරනවා විය හැක.

 



අදහස් (0)

නරක සිතුවිලි පරිසරයත් කයි

සමන්ති Sunday, 02 February 2014 06:44 AM

මෙය සත්‍යකි .ඔබ යහපත් සිතිවිලි වැඩීමෙන් සිත ගත දෙකම නිරෝගී වේ .අත්හදා බලන්න (දිල්)

:       0       0

චින්තක Monday, 03 February 2014 07:38 AM

ලෝකේ හැමදේම දන්නවා කියල අපේ අය හිතුවට කිසිම දෙයක් දන්නේ නෑ බැලුවම (දිල්)

:       0       0

මෙන්ඩිස් Thursday, 30 January 2014 11:53 AM

අපේ පැරැන්නෝ කටවහ ගැන කියල තිබුනේ මීට සියවස් ගාණකට කලින් නේද? ඒ වගේම පිරිත් කීමෙන් පිරිත් පැන්වල ජල අනු මේ දාල තියන ෆොටෝ එකේ විදිහටම වෙනස් වෙන බව ලංකාවේ තරුණයෙක් මීට ටික කාලෙකට කලින් පර්යේෂණයකින් හොයා ගත්ත නේද? (දිල්)

:       0       0

චන්දන Saturday, 01 February 2014 08:12 AM

විද්‍යාගාරයක ඔය පර්යේෂණය කරනවට වැඩිය බුදු දහම උපයෝගී කරගෙන හිත දියුනු කරොත් ඔයිට වැඩිය සාර්ථක ප්‍රතිපල හොයාගන්න පුළුවන්.(නදී)

:       0       0

සම්පත් Thursday, 30 January 2014 02:19 PM

මේවා ජපන්නුන්ගෙන් ඉගෙනගන්න ඕනේ (දිල්)

:       0       0

මනක Monday, 03 February 2014 10:10 AM

මේක සිංහල අපට අළුත් දෙයක් නෙමේ. බුදු දහම හොදින් මේ බව උගන්වනවා. අපේ සිතිවිලි සොබාදහමට සෘජුවම බලපානවා. මේක අපි හැමෝටම හොදින් වැටහෙන සත්‍යයක්. අපි මේක වටහිලත් අවිශ්වාස එකයි ගැටළුව... (දී)

:       0       0

සනිස් Thursday, 30 January 2014 03:31 PM

හැකියාවක් තියනවා නෙමෙයි අනිවාර්යෙන් මේ දේ ඇත්ත. (දිල්)

:       0       0

ඉන්දික Thursday, 30 January 2014 03:54 PM

සම්පත්, මේවා ජපනුන්ගෙන් ඉගෙනගන්න දෙයක් නැහැ. බුදු දහමේ මෙය හොඳින් පැහැදිලි කරලා තියෙනවා. (දිල්)

:       0       0

මධූ Thursday, 30 January 2014 05:16 PM

මේ දේවල් ඇත්ත. ඒත් ‍‍වචනයකට පමණක් ‍මෙහෙම වෙනව කියන්න අමාරුයි (දිල්)

:       0       0

නිලුෂි Thursday, 13 February 2014 09:25 AM

මේක සිංහල අපට අළුත් දෙයක් නෙමේ. බුදු දහම හොදින් මේ බව උගන්වනවා. අපේ සිතිවිලි සොබාදහමට සෘජුවම බලපානවා. මේක අපි හැමෝටම හොදින් වැටහෙන සත්‍යයක්. අපි මේක වැටහිලත් අවිශ්වාස එකයි ගැටළුව..(දිල්)

:       0       0

සුකී Monday, 03 February 2014 11:24 AM

වචන කිය වෙන්නේ හිතලා, හිතන දේ තමයි මුල් වෙන්නේ. හිතට අනුව රුප කලාප හැදිලා ඇඟ පුරාම දුවන බව දහමේ විස්තර කරනවා. මෛත්‍රී භාවනාව හුඟක් බලවත් මේ අතින් වුනත්. අපි ඔක්කොම එකතුවෙලා රටට මෙත් වැඩුවොත් රට ආරක්ෂා කරන්න පුළුවන් (අ)

:       0       0

රම්ස්‍යා Friday, 31 January 2014 03:12 PM

මෙවැනි දෙයක් විද්‍යාත්මකව තහවුරු කිරීමට නම් මෙම පරීක්ෂණය ලෝකයේ කොතැනක විවිධ පුද්ගලයන් කලත් එක සමාන ප්‍රතිපල ලැබිය යුතුයි. එමනිසා තම තමන්ම කරලා සත්‍යය තහවුරු කරගන්න. (අ)

:       0       0

අතුල Thursday, 30 January 2014 07:00 PM

මේ වාගේ දේවල් අපේ අය දන්නේ මීට ගොඩක් ඉස්සර. පිරිත් කීම , පිරිත් පැන්, අපලවලට කොඩි එල්ලීම වගේ දේවල් කරන්නේ එනිසානේ .(අ)

:       0       0

ප්‍රියන්ත Monday, 03 February 2014 12:22 PM

බුදු දහමේ පිරිත් කියනවා කියන්නේ මේ හා සමාන දෙයක්.(නදී)

:       0       0

අක්ෂි Sunday, 02 February 2014 05:49 PM

සේරමලා එකතුවෙලා විස පාවිච්චියෙන් පළවෙනි තැනට ඇවිත් ඉන්න අපේ රටට ඒ විස නැති කරන්න මොනවහරි කරන්න බැරිද?(අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 07:21 PM

එක නිසා නේන්නම් බුදු හාමුදුරුවෝ ගහට කොළට සතා සීපාවට පවා මෛත්‍රී කලේ (අ)

:       0       0

රණසිංහ Thursday, 30 January 2014 09:17 PM

මේවා ජපන්නු අපෙන් ඉගෙන ගත් ඒවා. අබ වපුරලා වී ලබාගන්න බෑ ඒ වගේම හොද සිතුවිලි වලින් ලැබෙන්නේ හොද ප්‍රතිපලයක් මය. නරක සිතුවිලි වලින් ලැබෙන්නේ නරක ප්‍රතිපලයක් මය.(අ)

:       0       0

සියනි Thursday, 30 January 2014 09:35 PM

යහපත් වචන යහපත් දැකීම ඇතුළු ආර්ය අෂ්ටාංගික මාර්ගය හැකි පමණින් අවබෝද කරගන්නවා නම් මෙලෙස නිදසුන් වලින් කියන දේවල් සත්‍ය නම් මීට අව්රුදු දෙදහස් ගණනකට කලින් ලොව අග්‍ර බුදු හිමිගේ සද්ධර්මය චිරාත් කාලයක් බබලනවා .(අ)

:       0       0

ලොකු බණ්ඩා Thursday, 30 January 2014 09:42 PM

බුදු දහම සත්‍යයි... (අ)

:       0       0

පියුමාල් Thursday, 30 January 2014 10:00 PM

අනිවාර්යෙන්ම මේ දේවල් ඇත්ත ඕව අපිට ලංකාවේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ(අ)

:       0       0

‍ඩොන් රො Friday, 31 January 2014 12:26 AM

සිතුවිලි පරිසුදු නම් පරිසරය පමණක් නොව ලෙඩ රෝග පවා නැතිවේ.(චේතනා පරිශුඳදවේනම්) (අ)

:       0       0

සේනාරත්න Sunday, 02 February 2014 12:14 AM

සෙත් කවි සහ වස් කවි මීට පෙර මම විශ්වාස නොකළත් දැන් නම් ඒවායේ ඇත්තක් තිබෙන බව පිළිගන්න වෙනවා. (නි)

:       0       0

ග්‍රාම්‍යා Friday, 31 January 2014 07:44 AM

මෙන්ඩිස් කියන දේ හරි. ඕක පිළිගන්න අකමැති අය ඉන්නවා කොහොමත්. සමහරවිට ලංකාවේ අපි කියන දේවල් පිලිනොගත්තට ජපන්නු කියන නිසා ඕක පිලි ගනීවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 350 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 94 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 459 1

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 331 2

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2210 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 114 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1284 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site