මාස 11 දී මවකගේ පැහැරගැනීමට ලක්වූ දැරියක වසර විස්සකට පසු සොයාගත් බව ඕස්ට්‍රේලියා පොලීසිය පවසයි. සවන්තා හැරිස් ටොඩ් ඇමෙරිකාවේ අතුරුදන්වූවන්ගේ ලේඛණයේ වසර 19 ක් ම නම සදහන් වූ දැරියකි.
1994 වර්ෂයේදී ඇමෙරිකාවේ සවුත් කැරොලිනාහි දී ඇය අතුරුදන් වූ බව ඇගේ පියා පොලීසියට පැමිණිලි කැර තිබිණි. බෙන්ජමින් හැරිස් ටොඩ් නමැති පියා තම දියණිය සොයා දශක දෙකක කාලයක් දැරූ වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස ඇය සොයා ගැනීමට හැකිවූ බව ඕස්ට්‍රේලියා පොලීසිය කියයි. දැරිය සිටින ස්ථානය ගැන පොලීසියට පවසා ඇත්තේ පියා විසිනි.
මේ දැරියගේ මව ඩොරති ලී බානෙට් ප්‍රධාන සැකකාරියයි. මව මානසික ආබාධයකින් පෙලෙන බව අධිකරණය ලබාදුන් තීන්දුවකින් පසු සවන්තා හැරිස් දැරිය ඇගේ පියා වූ බෙන්ජමින්ගේ භාරයට පත්කැරිණි. ඩොරති දියණියට උපත ලබා දීමටත් පෙර මේ යුවල වෙන්ව සිටියහ. අධිකරණයේ තින්දුවෙන් පසු දැරිය බෙන්ජමින්ගේ මව භාරයේ සිටියදී ඩොරති විසින් 1994 අප්‍රේල් මස 22 දා දැරිය පැහැරගත් බව බෙන්ජමින් පොලීසියට පැමිණිලි කැර තිබිණි.
එදා පටන් පොලීසිය හා බෙන්ජමින් දැරිය සොයා වෙහෙසුණ ද ප්‍රතිඵලයක් අත්වූයේ නැත. වසර 19 ට පමණ පසු ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය ඩොරති හා ඇගේ විසි හැවිරිදි දියණිය ක්වින්සිලනඩ් හි කෝට් වලදී අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත්වන විට ඩොරති විවිධ නම්වලින් අවස්ථා කිහිපයක දී පෙනී සිටි බව ද පොලීසිය කියයි.
ඕස්ට්‍රේලියාවේ වාර්තා අනුව සවන්තා දැනට ක්වින්ලන්ඩ් සරසවියේ හෙදියක ලෙස පුහුණු වෙමින් සිටියි. පොලිසිය මේ දෙදෙනා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය කියා ඇත්තේ තම මවට දැඩි සේ ආදරය කරන බවයි. මේ මවත් දියණියත් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඩොරතිට සහය වීමට විශාල පිරිසක් උසාවිය ඉදිරිපිට රැස්ව සිටි බව ද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් පවසන්නේ ඩොරති සිය දියණිය වෙනුවෙන් ම කැපවූ චරිතවත් කාන්තාවක් බවයි. එමෙන් ම ඩොරතිගේ නීතීඥයන් උසාවියට කියා ඇත‍්තේ ද තම සේවාදායිකාව යළි පැනයාමට අදහස් නොකරන බවයි. ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කළ ඇය ආර්ථික අපහසුතා හේතුවෙන් තම දියණියට ඉගැන්වීමට සිය නිවස පවා උගසට තබා ඇතැයි නීතීඥයන් උසාවියට කරුණු දක්වා ඇත.
දැරිය පැහැරගත් ඩොරති මුළින්ම දකුණු අප්‍රිකාවට ගොස් ඇති බවත් එහිදී ජුවන් හෙල්ඩෙන්හවුස් නමැති අයකු හා 1995 දී විවාහ වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම විවාහයෙන් ඇය පුතකු වැදුවාය. ඔහු දැන් 17 වැනි වියේ පසුවෙයි. අප්‍රිකාවෙන් ඇය නවසීලන්තයට පැමිණියාය. නවසීලන්තයේ පුරවැසි බව ද ලබාගත් ඇය වසර පහකට පසු සිය දෙවැනි සැමියාගෙන් ද වෙන්වී ඇත. ඇගේ වෙන්වීමෙන් පසු ඔහු අස්ථි පිළිකාවකින් මියගියේය. ඕස්ට්‍රේලියා පොලීසිය පවසන්නේ ඩොරති ඇලෙක්සැන්ඩ්‍රා, මාරියා, කැන්වන් යන විවිධ නම්වලින් පෙනී සිට ඇති බවයි.
පසුගිය නොවැම්බර් 04 දින අත්අඩංගුවට ගැනුණු ඩොරති ජාත්‍යන්තර මව්පිය පැහැර ගැනීමට චෝදනා ලැබ සිටින කතකි. ඇය ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතය හා වැරදි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින්නීය. මේ චෝදනා වලට පිළිතුරු දීම සදහා ඇයට ඇමෙරිකාවේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. ඇය ඉදිරි දිනක ඇමෙරිකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියා බලධාරීන් කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් කතාවක් නෙවෙයි ටිකක් පරණ එකක්. (නදී)
ඒ තමයි අම්මාගේ ආදරය (නි)
ජයතිලක, මේ සිද්ධියේදී ඔයාට ඇති වූ හැඟීම ගැන පුදුමයි (නි)
ඕස්ට්‍රේලියාවේ මුදල් අවශ්‍ය නම් තමන්ගේ නිවස විකුණනවා හැරෙන්නට, නිවස උගසට තබා මුදල් ගැනීමට නොහැකිය. ලංකාවේ මෙන් උගසට ගන්න කෙනෙක් නැත. (නි)
අඹු සැමි ආරාවුල් හරිම සංකීර්ණ ප්‍රශ්න මොනවද කියල හිත ගන්න බැහැ.(අ)
අපි මෙහි යථාර්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)
තාත්තා කෙනෙකුටත් අම්ම කෙනෙකුටත් දරුවෙකුට තියන අය්තිය එක සමානයි මේ තාත්තා තමුන්ගේ දරුවා නැතුව කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද (අ)
අපි මවකගේ ආදරය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි (නි)