ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර වැළලී සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරාගැනීමට සිරියාවේ ඇලෙප්පෝහි වැසියෝ පිරිසක් සමත්වූහ.
සම්පූර්ණයෙන්ම පාහේ වැළලී සිටි මේ දරුවාට සීරීමක තරමේවත් හානියක් සිදුව නොමැති ඇති බව සදහන්ය.
අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝවක දැක්වෙන පරිදි පුරා විනාඩි 8 ක පමණ කාලයක් පොළව හාරමින් සුන්බුන් ඉවත් කරන ඔවුහු අවසානයේ කුඩා දරුවා පිටතට ගැනීමට සමත් වන්නොය.
දරුවා ජීවත් වන බව දැක ඔවුහු ප්‍රීතියෙන් ජයගොස නගනුද වීඩියෝවේ දැක්වේ.
සිරියාවේ ගැටුම් වල ප්‍රධාන පාර්ශවයන් දෙක වන සිරියා ජනපති බෂීර් අල් අසාද් හා සිරියා විපක්ෂය අතර ගැටුම් නතර කිරීමේ අරමුණින් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතේ හැටියට වැඩ කරාම වෙන විනාස තමයි. පොඩි දරුවා පව්.(නදී)
අනේ දෙවියනේ (දිල්)
මොනවා වුණත් කරදරයක් නොවුණ එකම වාසනාවක්. (නි)
අනේ වාසනාවන්! (නි)
වාසනාවන්ත දරුවෙක්.(නදී)
මේ දේවල් ඇමරිකාවට පෙනෙන්නේ නැද්ද? (නදී)
වසන්වන්ත දරුවා. ගලේ ගැහුවත් මැරෙන්නේ , බුදු සරණි (අ)
පෙර ආත්මයේ පව් තමයි.(නදී)