IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තලේබාන්වරුනට අන්තිම අවස්ථාව දෙයි

සාකච්ඡා මේසයට පැමිණීම සදහා තලේබාන් සංවිධානයට අවසන් එක් අවසථාවක් ලබා දීමට පකිස්තාන රජය තීරණය කර තිබේ.

පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් පසුගියදා පකිස්තාන පාර්ලිමෙන්තුවේදී මේ බව ප්‍රකාශයට පත් කළ අතර අතීතයේ සිදුවූ දෑ අමතක කර කෙසේහෝ සාමය දිනා ගැනීම පකිස්තානයේ අභිලාශය යැයිද කෙසේවුවත් සාකච්ඡා මේසයට පැමිණීමට තලේබාන් සංවිධානය අපෙක්ෂාකරන්නේ නම් ඔවුන් ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල කිරීම් නවතා දැමිය යුතුව ඇතැයි ද ඔහු පැවසීය

අගමැතිවරයාගේ මෙම ආරාධනය තලේබාන් සංවිධානයද පිළිගෙන තිඛෙන අතර සංවිධානයේ මෙහෙයුම් කවුන්සිලය හා හමුවක් පවත්වා සාකච්ඡා මේසයට පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශක ෂහිදුල්ලාහ් ෂහීඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

අගමැති නවාස් ෂෙරීෆ්ගේ විශ්වාසය වනුයේ තලේබාන් සංවිධානය හා පකිස්තානය අතර ගැටුම් වැළැක්වීමට හොදම විසදුම සාකච්ඡා මේසය බවයි.ඉක්මනින්ම ගැටුම් අවසන් කර පකිස්තානයේ ආර්ථීකය නගා සිටුවීමේ වැඩපිළිවෙළ කිරීමේ අපෙක්ෂාවෙන් හේ සිටී.

නමුත් තලේබාන් සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ අගමැතිවරයාගේ අපේක්ෂා  සිහිනයක් වනු ඇත්දැයි සැකය.දිනෙන් දින ඉහළ යන ප්‍රහාරයන් හමුවේ දරුවන් හා සිවිල් වැසියන් මරු දකින්නේත්,ගොඩනැගිලි හා දේපළ විනාශ වන්නේත් සිය ගණනිනි.

පකිස්තාන හමුදාව තලේබාන් සංවිධාන මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව සිටියත් අගමැතිවරයාගේ සාමකාමිී පිළිවෙත ඔවුනට බාධකයකි.මෙනිසා හමුදා බළකායන්ද සැළකිය යුතු කරමේ පීඩනයකින සිටින බව සදහන්ය.

හමුදාවේ මෙන්ම පකිස්තාන සිවිල් වැසියන් ඇතුලූ බහුතර දේශපාලඥයින්ගේ මතය වන්නේ තලේබාන් සංවිධානය සහමුලින්ම පොළවෙන් අතුගා දැමිය යුතු බවයි.ත්‍රස්ත සංවිධානයක් හා සාකච්ඡා පැවැත්වීමේ ඵලක් ඔවුන් නොදකි.

අනෙක් පසින් පකිස්තානයේ පොදුජනමතය කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි හිටපු කි්‍රකට් කී්‍රඩක ඉම්රාන් ඛාන් වැනි පුද්ගලයින් පිරිසක් විශ්වාස කරන්නේ ගැටුම් වලට විසදුම තවත් ලේ වැගිරීම් නොව සාකච්ඡා බවයි.මෙනිසා ඔවුන් අගමැති නවාස් ෂෙරීෆ්ගේ තීරණයට සහය පළ කර ඇත.

සාකච්ඡා ආරම්භ කිරීමට සතර දෙනෙකුගෙන් යුක්ත වන කමිටුවක් පත් කිරීමට නියමිතය.කමිටුවට මුහුණදීමට සිදු වනු ඇති විශාලතම අභියෝගය වනු ඇත්තේ සාකච්ඡාවන්ට ප්‍රථම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම බව විචාරකයින්ගේ අදහසයි.

 



අදහස් (0)

තලේබාන්වරුනට අන්තිම අවස්ථාව දෙයි

සේරම් Thursday, 06 February 2014 05:30 PM

මූලධර්ම වාදීන් ලෝකයේ සිටිය යුතු නැත කියන ශ්‍රේෂ්ඨ මතයේ සිටින ඇමෙරිකාව අති විශිස්ටයි. (නදී)

:       0       0

ධම්ම Monday, 03 February 2014 11:38 PM

තලේබාන්වරු අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැහැ ඇමෙරිකාව වගේ. එයාලා තමන්ගේ රට බේරා ගන්නයි සටන් වදින්නේ. සෝවියට් රුසියාව මොවුන් සමග අවුරුදු දහයක් සටන් කරලා සටන අත හැරියා. බුරුවා පිටේ යමින් ඔවුන් දැන් ඇමරිකාව සමග අවුරුදු ගණනක් සටන් කරනවා. දැන් ඇමෙරිකාව ලෑස්ති පකිස්තානයට හිසරදය බාර දීලා බළලුන් ලවා කොස් ඇට බාවන්න.(දිල්)

:       0       0

මදු ..ප්‍රන්සය Saturday, 08 February 2014 05:16 PM

ඔබට ජය ! (දිල්)

:       0       0

ධම්ම Friday, 07 February 2014 01:15 PM

සේරම්ට නැට්ට පෑගිලා. මේ සේරම්ගේ මතය මිස ඇමෙරිකාවේ මතය නොවේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site