සාකච්ඡා මේසයට පැමිණීම සදහා තලේබාන් සංවිධානයට අවසන් එක් අවසථාවක් ලබා දීමට පකිස්තාන රජය තීරණය කර තිබේ.

පකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් පසුගියදා පකිස්තාන පාර්ලිමෙන්තුවේදී මේ බව ප්‍රකාශයට පත් කළ අතර අතීතයේ සිදුවූ දෑ අමතක කර කෙසේහෝ සාමය දිනා ගැනීම පකිස්තානයේ අභිලාශය යැයිද කෙසේවුවත් සාකච්ඡා මේසයට පැමිණීමට තලේබාන් සංවිධානය අපෙක්ෂාකරන්නේ නම් ඔවුන් ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල කිරීම් නවතා දැමිය යුතුව ඇතැයි ද ඔහු පැවසීය

අගමැතිවරයාගේ මෙම ආරාධනය තලේබාන් සංවිධානයද පිළිගෙන තිඛෙන අතර සංවිධානයේ මෙහෙයුම් කවුන්සිලය හා හමුවක් පවත්වා සාකච්ඡා මේසයට පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශක ෂහිදුල්ලාහ් ෂහීඩ් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

අගමැති නවාස් ෂෙරීෆ්ගේ විශ්වාසය වනුයේ තලේබාන් සංවිධානය හා පකිස්තානය අතර ගැටුම් වැළැක්වීමට හොදම විසදුම සාකච්ඡා මේසය බවයි.ඉක්මනින්ම ගැටුම් අවසන් කර පකිස්තානයේ ආර්ථීකය නගා සිටුවීමේ වැඩපිළිවෙළ කිරීමේ අපෙක්ෂාවෙන් හේ සිටී.

නමුත් තලේබාන් සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ අගමැතිවරයාගේ අපේක්ෂා  සිහිනයක් වනු ඇත්දැයි සැකය.දිනෙන් දින ඉහළ යන ප්‍රහාරයන් හමුවේ දරුවන් හා සිවිල් වැසියන් මරු දකින්නේත්,ගොඩනැගිලි හා දේපළ විනාශ වන්නේත් සිය ගණනිනි.

පකිස්තාන හමුදාව තලේබාන් සංවිධාන මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව සිටියත් අගමැතිවරයාගේ සාමකාමිී පිළිවෙත ඔවුනට බාධකයකි.මෙනිසා හමුදා බළකායන්ද සැළකිය යුතු කරමේ පීඩනයකින සිටින බව සදහන්ය.

හමුදාවේ මෙන්ම පකිස්තාන සිවිල් වැසියන් ඇතුලූ බහුතර දේශපාලඥයින්ගේ මතය වන්නේ තලේබාන් සංවිධානය සහමුලින්ම පොළවෙන් අතුගා දැමිය යුතු බවයි.ත්‍රස්ත සංවිධානයක් හා සාකච්ඡා පැවැත්වීමේ ඵලක් ඔවුන් නොදකි.

අනෙක් පසින් පකිස්තානයේ පොදුජනමතය කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි හිටපු කි්‍රකට් කී්‍රඩක ඉම්රාන් ඛාන් වැනි පුද්ගලයින් පිරිසක් විශ්වාස කරන්නේ ගැටුම් වලට විසදුම තවත් ලේ වැගිරීම් නොව සාකච්ඡා බවයි.මෙනිසා ඔවුන් අගමැති නවාස් ෂෙරීෆ්ගේ තීරණයට සහය පළ කර ඇත.

සාකච්ඡා ආරම්භ කිරීමට සතර දෙනෙකුගෙන් යුක්ත වන කමිටුවක් පත් කිරීමට නියමිතය.කමිටුවට මුහුණදීමට සිදු වනු ඇති විශාලතම අභියෝගය වනු ඇත්තේ සාකච්ඡාවන්ට ප්‍රථම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම බව විචාරකයින්ගේ අදහසයි.