
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය.
වෙඩි තැබීම කර ඇත්තේ සේවයෙන් නෙපරා දැමුණු පොලිස් නිලධාරියකු බවත් වෙඩි තැබීමෙන් පසු පලා ගිය පසුව වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය කියයි. මෙම නිලධාරියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට වරදකරුවකු වූ අයෙකු බව ද පැවැසෙයි.
එම පොලිස් නිලධාරියා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
තායිලන්තයේ මේ අයුරින් වෙඩි තැබීම් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මීට පෙර, එරට මෙලෙස වෙඩි තැබීමක් සිදුවූයේ 2020 දීය. එම අවස්ථාවේදී 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 57 කි. එම වෙඩි තැබීම ස්ථාන හතරකදී සිදුවිය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්