
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24) තීරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය මෙසේ අත්හිටු වූයේ ධුර කාලය පිළිබඳ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කරමිණි.
හිටපු හමුදා ජනරාල්වරයකු ද වන ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුරය තාවකාලික අත්හිටුවීමෙන් පසු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ප්‍රවිත් වොන්ග් සුවන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි අරඹනු ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ.
2014 වසරේ තායිලන්ත හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා ය. එම කාලයේ තායිලන්ත දේශපාලනයේ පැවැති අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාව මෙහෙයවා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේය. ඒ, කිසිදු ලේ වැගිරීමකින් තොරවය.
ඉන්පසු පිහිටුවූ හමුදා ජුන්ටාවේ ප්‍රධානියා ලෙස ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා වසර 5 ක් කටයුතු කළේය. කෙසේ නමුත් 2019 දී ඔහු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගත්තේය.
හමුදාපති ධුරයෙන් ඉවත් වූ ප්‍රයුත් චාන්-ඕ-චා, සිවිල් වැසියකු ලෙස හමුදාවට හිතවත් දේශපාලන කණ්ඩායම් එක් කර ගනිමින් ඊට ඉදිරිපත් වී ජය ගත්තේය. සිවිල් අග්‍රාමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ප්‍රයුත් චාන්-ඕ-චා රාජකාරි ආරම්භ කළේ 2019 ජූලි මාසයේය.
තායිලන්ත ව්‍යවස්ථාවට අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය වසර 8 කි. ප්‍රයුත් චාන්-ඕ-චා හමුදාපති ලෙසත්, සිවිල් වැසියකු ලෙසත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ බැවින් ඔහුගේ ධුර කාලය අද (24) අවසන් වන බව තායිලන්ත විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම පෙන්වා දී තිබුණි.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. ඒ අනුව, ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට අධිකරණය තීරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, පෙත්සම විභාග කිරීමට නියමිතව ඇති අතර, මිලිටරි ජුන්ටාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය, සිවිල් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධුර කාලයට
එකතු කළ නොහැකි බවට තීන්දු කළහොත් ප්‍රයුත් චාන්-ඕ-චා ට දිගටම අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට හැකි වනු ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්ත අගමැතිගේ ධුරය අත්හිටුවයි
Dasa P Wednesday, 24 August 2022 04:55 PM
ගෝ හෝම් ලෙඩේ එහෙටත් බෝ කළාට ස්තුතියි සර්...
ganegoda Thursday, 25 August 2022 02:28 PM
මේ ගෝඨගේ යාලුවෙක් නේද?