IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෑගි දීමත් නරක හිටී

තෑගි බෝග සහ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීමෙන් ළමයින්ට තමා පිළිබද හැගීම් අඩුවී ඔවුන් අභියෝග ජයගත නොහැකි කම්මැලියන් බවට පත්වන බව බ්‍රිතාන්‍යය, ඕලන්ද හා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල එක්ව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

වැඩිහිටියන් ළමයින් ප්‍රශංසාවට ලක්කිරීම අව්‍යාජ වන අතරම බියගුළු ළමයින්ට වැඩිපුර ප්‍රශංසා කිරීම හානිදායක බව මේ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. අවුරුදු අ‍ටත් 12ත් අතර පිරිමි හා ගැහැනු ළමයින් මේ සමීක්ෂණය සදහා සහභාගී කැරගෙන ඇත. එහිදී ඔවුන්ට ආත්ම විශ්වාසයේ අගය දැ‍ක්වෙන ප්‍රශ්න යොමු කළ බව පර්යේෂකයෝ කියති.

මේ ළමයින් අතරින් ආත්ම විශ්වාසයක් නැති ළමයින් නිරන්තර තෑගි හා අනවශ්‍ය දෑ ලැබුණු අය ලෙස හදුනාගෙන තිබේ. සාමාන්‍ය ඇගයීමට භාජනය වූ හා තෑගි බෝග ‍වැඩිපුර නොලැබූ දරුවන් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තවූවන් බව තහවුරු වී ඇත.

පර්යේෂණයේ ප්‍රධානියා වූ මහාචාර්ය එඩී බ්‍රැම්මෙල්මන් පවසන්නේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ලෝකය පුරා වැඩිහිටියන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි.



අදහස් (0)

තෑගි දීමත් නරක හිටී

සෑම් Tuesday, 07 January 2014 05:28 AM

ඉල්ලන ඉල්ලන දේවල් අරන්දීලා ළමයි නරක කරන්න එපා කියන එක අපේ දෙමව්පියෝ දැනගත්තේ ඔය කියන පර්යේෂණ වලට කලින්.(නදී)

:       0       0

මහින්ද Tuesday, 07 January 2014 05:44 AM

ඒ කතාව ඇත්තක්, මෙතෙක් ලොව බිහිවු මුල් පෙළේ නායකයින්, නිර්මාණ කරුවන්, දාර්ශනිකයන් හා ධනපතියන්ගේ ජීවිත කතා අධ්‍යයනය කිරීමේදී කුඩා කාලයේ දී ඔවුන් වෙත අනෙකුත් පුද්ගලයින් විසින් එතරම් සැලකිල්ලක් නොදැක්වූවෝ වෙති.(නදී)

:       0       0

නාලක Tuesday, 07 January 2014 08:42 AM

ඕකනේ අර පන්තියේ ඩෙස් එකේ ලියල තිබ්බේ.... බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලිනි කියලා.(නදී)

:       0       0

ගොඩකවෙල අසංක Wednesday, 08 January 2014 09:20 AM

ඕකට අමුතුවෙන් පරීක්ෂන කරන්න ඕන නැහැ. තමන් ජීවත්වෙන වටපිටාව ගැන බලපුවහම දැනගන්න පුලුවන්.(නදී)

:       0       0

බංඩා Tuesday, 07 January 2014 10:14 AM

මෙවැනි සුභවාදී තොරතුරු ඔබලාගේ පුවත්පතට එක්කිරීම නිසා මම මෙම පුවත්පත බලන්න පෙලඹී තිබෙනවා.(නදී)

:       0       0

අරුණ Tuesday, 07 January 2014 11:00 AM

සහතික ඇත්ත කරුණු තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 07 January 2014 12:51 PM

එකනේ අම්මලා කියන්නේ දකින දකින දේ ඉල්ලන්න පුරුදු වෙන්න එපා කියලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site