තෑගි බෝග සහ ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීමෙන් ළමයින්ට තමා පිළිබද හැගීම් අඩුවී ඔවුන් අභියෝග ජයගත නොහැකි කම්මැලියන් බවට පත්වන බව බ්‍රිතාන්‍යය, ඕලන්ද හා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල එක්ව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.
වැඩිහිටියන් ළමයින් ප්‍රශංසාවට ලක්කිරීම අව්‍යාජ වන අතරම බියගුළු ළමයින්ට වැඩිපුර ප්‍රශංසා කිරීම හානිදායක බව මේ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ. අවුරුදු අටත් 12ත් අතර පිරිමි හා ගැහැනු ළමයින් මේ සමීක්ෂණය සදහා සහභාගී කැරගෙන ඇත. එහිදී ඔවුන්ට ආත්ම විශ්වාසයේ අගය දැක්වෙන ප්‍රශ්න යොමු කළ බව පර්යේෂකයෝ කියති.
මේ ළමයින් අතරින් ආත්ම විශ්වාසයක් නැති ළමයින් නිරන්තර තෑගි හා අනවශ්‍ය දෑ ලැබුණු අය ලෙස හදුනාගෙන තිබේ. සාමාන්‍ය ඇගයීමට භාජනය වූ හා තෑගි බෝග වැඩිපුර නොලැබූ දරුවන් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තවූවන් බව තහවුරු වී ඇත.
පර්යේෂණයේ ප්‍රධානියා වූ මහාචාර්ය එඩී බ්‍රැම්මෙල්මන් පවසන්නේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ලෝකය පුරා වැඩිහිටියන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන ඉල්ලන දේවල් අරන්දීලා ළමයි නරක කරන්න එපා කියන එක අපේ දෙමව්පියෝ දැනගත්තේ ඔය කියන පර්යේෂණ වලට කලින්.(නදී)
ඒ කතාව ඇත්තක්, මෙතෙක් ලොව බිහිවු මුල් පෙළේ නායකයින්, නිර්මාණ කරුවන්, දාර්ශනිකයන් හා ධනපතියන්ගේ ජීවිත කතා අධ්‍යයනය කිරීමේදී කුඩා කාලයේ දී ඔවුන් වෙත අනෙකුත් පුද්ගලයින් විසින් එතරම් සැලකිල්ලක් නොදැක්වූවෝ වෙති.(නදී)
ඕකනේ අර පන්තියේ ඩෙස් එකේ ලියල තිබ්බේ.... බුද්ධිමතුන් බිහිවන්නේ පිටුපස පේලි වලිනි කියලා.(නදී)
ඕකට අමුතුවෙන් පරීක්ෂන කරන්න ඕන නැහැ. තමන් ජීවත්වෙන වටපිටාව ගැන බලපුවහම දැනගන්න පුලුවන්.(නදී)
මෙවැනි සුභවාදී තොරතුරු ඔබලාගේ පුවත්පතට එක්කිරීම නිසා මම මෙම පුවත්පත බලන්න පෙලඹී තිබෙනවා.(නදී)
සහතික ඇත්ත කරුණු තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.(නදී)
එකනේ අම්මලා කියන්නේ දකින දකින දේ ඉල්ලන්න පුරුදු වෙන්න එපා කියලා (දී)