චිත්‍රපට හා විද්‍යා ප්‍රබන්ධ වල පමණක් මෙතෙක් දැක ගත හැකිවූ අදිසි කබා, අදිසි ඇදුම් පැළදුම් හා භාණ්ඩ ආදිය සැබෑවටම නිපදවිය හැකි අමුද්‍රව්‍යයක් සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
භෞතික යැයි අප සළකන දේ අපට පෙනෙන්නේ ඒවායේ ආලෝකය ගැටී පරාවර්තනය වීම නිසාය.
මේ කරුණ සැළැකිල්ලට ගෙන ඇති පර්යේෂක පිරිස කර ඇත්තේ ආලෝකය පරාවර්තනය නොකර එය වෙනස්ම විදියකට හැසිරවිය හැකි අමුද්‍රව්‍යයක් නිපදවිය හැකිදැයි සොයාබැලීමයි.
මේ සදහා ඔවුන් කර ඇත්තේ නැනෝ අංශු තරමේ රත්‍රන් ගෝල දම්වැලක් පරිදි එකිනෙක හා සම්බන්ධ කර පසුව මෙම දම්වැල් එකිනෙක මත තබා ස්ථරයක් සාදා ගැනීමයි.
පසුව මෙම ස්ථරය මතට ආලෝකය පතනය කර බැලු කල්හි පර්යේෂකයින්ට හඳුනාගත හැකිව ඇත්තේ එම ස්ථරයෙන් සාමාන්‍ය පරිදි ආලෝකය පරාවර්තනය වීමක් සිදුනොවන බවයි.එය ආලෝක කිරණ ‘වටේ යැවීමක්‘ සිදුකරන බව කියනා ඔවුන් මෙම සංසිද්ධිය නිසාවෙන් එම ස්ථරය මිනිස් ඇසට හොඳීන් නොපෙනන බව පවසයි.
මෙසේ ආලෝකය වෙනස්ම ආකාරයට හසුරුවන අමුද්‍රව්‍යයන් වන ‘මෙටා මැටීරියල්ස්‘ ගැන අතීතයේ සිටම විද්‍යාඥයින් විවිධ මත ඉදිරිපත් කළද එය ප්‍රායෝගිකව අත්හදා බලා ඇති ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි.
මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇති බව පවසන පර්යේෂකයින් ඒ කෙසේ වුවත් මෙහිදී ලත් ප්‍රතිඵලය අනාගතයේ නව නිපැයුම් රාශියකට අඩිතාලම වනු ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරිම වැඩක්. (නි)